• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගන්නෝරු යුද පිටියේ සැඟවුණු ඇත්ත

September 7, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

උඩරට සෙනරත් රජුගේ ඇවෑමෙන් සිහසුනට පත්වන්නේ ඔහුගේ පුත් දෙවැනි රාජසිංහ හෙවත් මහා අස්ථාන කුමරුය. මෙය සිදුවන්නේ මෙයට වසර 384කට පෙර එනම් 1635දීය. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ

මේ වන විට පාලනය වූයේ පෘතුගීසීන් යටතේය. පෘතුගීසී කපිතාන් ජෙනරාල්වරුන්ගේ අණසක ඒ වන විට මුහුදුබඩ ප්‍රදේශවල බලවත්ව තිබිණි. එවකට මෙරට සිටි පෘතුගීසී ජෙනරාල්වරයා වූයේ දියෝගුද මේලෝ කැස්ට්‍රෝ නමැත්තාය. හෙතෙම ඒ වන විට කපිතාන් ජනරාල්වරයකු ලෙස ලක්දිවට පැමිණ සිටියේ දෙවැනි වරටය.

අප රටට මහත් හිසරදයක් වූ මොවුන් සැවොම මේ රටින් පන්නා දැමිය යුතුයි යන මතය දෙවැනි රාජසිංහ හෙවත් මහා අස්ථාන කුමරුගේ යටි හිතේ පැලපදියම්ව තිබුණේ ඔහු රජ වෙන්නටත් පෙරය. එසේම මෙම දෙවැනි රාජසිංහ රජු පෘතුගීසීන් මුළු ශ්‍රී ලංකාවෙන්ම පන්නා දැමිය යුතුය යන ඒකායන අරමුණෙහි පිහිටා ක්‍රියා කළ දේශමාමක පුත්‍රයකුද විය.
මෙම රජු යුද්ධයෙහිද දක්‍ෂයෙකි. එ නිසා රාජ අභිෂේකයට පෙර සිටම ඌව පළාත භාරව සිටි අතර කුමාර කාලයේදීම මොහුට යුද ශිල්පයේ මහා අත්දැකීම් සමුදායක් ලබාගැනීමේ අවස්ථාව සැලසිනි.

ඌව පළාත භාරව සිටි ඔහුට කුමාර කාලයේම පෘතුගීසී හේවා කණ්ඩායමක් සමඟ සටනක් කරන්නට සිදුවිණි. ඒ වැල්ලවායේ, රන්දෙණි වෙලේදීය. කොන්ස්ටන්ටයින් ප්‍රමුඛව පෘතුගීසී හේවා කණ්ඩායමක් මෙම කුමරුවා සමඟ සටනට වන් කල හෙතෙම මෙම හේවා කණ්ඩායම පරාජයට පත්කළේ මතක හිටින පාඩමක් උගන්වමිනි.
මෙම රජුගෙන් අන්‍යාගමිකයන්ට මෙන්ම අන්‍ය ජාතිකයන්ටද වරදක් වූයේ නැත. ඔවුන්ගේ ආගමික නිදහස මෙන්ම ජීවත්වීමේ නිදහසටද රජු කිසි විටෙක බාධා කළේ නැත. මොහුගේ රාජ්‍ය සමයේ පෘතුගීසී රෝමානු කතෝලික දේව ගැතිවරුද විසූහ. සුදු සොල්දාදුවන්ගේ සබඳතාවද ප්‍රිය කළ රජු පෘතුගීසී මෙන්ම ලන්දේසි සේනාංක දෙකක්ද සිය රාජ්‍ය පාලන ප්‍රදේශයේ තබා ගත්තේය.

මෙම කාලය තුළදී පෘතුගීසීන්ගේ බලය පෙරදිගින් බිඳීයෑමේ තර්ජනයක්ද ඇති වන්නට විය. පෘතුගීසී ආණ්ඩුවේ මුදල් තත්ත්වය පිරිහී යෑම ඊට බලපෑවේය. ඒ වන විට ලන්දේසීන්ද පෙරදිගට ආගමනය වෙමින් සිටියහ. මේ නිසාම පෘතුගීසීන්ගේ වෙළෙඳ කටයුතුවලටද මෙකී තත්ත්වය බෙහෙවින් තර්ජනයක් විය.
එවකට බලසම්පන්න තත්ත්වයේ සිටි ලන්දේසීන් සමඟ ඇති වූ ගැටුම් නිසාවෙන්ද, යටත්විජිතවාසීන් සමඟ ඇති වූ ගැටුම් නිසාවෙන්ද ඒ වන විට පෘතිගීසීහු දැඩි ලෙස දුර්වල තත්ත්වයට පත්ව සිටියහ.

පෘතුගීසී හමුදාවේ ජනරාල් දියෝගුද මේලෝ වස්තු තණ්හාවෙන් සිටි අයෙකි. දියෝගු පමණක් නොවේ පෘතුගීසී හමුදාවේ හැම නිලධාරියෙක්ම සෑම විටෙකම ක්‍රියා කළේ අධික ලෙස ධනය රැස්කර ගැනීමේ ලෝභයෙනි.
නිරතුරුවම අපරාධ කරමින්ද, සිංහලයන් සතුව පැවති දේපොළ කඩාවඩා ගනිමින් ඔවුහු වස්තුව රැස්කළහ. මෙම වස්තු කොල්ලකෑම කෙසේ වූවේදයත් එය ඔවුන්ගේ විනෝදාංශයක් බවට පත්ව තිබිණි.

රටේ මුහුදුබඩ ප්‍රදේශවලට පැමිණි සෑම පෘතුගීසී නිලධාරියෙක්ම ඒ ආකාරයට ඉතාම කෙටි කාලයක් තුළ ධනවතුන් බවට පත්විය. මේ ගැන පෘතුගීසී හමුදාවේ ජනරාල්වරුන්ට කළ පැමිණිලිද පලක් නොවීය. එසේ වැරැදි කළ නිලධාරීන්ට දඬුවම් ලැබුණේ නැත. ඒ වෙනුවට ඉහළින් ඔවුනට ලැබුණේ නිල තනතරුවල උසස්වීම්ය.
පෘතුගීසීන්ගේ මෙම ක්‍රියාකලාපය දෙවැනි රාජසිංහ රජු දැඩි ලෙස පිළිකුල් කළේය. ඒ විතරක් නෙවේ මෙම ක්‍රියාකාරකම් හමුවේ පෘතුගීසීන් කෙරෙහි රජුගේ සිතේ දැඩි කෝපයක්ද හටගත්තේය.

පෘතුගීසීන් මෙල්ල කොට වැනසීමට නම් ලන්දේසීන්ගේ සහාය ලබා ගතයුතු බව දෙවැනි රාජසිංහ රජු තීරණය කළේය. මේ වන විට ජාවා දූපත් බතාවිය නගරය ලන්දේසීන්ගේ පෙරදිග වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත්ව තිබිණි.
රජතුමා වහාම ලන්දේසීන්ට තම අදහස දක්වා යැවීය. ඊට ගිවිසුමක්ද ඇතුළත් විය. එයින් කියැවුණේ පෘතුගීසීන් ලක්දිවෙන් එළවා දැමීම උදෙසා කෙරෙන යුද්ධයේ සියලු වියදම් තමා දරන බවටත්, කොට්ටියාරාම හෝ මඩකළපුව නගරවල බලකොටුවක් බැඳීමටත්, කුරුඳු වෙළෙඳාමටත් අවසර ලබාදෙන බවත්ය.
දෙවැනි රාජසිංහ රජුත්, ලන්දේසීනුත් අතර ගිවිසුමක් ඇතිකර ගත් පුවත කනවැකුණු මේලෝගේ තදබල උදහසට හේතුවක් විය. “හොඳයි බලමු” බලගතු රාජසිංහ රජුගේ බලය කුමන හෝ ක්‍රමයකින් බිඳ හෙළන්නෙමියි මේලෝ අදිටන් කරගත්තේය.

ඊට හොඳ උපායක් කල්පනා කළ මේලෝ තම අරමුණේ ප්‍රථම පියවර ලෙස එවකට මාතලේ ප්‍රාදේශීය රජු වූ රාජසිංහ සොහොයුරු විජයපාලත්, රාජසිංහ රජුත් කෙටවීමට ප්‍රයත්න දැරුවේය. එහෙත් මේලෝ සිතූ දෙය ඉටුවූයේ නැත. ඔහුගේ සිතුවිල්ල ලත්තැනම ලොප් වී ගියේය.
මේලෝගේ දෙවැනි උපාය වූයේ කැරැල්ලක් ඇති කිරීමය. ඊට හේතුවක් නිර්මාණය කරනුවස් රජුට පක්‍ෂපාතීව මඩකළපුව ප්‍රදේශයේ සේවය කළ සිංහල දිසාපතිවරයකු මරාදැමුවේය. මේලෝගේ එම අරමුණද ව්‍යර්ථ වූයේ පෙර පරිද්දෙනි.

එවකට මහනුවර ජීවත් වූ පෘතුගීසී වෙළෙන්දකුට තම රටට ආපසු යෑමට වුවමනා විය. තම රටට යෑමට පෙර අවසන් වරට මහනුවර රජු බැහැදැකීමට සිතූ පෘතුගීසී වෙළෙන්දා රජු හමුවීමට ගියේය. එසේ රජු හමුවට ගිය පෘතුගීසී වෙළෙන්දා තමා ළඟ සිටි අනර්ඝ යුද අශ්වයකු රජුට තෑගි කළේය.
මෙම පෘතුගීසී වෙළෙන්දාගේ ක්‍රියාව ගැන රජුට අපමණ සතුටක් ඇති විය.
රජුගේ සිත වෙළෙන්දා කෙරෙහි පැහැදුණේය. රජුද වෙළෙන්දාට පෙරළා තුටුපඬුරු ලෙස අගනා දළ ඇතෙක්ද, මැණික් තොගයක්ද ලබාදුන්නේය. සතුටින් ඉපිල ගිය වෙළෙන්දා ඇතාද රැගෙන කොළඹට පැමිණියේය.

මෙම ඇතා දැකීමෙන් කොළඹ පෘතුගීසී බලධාරීහු රජු කෙරෙහි උරණකමක් ඇතිකර ගත්හ. අවුරුද්දකට වරක් සිංහල රජතුමා ඇතකු බැගින් අපට කප්පම් ගෙවීමට පොරොන්දු වුණා. කෝ රජ්ජුරුවෝ ඒ පොරොන්දුව ඉටු කළේ නැතැයි උරණ වූ පෘතුගීසී බලධාරීහු පෘතුගීසී වෙළෙන්දාට තෑගි වශයෙන් ලබාදී සිටි ඇතා පැහැර ගත්තේය.
පෘතුගීසී වෙළෙන්දා යළි මහනුවරට පැමිණ තමාගේ ඇතා පැහැරගත් කතාව රජුට සැල කළේය. මේ පුවත ඇසූ රජු වෙළෙන්දාට තවත් ඇතකු තෑගි කළේය. එසේ කළ රජු මේ වතාවේ ඇතා රැගෙන කොළඹට නොයන ලෙසත්, හලාවතට ගොස් නැව් නැගී තමට රටට යන ලෙසත් ඔහුට උපදෙස් දුන්නේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

හැම සිහිනයකම නොපෙනෙන දසුන

Next Post

සජිත්ට අත්සන් කළ 5ක් රනිල් හමුවෙති

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper