ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ඡඛක් සිය ප්‍රධාන කාර්යාලයීය ශාඛාව පසුගියදා අංක 168, නාවල පාර නුගේගොඩ යන ලිපිනයෙහි පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයීය ගොඩනැගිල්ලේ බිම් මහලෙහි දී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා එක්විය. පවත්නා කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්වලට අනුකූලව ඉතා චාම් ලෙස මෙම විවෘත කිරීම සිදුකිරීම විශේෂත්වයකි.
අභිනව ප්‍රධාන කාර්යාලයීය ශාඛාව සතියේ දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතින අතර ව්‍යාපාරික ණය, රන් ණය, කල්බදු සේවා ඇතුළුව HNB FINANCE සමාගම විසින් ලබාදෙන සියලුම මූල්‍ය සේවාවන් මෙහිදී ලබා ගත හැක. කිරුළපන ප්‍රදේශයේ පිහිටි නගර ශාඛාවට අමතරව අලුතින් ආරම්භ කෙරුණු නාවල ප්‍රධාන කාර්යාලයීය ශාඛාව මගින්ද සිය පාරිභෝගිකයින්ට තදබදයකින් තොරව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කඩිනම් මූල්‍ය සේවා පහසුකම් ලබා ගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. අභිනව ශාඛාව සමගින් සමාගම දීපව්‍යාප්තව ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 70ක් මගින් සිය සේවාවන් පාරිභෝගිකයින්ට ලබා දෙමින් සිටී.











