• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඕනෑම ප්‍රශ්නයකට නොවරදින කෙමක්

October 17, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඕනෑම ප්‍රශ්නයකට නොවරදින කෙමක්
Share on WhatsAppShare on Facebook

අතීතයේ විසූ පිරිස් තම එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගන්නට විවිධ ක්‍රමවේද භාවිතයට ගත්තේය. එවැනි දේ අතර ඉපැරැණි කෙම් ශාස්ත්‍රයට හිමිවන්නේද විශේෂිත තැනකි. එදිනෙදා ජීවිතයේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේදී මෙම පහසු කෙම් ක්‍රම තුළින් විස්මිත පල ලබාගත හැකි බව පැරැණි පොතපතෙහි සඳහන්ව ඇත්තේය. අවශ්‍ය වන්නේ මේවා විශ්වාසයකින් යුතුව භාවිතයට ගැනීම පමණකි. ඇතැම් විට ඇස් ඇදහිය නොහැකි විස්මිත ප්‍රතිඵල ඇස්පනාපිට පෙන්වන බලගතු එහෙත් සරල කෙම් ක්‍රමද මෙම ශිල්පය තුළ සඳහන්ව ඇති අතර පහත සඳහන් වන්නේ එවැනි පහසු සහ සරල ඔබටම කරගත හැකි කෙම් ක්‍රම එකතුවකි.

* කුඹුරේ මීයන් මර්දයට මීයන් තළා දැමූ ගොයම නියර මත දමා මල්වරවූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කතා නොකර කළ යුතුයි.

* මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මීමැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මීවද ඇති ඉසව් නිරීක්ෂණය කළ හැකියි.

* කිරි දරුවන් නින්දෙන් හැඬීමේදී දකුණු අතේ වෙඳගිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තියන්න.

* ඇසේ එන නග්න සඳහා බත නටන විට එන බත් පෙන ගාන්න. එසේම නගනයට තුත්තිරි ගසේ ඉස්මද කතා නොකර ගාන්න. තවද උදෑසනම නැඟිට කතා නොකර ගෙය පිටුපසට ගොස් තමාගේ මුත්‍රා නගනය මත ආලේප කරන්නත් පුළුවන්.

* කිලි නැතිවීමට කතා නොකර දෙහි කොළ පොඩිකර හිසේ ගා ගැනීමත් කතා නොකර අමු ගොම ගොඩක් පාවහන් රහිතව පෑගීමත් කතා නොකර ළිඳෙන් වතුර ඇද මුහුණ කට සේදීමත් කරන්න.

* ඇස්වහ කටවහ දුරු කිරීමට කතා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ තවරා ගැනීමද කුඩා දරුවන්ගේ මුහුණේ කම්මුල ප්‍රදේශයේ ලොකුවට කැපී පෙනෙන සේ කළු තිලකයක් තැබීමද කපුටන් නාන තැනකින් ගත් වතුරෙන් මෙන්ම කම්මලේ ආයුධ පණපෙවූ පසු ආයුධ නිවෙන්නට දැමූ වතුරෙන් මුහුණ සේදීමද, මිරිස් පුච්චා දුම් ඇල්ලීමද කුඃ කුඃ කියා තුන් පැත්තකට කෙළ ගැසීමද, මලහිරු යාමයේ කතා නොකර නිවෙසේ දොරකඩට පොල්කටු පුච්චා එම පොල්කටු අඟුරු මතට අබ දමා පිලිස්සීමද අලුයම කපුටන් හැඬීමට පෙර කතා නොකර ළිඳෙන් වතුර කළයක් ගෙන ඇට ඇටිපස් වර්ගයක කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක්ද දමා කට වැස්ම බැඳ ගුප්ත ශාස්ත්‍රය හොඳින් දන්නා ඇදුරුතුමකු ලවා මතුරා එම ජලය ස්නානය කිරීම හා එසේ ස්නානය කළ ජලය නොපිහිදා ඇඟටම වියළෙන්න හරින්න. පසුව හිස් කළය කිරි ගසක ගසා බිඳ දමන්න.

* කතා නොකර පැඟිරි තෙල් ඉසීමෙන් මැස්සන් පලවා හැරිය හැකිය.

* දත් කැක්කුමට කතා නොකර බෝධියක් ළඟට ගොස් බටහිර පැත්තට ගිය අත්තකින් දල්ලක් කඩාගෙන දත් කැක්කුම ඇති පැත්තට 108 වරක් ඉහළ සිට පහළට පිසදමන්න.

* බාලගිරි දෝෂය සඳහා බදාදා දිනක උදය වරුවේ කතා නොකර දරුවාගේ මව හෝ පියා නිවෙසේ ප්‍රධාන උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නෙවේ හෙට’ යනුවෙන් තරමක් ලොකු අකුරෙන් කාටත් පෙනෙන සේ ලියා තැබීමද සෙනසුරාදා දිනක පුෂ නැකතකින් හිමිදිරි පාන්දර කපුටන් හැඬීමට කලින් කතා නොකර ගොස් ඔලිඳ මුලක් උදුරා ගෙනැවිත් කතා නොකරම දරුවාගේ දකුණු අතේ බැඳීමද කරන්න.

* මීයන් තැළුව ගොයම් ගස්වලින් සාදන ලද දරණුවක් මතට බත් හැලියක් බෑමෙන් මී උවදුර වළකයි.

* සර්පයන්ගෙන් ආරක්ෂාවට අත්තන, රත්කරල්, එළඔළිඳ, සැබෝ යන ශාකවල මුල් උදෑසන කතා නොකර ගලවා ගලේ දමා හොඳින් අඹරා අතේ තබාගන්න.

* ගොයමේ අස්වැන්න දෙගුණ තෙගුණ කර ගැනීමට ගොයම පීදීමට ආසන්න වන විට හීන් බණ්ඩි අවස්ථාවේදී ගොයම් කොළ මිටක් කපා හිසේ සුදු හඳක් ඇති ගැබ්බර වැස්සියකට කෑමට දෙන්න. මෙම කෙම හිමිදිරි පාන්දර කතා නොකර කළ යුතුය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

ලංකා බැංකු විල්ගමුව ශාඛාව නව පරිශ්‍රයකට

Next Post

බණ්ඩාරනායක පවුල වගේ රාජපක්ෂ පවුලත් කැඩෙයිද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.