• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෙබළුන් කොටි කටට ගොස් සටන් කරපු සතුරු යාත්‍රා රැසක් මුහුදු පතුලේ ගිල්ලපු වීරයාත් ජගතාත් සමුගනී

October 31, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සෙබළුන් කොටි කටට  ගොස් සටන් කරපු සතුරු යාත්‍රා රැසක්  මුහුදු පතුලේ ගිල්ලපු වීරයාත් ජගතාත් සමුගනී
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තිස්වසරක් පුරාවටම පැවති යුද්ධය අපිට අමතක නැත. එහි මතකයන් අදටත් අපේ සිත් තුළ දෝංකාර දෙන්නේ යළිත් නම් එවන් යුද්ධයක් අප රට තුළ ඇති නොවේවා යන උතුම් පින්කාර හැඟීමත් සමඟිනි. එදා අපේ රට එවන් බිහිසුනු කුරිරු යුද්ධයකින් බේරාගත්තේ රණවිරුවන්ය. ඔවුන්ට රටක් ලෙස අපි තවමත් ණයගැතිය. එම ණය ගෙවාදැමීමට නම් අපට තව ආත්ම ගණනක් මැරි මැරී ඉපදුනද ගෙවා දැමිය නොහැකිය. ඔවුන් ඔවුන්ගේ තිබූ ලේ ඇට මස් නහර පමණක් නොව මුළු ජීවිතයම පවා මේ රට වෙනුවෙන් පූජා කළ අයුරු තවමත් අපේ මතකයේ තිබේ.

මේ බිහිසුනු යුද්ධයෙන් අපේ රට බේරාගත් වීරෝදාර රණවිරුවන්ට අමතරව තවත් විශේෂ පිරිසක් සිටියි. එම පිරිස ගැන අපේ රටේ මාධ්‍ය කතාකරන්නේ අඩුවෙනි. එහෙත් වගකිව යුතු මුද්‍රිත මාධ්‍යයක් ලෙසට අපි අද ඔවුන් ගැනද කතා කිරීමට සිතුවෙමු. ඔවුන්ට පණ නැත. හුස්ම ගන්නේද නැත. ඒ වගේම කතාබහ කිරීමටද නොහැකිය. එහෙත් අපට නිදහස් නිවහල් රටක් උදාකරදීම වෙනුවෙන් ඔවුන් දුන් දායකත්වය සුළුපටුද නැත. විටෙක කොටි කටට ගොස් පවා දිවිබේරාගෙන ආ ඔවුන්ව අද අපි සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙනි. සැබෑ ලෙසම අප මේ කියන්නේ රණවිරුවන් තරමටම ඇගයිය යුතු පිරිසක් ගැනය. ඒ නාවික හමුදාවට අයත් නාවික නෞකාය. ඒ නැත්නම් සරලවම කිවහොත් නාවික හමුදාවට අයත් නැව්ය. අප අද මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමට සිතුවේ පසුගියදා වීරෝදාර නාවික නෞකා දෙකක් වූ “වීරයා” සහ “ජගතා” නාවික හමුදාවෙන් විශ්‍රාම යැවූ නිසාය. ඒ අනුව අපේ අද කතාව එම නාවික නෞකා දෙක ගැනය. එය අපූර්ව කතාවකි.

පසුගිය ඔක්තෝබර් 12 වෙනිදා යනු ත්‍රිකුණාමලය පිහිටි නැඟෙනහිර නාවික හමුදා ආඥපති මූලස්ථානය ඇතුළු සමස්ත නාවික හමුදා ඉතිහාසයටම අමතක කළ නොහැකි දිනයක් විය. ඒ මුලින් පැවසූ ආකාරයට වසර හතළිහකට ආසන්න කාලයක් හෙවත් දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සේවයේ යොදාවා තිබූ “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙක එම සේවයෙන් ඉවත් කිරීමයි. එසේ නැත්නම් විශ්‍රාම යැවීමයි. ඒ අනුව අදාළ නෞකා දෙක නිෂ්පාදනයේ සිට අඩසිය වසකට වැඩිකලක් භාවිතා කිරීමෙන් පසු මේ වන විට කාර්යක්ෂම සහ ඵලදායි ලෙස යෙදවිය හැකි උපරිම කාලය සම්පූර්ණ කළ බැවින් “වීරයා” මෙන්ම “ජගතා” යන නාවික නෞකා දෙක අදාළ සේවයෙන් ඉවත් කළ බව නාවික හමුදාව පැවසීය.

වසර හතළිහකට අධික කාලයක් හෙවත් දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සේවයේ යොදාවා තිබූ “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙක එකම පවුලේ නෞකාවන් දෙකක් බව පැවසෙයි. ඒ අනුව මෙම නෞකා දෙකම 1961 වර්ෂයේදී චීනයේ හෙවත් චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනයකි. එපමණක් නොව විශේෂයෙන්ම මෙම “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙක මෙසේ විශ්‍රාම ලබනා විට සඳහන් වූයේ දකුණු ආසියාවේ නාවික හමුදාවක් සතුව දැනට තිබූ පැරණිතම මෙන්ම වයස්ගතම නෞකාවන් ද්විත්වය ලෙසිනි. මේ අතර මෙම නාවික නෞකා දෙකම වේග මුර යාත්‍රාය. විශාලත්වයෙන් මෙන්ම බරෙන්ද “වීරයා” සහ “ජගතා” යනු සමානකම් දක්වන ඉතාමත් විශාල නෞකාවන්ය. එසේම මෙම නෞකා දෙකෙහිම වරකදී රැගෙන යා හැකි සෙබළුන් ගණනද එක සමාන බව පැවසෙයි. ඊට අමතරව රේඩාර් වර්ග මෙන්ම ප්‍රධාන යන්ත්‍ර සහ අවි ගණනද එක සමානය. අප සොයාගත් තොරතුරුවලට අනුව යුද්ධය අධිකවම පැවති 1980 වසර පමණ වෙනවිට නාවික හමුදාව සතු ප්‍රධානතම නෞකා වූයේ මෙම වේග මුර යාත්‍රාය.ඒ අතරින් මෙම “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙකට හිමිවූයේද ප්‍රමුඛස්ථානයකි.

මෙම “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙකටම ඇත්තේ එසේ මෙසේ පොඩි ඉතිහාසයක් නොවේ. ඊට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. බොහෝ විට රජයේ රාජතාන්ත්‍රික සුහද සංචාර ධජ ප්‍රදර්ශනාත්මක කරන සංචාර සඳහාද මෙම “වීරයා” මෙන්ම “ජගතා” යන නෞකා ද්විත්වය ඉදිරිපත් වී තිබේ. ඒ අනුව මුලින්ම 1978 වර්ෂයේදී “වීරයා” නෞකාව මාලදිවයින බලා සංචාරය කළ අතර 1981 වර්ෂයේදී “ජගතා” නෞකාව මාලදිවයින බලා සංචාරය කර ඇත. මෙම නෞකාවන් දෙකෙන් එක් නාවික නෞකාවක් 1972 වර්ෂයේදිත් අනෙක් නෞකාව 1980 වර්ෂයේදිත් චීනයෙන් අපේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව අපගේ නාවික හමුදාව සඳහන් කරයි. එදා සිටම දශක හතරකට අධික කලක් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මූලික ආරක්ෂාව තහවුරු කළේ නාවික හමුදාවේ සෙබළුන් ප්‍රමුඛව එම නාවික නෞකාවන්ය. එය බොහෝදෙනෙක් නොදන්නා එහෙත් දැනගත යුතු කතාවකි.

වරක් යුද සමය තුළදී උතුරු ප්‍රදේශයේ ප්‍රධාන නාවික හමුදා කඳවුරක් වූ කරෙයිනගර්හි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට ත්‍රස්ත කොටි (LTTE) ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී ඊට සැපයුම් අඛණ්ඩව සැපයීම සඳහා නොබියව ඉදිරිපත් වූයේ “වීරයා” සහ “ජගතා” යන නෞකාවන් දෙකය. මුහුද මැදදී වීරයන් වෙන මෙම නෞකා දෙක අනන්තවත් ත්‍රස්ත ප්‍රහාරවලටද ලක්ව ඇති බව පැවසෙයි. එහෙත් දශක හතරක් පුරාවට උතුරේ මුහුද රැකගත් වීරයෝ වන්නේ මෙම වීරයා සහ ජගතාය.

මේ අතර මුහුදේ පමණක් නොව ගොඩබිම තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී පවා මෙම නෞකා ද්විත්වයෙන් ලැබුණු සහය අපමණය. බොහෝ වරක් ගොඩබිම මෙහෙයුම්වලදී නෞකා ද්විත්වයේ ඇති දිගු දුර තුවක්කු හරහා සතුරා වෙතට පහර දෙන්නට “වීරයා” සහ “ජගතා” සමත්විය. මේ අතර වරක් “ප්‍රයිඞ් ඔෆ් සවුත්” නෞකාවට එල්ල වූ අතිදැවැන්ත කොටි ප්‍රහාරයෙන් නෞකාව බේරාගත්තේ ජගතාය. එහිදී “ජගතා” සතුරු යාත්‍රා රැසක්ම මුහුදු පතුලේ ගිල්වමින් වීරෝදාර නාවික හමුදා සෙබළුන් දහසකට අධික වූ ප්‍රමාණයක් පමණ බේරාගත් බව සඳහන්ය. තවද අප සොයාගත් තොරතුරුවලට අනුව “වීරයා” හා “ජගතා” යන නෞකා ද්විත්වය පහත නාවික මෙහෙයුම් සඳහා දායක වී තිබේ.

1987 – ජෙලිෆිෂ් මෙහෙයුම
1990 – ඔපරේෂන් සී බි්‍රස් මෙහෙයුම
1991 – වාලම්පූරි මෙහෙයුම
1993 – පුනරීන් සංග්‍රාමය
1996 – රිවිරැස දෙක මෙහෙයුම

එහෙත් පසුගියදා මෙම නෞකා දෙක තවදුරටත් සේවයේ යොදාගැනීම අපහසු වූ නිසා ඒවා සේවයෙන් විශ්‍රාම ගැන්වූ බව නාවික හමුදාව පැවසීය. එසේම නෞකාවක් එම සේවයෙන් ඉවත්කිරීමේදී පවත්වන නාවික සම්ප්‍රදානුකූල උත්සවයද මෙම නෞකා දෙක වෙනුවෙන් පැවැත්වීය. එහිදී නාවික සම්ප්‍රදානුකූලව නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීමට යෝජිත වූ දිනට පෙර දින උදෑසන ධජ ආචාරයන් සමඟ අදාළ නෞකාවන්ගේ අධිකාරියට පත්කිරීමේ ධජයන් පහත හෙළා නෞකාවන්ගේ දිගට සමානවන ලෙස සකසන ලද අධිකාරියට පත්කිරීමේ ධජය සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජයන් ප්‍රධාන කුඹ ගසක් එසවීය.

පසුව ඔක්තෝබර් 12 වෙනිදා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නෞකා ද්විත්වයම අධිකාරිය තුළින් ඉවත්කිරීමේ උත්සවය පවත්වන්නට විය. පසුව එදින දහවල් මෙම නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් නෞකා දෙකෙහි නාවිකයින් සඳහා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර සවස සම්මාන මුර උත්තමාචාර මැද නෞකාවේ වූ ජාතික ධජය හා නාවික හමුදා ධජය ගෞරාන්විතව පහතට හෙළනු ලැබීය. අනතුරුව අධිකාරියෙන් ඉවත් කළ නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් නෞකා අධිකාරියෙන් ඉවත්කළ බවට නාවික හමුදාපතිට සම්ප්‍රදානුකූලව දැනුම් දෙනු ලැබූ අතර අවසානයේදී එසේ ඉවත්කරනු ලැබූ නෞකාවන්ගේ Paying of Pennant ධජය නෞකා මුළුවේ සාමාජිකයින්ට සමාන කොටස් ගානකට කපා වෙන්කොට සමරුවක් ලෙස පිරිනැමීය.

මේ අනුව වසර හතළිහකට ආසන්න කාලයක් හෙවත් දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අයත් වූ සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සේවයේ යොදාවා තිබූ “වීරයා” සහ “ජගතා” යන නෞකා දෙක එම සේවයෙන් ඉවත් විය. ඒ අනුව එම නෞකා ද්විත්වය යළිත් සාගර කලාපයෙහි දක්නට ලැබෙන්නේ නැත. කෙසේ වුවද වීරයාත් ජගතාත් යන සේවයෙන් විශ්‍රාම ගැන්වූ නෞකාවන් දෙක ඉදිරියේදී ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබේ. ඒ හරහා එය කිමිදුම්කරුවන්ට සංචාරක මධ්‍යස්ථානයක්ද වෙයි. තවද එය අපේ රටේ අනාගත සංචාරක කර්මාන්තයටද ප්‍රයෝජනයකි. මේ අනුව නුදුරු දිනෙක රට දැය වෙනුවෙන් අභීත මෙහෙවරක් කළ වීරයාත් ජගතාත් මුහුදු පතුලේ සැඟවයනු ඇත.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් තේ කර්මාන්ත සංකීර්ණයක් ඉදිකිරීම අරඹයි

Next Post

මුනුපුරාගේ පළමු උපන්දිනයට සීයා තැබූ පණිවුඩය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.