MAS සමූහය කවදත් එහි කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි. එහෙත් මේ අනපේක්ෂිත අභියෝග සහිත කාලසීමාවේදී, අප විසින් අනුගමනය කරන ලද සියලුම ආරක්ෂක ක්‍රමවේද හමුවේ පවා, අපගේ සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට (අධි අවදානම් කලාපවල පදිංචි) COVID-19 රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. එම නිසා, මෙම පුද්ගලයන් හා එම පුද්ගලයන්ගේ පවුල්වල අයට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත්, ඔවුන්ට හැකි ඉක්මනින් නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් සැපයීමටත් අපි මේ මොහොතේ කැපවී සිටින්නෙමු.
අපගේ සේවක සේවිකාවන් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජය හා සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී, අපගේ කර්මාන්තශාලා හා පරිශ්‍රයන් තුළ රජය විසින් නිර්දේශිත විධිවිධාන ක්‍රියාත්මක කර තිබේ.
වැරදි සහ අසත්‍ය තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා පවතින තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව නිරන්තර යාවත්කාලීන කිරීම් සිදුකිරීමට අප කටයුතු කරන අතර, රෝගය වැලඳී ඇති බවට හඳුනා ගන්නා ලද සහ රෝගයට නිරාවරණය වී ඇති පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.











