තවමත් අවසානයක් නොදකින කෝවිඞ් වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකයට හා ජන ජීවිතයට පෙර නොවූ විරූ බලපෑමක් එල්ල වූ අතර එයින් මුළුමනින්ම මිදෙන්නට කිසිදු රටකට හැකියාව ලැබී නැත. ඇතැම් රටවල් සාර්ථකව කෝවිඞ් වසංගතය පාලනය කළද අවදානමෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැත. කෝවිඞ් වසංගතය සමග නව සමාන්‍යයකට මුළු ලෝකයම පත් වූ අතර මෙම නව සාමාන්‍ය තුළ බොහෝ පිරිසකට සිය සමාන්‍ය ජීවිතය වෙත යළි පිවිසීමට අවස්ථාවක් ලැබී නොමැත. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල ජීවත් වන ජනතාව ලෙස අපේ සමාජයන්ට මෙහි බලපෑම දැඩිව දැනී ඇති බව අපගේ ආර්ථිකය නිරීක්ෂණය කරන විට පෙනී යයි. විශේෂයෙන්ම කෝවිඞ් වසංගතය හමුවේ රටවල් වසා දැමූ අවස්ථාවේ සිට මේ දක්වා මුහුණ දුන් දරුණු අත්දැකීම් හමුවේ දැඩි මානසික ආතතියකට පත් වූවන් සඳහා ජීවිතය යළි සකස් කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමට JW.ORG වෙබ් අඩවිය නිබඳව ක්‍රියා කළේය. මේ සඳහා වෙබ් අඩවියේ පිරිස ස්වේච්ඡාවෙන් ලොව පුරාම සිය සේවාවන් අඛණ්ඩව ලබා දුන් අතර ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය එලෙසම රඳවා තබා ගන්නට ඔවුන් සමත්විය.
මේ පිළිබඳව අදහස් දක්වන JW.ORG ශ්‍රී ලංකා ශාඛා කාර්යාල මාධ්‍ය කමිටු සාමාජික සුදත් ප්‍රනාන්දු මහතා “කෝවිඞ් වසංගතය හමුවේ ලෝකයේ විවිධ රටවල ජීවත් වන මිලියන සංඛ්‍යාත පිරිසක් දැඩි අසරණභාවයට පත් වූ අතර ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් බොහෝ දෙනෙකුට තිබුණේ නැහැ. නමුත් අපගේ විශ්වාසයන් සහ ඇදහීම පදනම් වෙමින් බිඳවැටුණු සිත් යළි පුබුදුවාලීමට ලොව පුරා වෙසන JW.ORG සාමාජික සහෝදර සහෝදරියන්ට හැකියාව ලැබුණා” යනුවෙන් පැවසීය.











