ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල සුළු පරිමාණ ගොවීන්ට අත්වැලක් වීමේ පියවරක් වශයෙන් මැලිබන් සමාගමේ ජනප්‍රියම නිෂ්පාදනයක් වන ‘මැලිබන් ඉඟුරු’ බිස්කට් සඳහා 100%ක් දේශීය ඉඟුරු පමණක් යොදාගැනීමට මැලිබන් සමාගම කටයුතු කර තිබේ. දේශීය කෘෂිකර්මාන්තය නැංවීම සඳහා මැලිබන් සමාගම දැනටමත් මෙවැනි පියවර රාශියක් ගෙන ඇත.
මැලිබන් ඉඟුරු සඳහා 100%ක් දේශීය ඉඟුරු යොදාගැනීම යනු මැලිබන් සමාගම විසින් 2019 වසරේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. මෙරට හොඳම මට්ටමේ ඉඟුරු වගාකිරීමේ හැකියාව සහිත ගොවීන් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදී ඔවුන් දිරිගැන්වීමට සමාගම කටයුතු කළේය. මේ සඳහා මුද්දරගම, දිවුලපිටිය, පල්ලෙවෙල, මීරිගම, නාරම්මල සහ ගිරිඋල්ල යන ප්‍රදේශ තෝරාගැනිණි.
මැලිබන් ඉඟුරු සම්බන්ධයෙන් පාරිභෝගික තෘප්තිය මේ වනවිට අන් කවරදාටත් වඩා ඉහළ මට්ටමක පැවතීම, මෙම ව්‍යාපෘතිය දැනටමත් අතිශයින් සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියකි. අනෙකුත් ඉඟුරු වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය ඉඟුරුවල රසය වැඩි නිසාම ඒවා ‘මැලිබන් ඉඟුරු’ සඳහා අතිශයින් සුදුසු බව තහවුරු වී තිබේ. මෙම ව්‍යාපෘතිය ඉඟුරු වගා කරන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් උසස් මට්ටමකට ගෙන එමින් දේශීය අමුද්‍රව්‍ය භාවිතය දිරිමත් කර දේශීය ගොවීන් නගාසිටුවීම සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට සමගාමී පියවරක්ද වේ.











