• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න මට ලැජ්ජයි

October 17, 2020
in Heart
Reading Time: 1 min read
A A
සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න මට ලැජ්ජයි
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ අහිංසකාවිය ලෙසින් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ මුතූ තරංගා කලක් රූපවාහිනිය හරහා නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක්. ඒත් එක්වරම ඇය රංගනයෙන් ඈත් වුණු බවක් දැක ගන්න ලැබුණා. ඒකට හේතුව ඇය රංගනය ගැන කලකිරීමෙන් ඉන්න එක කියලත් අපිට දැන ගන්න ලැබුණා. මේ දේවල ගැන තොරතුරු දැන ගන්න අපි කාලෙකට පස්සේ මුතූට කතා කළා.
දැන් මුතූව වැඩිය පේන්න නැත්තේ ඇයි කියලා ඔබේ රසිකයෝ අපෙන් අහනවා?
ඔව්. කොහොමත් මේ දවස්වල වැඩ මොකුත් කරන්න බැහැනේ. යොදාගෙන තිබුණු රූගත කිරීම් පවා නවත්වන්න සිද්ධ වුණා. ඒවගේම පසුගිය කාලේ මගේ තාත්තා අසනීපයෙන් හිටිය හින්දා වැඩිය නිර්මාණ බාර ගත්තේ නැහැ. මීට මාස තුනකට විතර කලින් තාත්තා නැති වුණා. ඒත් මම රඟපෑව නිර්මාණ 12ක් විතර ඉදිරියේදී විකාශනය වෙන්න නියමිතව තියෙනවා.
මුතූ තරංගා දැන් චරිත තෝරා බේරා ගෙන රඟපානවා කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්තද?
ඒක ඇත්ත. අපි දැන් ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවනේ. ඒ කාලේ ලැබුණු අත්දැකීම් සහ ඉගෙන ගත්ත දේ එක්ක දැන් ලැබෙන හැම චරිතයම බාර ගන්නේ නැහැ. මේ ළඟදිත් එහෙම ලැබුණු චිත්‍රපටයක් තිරපිටපත කියෙව්වට පස්සේ ප්‍රතික්ෂේප කළා.
හැබැයි එහෙමයි කියලා ආරාධනාවලින් නම් අඩුවක් නෑනේ?
ආරාධනාවල නම් අඩුවක් නැහැ. හැබැයි ඒ හැම එකක්ම බාර ගන්නේ නැහැ.
මුතූ ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද ඉන්නෙ?
ඇත්තටම ඔව්. මොකද අපි නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙන්නේ කැප කිරීම් රාශියක් කරලා. සමහර තැන්වල හරියට කන්නවත් ලැබෙන්නේ නැහැ. ඒත් එහෙම කරන නිර්මාණයට ලැබිය යුතු මුදලවත් හරියට ලැබෙන්නේ නැතිනම් වැඩක් නැහැ. ඒ හින්දා තමයි මම රඟපාන එක ගැන කලකිරුණේ. සමහර නාට්‍ය දැන් විකාශනය වෙලා අවුරුදු ගානක් ගත වෙලා ඉවරයි. ඒත් ඒවායේ සල්ලි තාම ලැබිලා නැහැ. මේක මට විතරක් නෙවෙයි. බොහෝ ශිල්පීන්ට වෙන දෙයක්. ඒත් මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
මේ තරම් අසාධාරණයක් වෙද්දිත් ඇයි මේ ගැන කවුරුත් කතා නොකරන්නේ?
ඒක නම් ඇයි කියලා මම දන්නේ නැහැ. මේ වැඬේ අපේ ක්ෂේත්‍රයේම අය කරන එක තමයි කනගාටුවට කාරණය. අපේ ප්‍රසිද්ධ නළුවෙක්ගෙම නිර්මාණයකට මට ලැබිය යුතු මුදල් නොලැබුණු හින්දා තමයි මම කාලයක්ම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ නොවී හිටියේ. ඇත්තටම ටෙලි නාට්‍යයක රඟපාලා ඒකට ලැබිය යුතු සල්ලි ඉල්ල ඉල්ලා පස්සෙන් යන්න මට නම් ලැජ්ජයි. ඒත් එහෙම සල්ලි දෙන්න ඕනෑ අය මොකුත් වෙලා නැහැ වගේ අපි එක්ක කතා කරනවා.
ඒ කලකිරීම හින්දද සංගීතය පැත්තට යොමු වුණේ?
ඇත්තටම ඔව්. සංගීත ක්ෂේත්‍රයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ කියලා ගීත කිහිපයක්ම මම එළි දැක්වූවා. ඒ වගේම සංගීතය හින්දා විදේශීය ප්‍රසංග රාශියකට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා.
ඉදිරියෙදිවත් ඒ කලකිරීම අඩුවෙලා නැවත පෙර වගේ රඟපාන්න අදහසක් නැද්ද?
මගේ කොහොමත් ලොකු බලාපොරොත්තු නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් බාර ගන්නවා. ඒත් මේ විදියට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අමාරුයි කියන එක නම් මම තේරුම් අර ගෙන ඉන්නේ. මොකද හිත හොඳ වැඩි වුණාම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අමාරුයි. ඒ හින්දා මගේ පෞද්ගලික ව්‍යාපාර ගැනත් මේ දවස්වල වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලග්න වාසනාවේ ජයග්‍රාහකයින්ට චෙක්පත් ලබාදෙයි

Next Post

ඊජිප්තුවෙන් මතුවුණු අවුරුදු 2500ක් පරණ මළ සිරුරු

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.