• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපේ මුරලිට ඉන්දියාවෙ ගැහුව ‘800’

October 17, 2020
in Heart
Reading Time: 1 min read
A A
අපේ මුරලිට ඉන්දියාවෙ ගැහුව ‘800’
Share on WhatsAppShare on Facebook

මුත්තයියා මුරලිදරන් ගැන ලංකාවේ කිසිම කෙනකුට අමුතුවෙන් දැන ගන්න දෙයක් නැහැ. ඒ තරමටම ඔහු ගැන අපේ රටේ මිනිස්සු දන්නවා. මුරලිට තියෙන ආදරයත් ඒ වගේමයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු අරගෙන වසර ගණනාවක් ගත වුණත් අදටත් මුරලිට අපේ මිනිස්සු එක වගේ ආදරය කරනවා. මුරලි අපේ රටේ අපිට අයිති උරුමයක් වුණත් ඔහුට ආදරය කරන රසික රසිකාවියෝ ඉන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. මුළු ලෝකය පුරාම මුරලිට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මුරලිට ආදරය කරන වැඩිම පිරිසක් ඉන්නේ ඉන්දියාවේ කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඒ වගේම තම පවුලේ පාර්ශවයෙන් සහ බිරිඳ හරහා මුරලිට ඉන්දියාව එක්ක නැදෑකමකුත් තියෙනවා.

මුත්තයියා මුරලිදරන් නැමැති විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත කතාව පදනම් කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට දකුණු ඉන්දීය නිර්මාණකරුවන් කිහිප දෙනෙක් තීරණය කළෙත් අන්න ඒ ආදරය හින්දම තමයි. හැබැයි මේ චිත්‍රපටය නිර්මාණය කරන එක හිතුව තරම් ලේසිය දෙයක් වුණේ නැහැ. විශාල ජන ගහණයක් වාසය කරන දකුණු ඉන්දියානු ජනතාවගේ සිතුම් පැතුම් විවිධාකාරයි. ඒ හින්දා මුරලි ගැන චිත්‍රපටයක් නිර්මාණය කරන එකට ඒ සමාජයෙන්ම ලොකු විරෝධයකුත් තිබුණා. මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මේ චිත්‍රපටය ගැන මූලික සාකච්ඡා ආරම්භ වුණේ. වෙන්කට් ප්‍රභූ නැමැති ජනප්‍රිය දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයා තමයි මෙහි අධ්‍යක්ෂණය බාරව හිටියේ. ඒ වගේම ජනකාන්ත නළු විජය සේදුපති මුරලිගේ චරිතයට පණ පොවන බව දැන ගන්න ලැබුණා.

කොහොම වුණත් සමාජයෙන් එල්ලවුණු විරෝධතා මත චිත්‍රපටයේ වැඩ කටයුතු දිනෙන් දින ප්‍රමාද වුණා. ඒ සඳහා වෙනත් අධ්‍යක්ෂවරයෙක් යොදා ගන්න නිෂ්පාදකයන්ට සිද්ධ වුණා. ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන තිබූ විජය සේදුපති පවා ඒ චරිතය ගැන මුනිවත රැක්කා. මුරලි වගේ චරිතයකට සමාජයෙන් මේ තරම් විරෝධයක් එල්ල වෙන හේතුව මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පැවැති ජන වාර්ගික අර්බුදයේදී ඔහු ශ්‍රී ලංකා රජය සමඟ සමීපව වැඩ කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුවක්. ඒ වගේ තවත් කාරණා කිහිපයක් හේතුවෙන් මුරලි පිළිබඳ විරෝධයක් දකුණු ඉන්දීය සමාජයේ පවතින බව සඳහන්.

කොහොම වුණත් පසුගිය වසරේ ජූලි මාසයේදී නැවත වරක් මේ චිත්‍රපටය ගැන කතාබහ මතු වුණා. ඒ වන විටත් විජය සේදුපති විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. විජය සේදුපති මෙම චිත්‍රපටියට සම්බන්ධ නොවිය යුතු බවට දැඩි විරෝධයක් ඉන්දියාවේ ඇතැම් පිරිස් තුළත් ශ්‍රී ලංකාවේ පිරිස් තුළත් මතුවන ආකාරය ඒ අවස්ථාවේදීත් දැක ගන්න ලැබුණා. ඒ සියලු විරෝධතා මත මුරලි ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයේ රූප රාමු පෙළක් පසුගියදා මාධ්‍යයට නිකුත් වුණා. ලෝකයේ ටෙස්ට් කඩුලු 800ක් දවාගත් එකම පන්දු යවන්නා වීම සංකේතවත් කිරීම සඳහා මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 800 ලෙසින්.

මුරලිගේ ජීවිත කතාව පිළිබඳ අප දන්නා බොහෝ දේ සහ අපි මෙතෙක් නොදැන සිටි බොහෝ දේත් මේ චිත්‍රපටය තුළ ඇතුළත් බව තමයි දැන ගන්න ලැබෙන්නේ. කවුරුත් දන්නා පරිදි 1983 කළු ජූලිය මුරලිගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. චිත්‍රපටය තුළ ඒ දර්ශණ පෙළ හරි අපූරුවට ගොනු කරලා තියෙනවා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 11ක් පමණ වන ආකාරයක් තමයි දැක ගන්න ලැබෙන්නේ. කළු ජූලිය අතරතුර මුරලිගේ මව මුත්තයියා ලෙස කෑගසන දර්ශනයකුත් පියතුමෙකු වෙත මුරලිව භාරදී ඔහුගේ මව ඉන් බැහැරව යන දර්ශනයකුත් එහි අඩංගු වෙනවා. කළු ජූලියෙන් පසු මුරලිගේ සමීප ඥාතීන් බොහෝ දෙනකු ඉන්දියාවට බලා ගිය නමුත් මුරලි සමඟ ඔහුගේ පවුලේ උදවිය ලංකාවෙම නතර වෙනවා. ඉන් අනතුරුව පාසලේ ක්‍රිකට් පුහුණුකරු පැමිණි පුහුණුවීම්වලට පැමිණෙනවාද කියා විමසන දර්ශනයක්ද චිත්‍රපටයට ඇතුළත්. කවුරුත් දන්නා පරිදි මුරලිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය තමයි ඒ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධි යැයි විනිසුරු ඩැරල් හෙයාර් විසින් සංඥා කළ අවස්ථාව මෙන්ම 1996 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී කොළඹ සිදුවූ බෝම්බ පිපිරීම දර්ශනයක්ද චිත්‍රපටයට ඇතුළත්. එමෙන්ම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ දර්ශණයක්ද චිත්‍රපටය ඇතුළත්.

මුරලිගේ ජීවිත කතාව අලලා නිෂ්පාදන වන 800 චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමන චිත්‍රපටයක් බවට පත් වනු ඇති බව තමයි මේ දර්ශණ දකින ඕනෑම කෙනකුට හිතෙන්නේ. 800 චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස එම්.එස් ශ්‍රීපතිද, සංගීත අධ්‍යක්ෂණය සෑම් සී.එස්., කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස ආර්.ඩී රාජසේකර්ද කටයුතු කරනවා.

දහසක් විරෝධතා මධ්‍යයේ මුරලිගේ භූමිකාවට පණ දුන් විජය සේදුපතිගේ රංගනයත් අති විශිෂ්ට බව තමයි මේ දර්ශණ පෙළ නැරඹූ ජාත්‍යන්තර විචාරකයන් ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම තම රටේ රසිකයන්ගේ විරෝධතා මැද අපේ වීරයෙකුගේ චරිතය සිනමා පටයකට ගෙන ඒමට කටයුතු කිරීම ගැන විජය සේදුපතිට අපි හැම දෙනාගේම ගෞරවයත් හිමි විය යුතුයි. චිත්‍රපටය තිරගත වීම ඇරඹුනාට පස්සේ විජය සේදුපති ගැනත් කතා කරන්න තවත් බොහෝ දේ තියේවි කියලයි අපිට නම් හිතෙන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මොකක්ද මේ ඉරහඳ නොදකින පොකුණ

Next Post

ගම හදන්න බැසිල් හදපු අලුත්ම සැලැස්ම මෙන්න (PHOTOS)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.