ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළෙඳපොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි. අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහIntelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළෙඳපොළට පැමිණෙන FreeBuds 3i” Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම උපාංගයක් ලෙස හැඳින්විය හැකිය.
දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී බෝහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින බාහිර ශබ්ද අවම කිරීමේ ගැටලුවට කදිම පිළියම් සපයමින් Huawei FreeBuds 3i වෙත ද්විත්ව සහ ත්‍රිත්ව මයික්‍රෆෝන් ශබ්ද අවම කිරීමේ විශේෂාංගය ඇතුළත් කර ඇති අතර ඒ හරහා 32dB දක්වා බාහිර ශබ්ද අවම කිරීමට හැකියාව පවතී. වෙනත් තරගකාරී නිෂ්පාදන හා සැසඳීමේදී මෙය ඉතා ඉහළ බාහිර ශබ්ද අවම කිරීමේ අගයකි. මේ හරහා පරිශීලකයාට වඩාත් පැහැදිලි ලෙස ඇමතුම් ලබා ගැනීමේ ඉඩකඩ හිමිවේ.











