• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපේ හඬ ජාත්‍යන්තරයට ඇහිලා

October 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අපේ හඬ ජාත්‍යන්තරයට ඇහිලා
Share on WhatsAppShare on Facebook

සුනිල් කොස්තාගේ නවතම ටෙලි නිර්මාණය can you hear me මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මාධ්‍යයේ ජාතික රූපවාහිනිය හරහා විකාශනය වෙනවා. පසුගිය වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළිය ලෙස සම්මානය පාත්‍ර වූ මිචෙල් දිල්හාරා can you hear me ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවකට පණ පොවනවා. මේ මිචෙල් එක්ක අපි කළ කතාබහ.
කොහොමද can you hear me සඳහා ලැබෙන ප්‍රතිචාර?
තාම ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක් විතරයි විකාශනය වෙලා තියෙන්නේ. මේක ඇත්තටම වෙනස්ම තේමාවක් යටතේ කරපු වෙනස්ම වැඩක්. ඒ හින්දා විකාශනය වෙලා තියෙන්නේ කොටස් කිහිපයක් විතරක් වුණත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මේ වගේ නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබා දීපු එක ගැන නැවත වරක් මම සුනිල් කොස්තා මහත්මයාට ස්තුතිවන්ත වෙනවා.
can you hear me හරහා ශ්‍රී ලංකේය ටෙලි නාට්‍යයක් පළමුවරට ජාත්‍යන්තර තලය දක්වා ගෙන යෑමේ උත්සාහයකුත් අපි දැක්කා. ඒ ගැන පොඞ්ඩක් කතා කරමු?
ඔව්. can you hear me පැ ඉංග්‍රීසි උපසිරැසි සහිතව අන්තර්ජාලයට එක් කරනවා. එහෙම දෙයක් ලංකාවෙදි වෙන්නේ පළමු වරට. ඒ උත්සාහය ගොඩක් සාර්ථක බව දැනටමත් අපට දැනිලා තියෙනවා. මොකද මේ වෙද්දිත් ජපානය, ඉන්දියාව සහ බංගලාදේශය වගේ රටවල ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා අපට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අය මේ නාට්‍ය නරඹන බවත්, නාට්‍ය ඉතාම හොඳ බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.
can you hear me අනෙක් ටෙලි නාට්‍යවලින් වෙනස් වෙන්නේ කොහොමද? එහි ප්‍රධාන භූමිකාවක් රඟදක්වන ශිල්පිනියක් විදියට ඒක ඔබට දැනෙන්නෙ කොහොමද?
අපේ සමාජයේ හැංගිලා ඉන්න යථාර්ථවාදී චරිත ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මං හිතන්නේ ඒ හරහා කලාව අලුත් ප්‍රවණතාවයක් කරා ගෙන යනවා. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේ කලාව ගැන කතා කළත්, ඒ බොහෝ නිර්මාණවලදී කතා කරන්නේ සමාජයේ කැපී පෙනෙන චරිත ගැන. උදාහරණයකට ස්පයිඩර් මෑන්, සුපර් මෑන් ගත්තත් ඒ අය සමාජයේ කැපී පෙනෙන චරිත. නමුත් can you hear me පැ හරහා කතා කරන්නේ සමාජයේ හඬක් නැති මිනිස්සු ගැන. ඇත්තටම සමාජයේ ජීවත් වෙන චරිත ගැන. මෙහි මගේ චරිතය ගත්තත් එහෙමයි. බේකරියක වැඩ කරන දුප්පත් තරුණියකගේ චරිතයකට තමයි මම පණ පොවන්නේ. එහි හිමිකරුගේ පීඩනය දරා ගන්න බැරි කමට රැකියාවෙන් ඉවත් වෙන්න ඇයට ඕනෑ වුණත් ගෙදර ප්‍රශ්න මතක් වෙද්දි ආපහු යන්න ඇයට බැහැ. එවැනි ආකාරයේ චරිත රැසක් මේ නාට්‍යයේ ඇතුළත් වෙනවා. සමාජයෙන් ඉලිප්පිලා නැති චරිත එළියට අරගෙන ඒ අයට හඬක් ලබා දීම තමයි මේ හරහා කරන්නේ.
පොඩි පත්තරකාරි විදියට ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වූ මිචෙල් ගැන බොහෝ දෙනෙක් කතා කරන්න වුණේ සුදු ඇඳගෙන කළු ඇවිදින් හරහා. ඒ සඳහා ඔබට සම්මාන පවා ලැබුණා. අපි ඒ ගැන කතා කරමු?
මගේ පළමුවැනි ටෙලි නාට්‍ය තමයි සල් සපු නා. එහි තමයි පොඩි පත්තරකාරිගේ චරිතය තිබුණේ. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තමයි මට සුදු ඇඳගෙන කළු ඇවිදින් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ චරිතය වෙනුවෙන් මට පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය හිමි වුණා.
ඔබට මේ සම්මානය හිමි වෙන්නේ ඔබේ දක්ෂතාව අනුව. නමුත් අද ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දුවන්නේ ජනප්‍රියත්වය පස්සේ. මිචෙල් දිල්හාරා ජනප්‍රියත්වය හඹා යන නිළියක් නෙවෙයිද?
මෙහෙමයි. මම ඇත්තටම සම්මාන බලාගෙන රඟපාන කෙනකුත් නෙවෙයි. අපිට ජනප්‍රියත්වය නැතුවත් බැහැ. හැබැයි ජනප්‍රියත්වය කියන්නේ අද ඇතිවෙලා හෙට නැතිවෙන දෙයක්. මම කරන චරිතය ප්‍රේක්ෂකයන්ගේ හිතේ හැමදාම රැඳිලා තියෙන්නයි මට ඕනෑ. ඒ වගේම ඒ චරිතය ඒ අයගේ ජීවිතයට සම්බන්ධයි කියලා ඒ අයට දැනෙනවානම් මං හිතන්නේ ඒක තමයි මට ලැබෙන හොඳම සම්මානය. මගේ රංගන පරාසය ඇතුළේ එවැනි නිර්මාණ සඳහා ලැබෙන චරිත තෝරා බේරා ගෙන මම රංගනයේ යෙදෙනවා.
ඔබ සම්මානනීය රංගන ශිල්පිනියක් වගේම ජාත්‍යන්තර සම්මාන දිනූ ලේඛිකාවක්. අපි ඒ ගැනත් පොඞ්ඩක් කතා කරමු?
මගේ පළමු පොත වුණේ Social Invisibility is not a Fiction it Exists. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලිව්වේ. ඒ සඳහා ඉන්දියාවේදී සම්මාන හිමි වුණා. මගේ දෙවැනි පොතෙත් වැඩ කටයුතු මේ වෙද්දී අවසන් අදියරට පැමිණිලා තියෙනවා. එයත් රචනා වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
මේ පොත් පරිවර්තනයක් හරහා සිංහල පාඨකයන් වෙත ලබා දීමේ අදහසක් නැද්ද?
ඇත්තටම තියෙනවා. මගේ පළමු පොත පරිවර්තනය කිරීම සඳහා දැනටමත් මම කටයුතු කරගෙන යනවා. මේ පොත් දෙකම ඉදිරියේදී සිංහල පාඨකයන් වෙත ලබා දෙන එක මගේ බලාපොරොත්තුවක්.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අද මම මෙතන ඉන්නෙ දමිත් අසංක හින්දා

Next Post

MAS සේවක සේවිකාවන්ට අත්වැලක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.