සෙලාන් බැංකුව සිය වැල්ලවත්ත ශාඛාව අංක. 445, ගාලු පාර, වැල්ලවත්ත, කොළඹ 06 දරන නව පරිශ්‍රයකට ගොඩවදින ලදී. පාරිභෝගිකයන් හට වඩාත් ඉඩකඩ සහිත පහසු බැංකුකරණ අත්දැකීමක් හිමිකර දීම එහි අරමුණයි. 2020 සැප්තැම්බර් මස 21 වැනිදා සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව පරිශ්‍රය විවෘත කෙරිණි.
අලුතින් නව පරිශ්‍රයකට ගොඩවදින ලද වැල්ලවත්ත ශාඛාව සතියේ දින පහම පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා විවෘතව තැබෙන අතර උපරිම පාරිභෝගික පහසුවක් පිරිනැමීම සඳහා පුළුල් පරාසයක විහිදුණු බැංකුකරණ සේවා රැසක් පිරිනැමීමේ පහසුකම්වලින්ද සමන්විත වේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව නවීන තාක්ෂණය, නවෝත්පාදන සහිත බැංකුකරණ සේවා සහ විශිෂ්ට පාරිභෝගික සේවාව සමගින් අසමසම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීමේ දැක්ම පෙරදැරිව කටයුතු කරයි.
ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකින් සමන්විත වන එම බැංකුව දිවයින පුරා විහිදුණු ශාඛා 173 ක් සහ ATM ඒකක 216ක් හරහා සිය සේවා පිරිනමයි.











