2020 අගෝස්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ජයලාල් හේවාවසම් මහතා පත්කළ බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කරන ලදී. මෙය මෙරට ජීවිත රක්ෂණ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් අලියාන්ස්හි කැපවීමේ තවත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය.
බොහෝ අංශයන්හි උපාය මාර්ගික නායකත්ව හා විකුණුම් කළමනාකරණය පිළිබඳ දශක දෙකකට අධික අත්දැකීම්වලින් පිරිපුන් ජයලාල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයෙකි. එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සාමාජිකයකු වන ඔහු වරලත් රක්ෂණකරුවකුද වේ. එකසත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේද සාමාජිකයකු වන ජයලාල් මහතා වරලත් අලෙවිකරුවකු ලෙසද කටයුතු කරනු ලබයි.
අලියාන්ස් ලයිෆ්හි තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමින්, ගෝලීය වශයෙන් අලියාන්ස් විසින් ක්‍රියාත්මක කරනු ලබන ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ්හි ව්‍යුහය නව්‍යකරණයට ලක් කිරීම වෙනුවෙන් දරනු ලබන උත්සාහයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් කටයුතු කරනු ලබනවා ඇත.











