OPPO F Series මාදිලි එකතුවේ නවතම මාදිලිය වන OPPO F17 Pro නිල වශයෙන් හඳුන්වා දීම 2020 ඔක්තෝබර් 13 වන දින පස්වරු 7 සිට OPPO නිල ෆෙස්බුක් පිටුව ඔස්සේOn-line ක්‍රමයට පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය ඔස්සේ ජනාදරයට පත් රංගන ශිල්පී හා ගායක රවීන් කනිෂ්ක, නීල පබළු ටෙලි නාට්‍යයෙන් ජනහද දිනූ ටනාෂා හතරසිංහ, ජනප්‍රිය සංචාරක බ්ලොග්කරුවෙකු වන අයේෂ් පෙරේරා, නර්තන ශිල්පී රමෝද් මාලක, ශරීර සුවතා පුහුණුරුවෙකු හා සමාජ මාධ්‍ය තරුවක් වන රැන්ඩි සෙනෙවිරත්න සහ ජනප්‍රිය තාක්ෂණික යූ ටියුබ්කරුවෙකු වන Chanux Bro ද මේ සඳහා සහභාගි වනු ඇත.
මෙම අවස්ථාවට පෙර සූදානමක් ලෙස තමන් භාවිතා කරන සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ ඉඟි ලබාදීමට මෙම තරු මීට පෙර කටයුතු කළහ. Instagramහි පළකළ වීඩියෝවක් මගින්, මෙය නව පරපුර වෙනුවෙන්ම හඳුන්වා දෙන්නක් බවත්, මෙම උත්සවය අතිශය සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවත් රවීන් කණිෂ්ක කියා සිටියේය.
රමෝද් මාලක කියා සිටියේ කැමරාවේ උසස් තත්ත්වය හා දිගු කලක් ආරෝපණය පවතින බැටරිය වැනි සාධක සැලකිල්ලට ගත් විට මෙය තමන්ට අතිශයින් ගැළපෙන දුරකථනයක් බවයි. එය මෙරටට හඳුන්වා දීමේ උත්සවය පැවැත්වෙන තෙක් තමා ඉතාමත් ආශාවෙන් බලා සිටින බවද ඔහු පැවසීය.
සෙල්ෆි ඡායාරූප සඳහා ඉතාමත් සුදුසු වන පරිදි නවීනතම තාක්ෂණය සහිතව සැකසූ කැමරාව ඇතුළුව තවත් විශේෂාංග රාශියක් නිසා මෙය ඉදිරියේදී තම විශ්වාසය දිනූ මිතුරෙකු බවට පත්වනු ඇතැයි ටනාෂා හතරසිංහ කියා සිටියාය. “මේ අලුත් දුරකථන මාදිලිය නිසා මගේ Instagram ගිණුමේ පළකරන්නට වඩාත් හොඳ ඡායාරූප ගන්නට මට පුළුවන් වේවි. දැනටමත් 500,000 කට වැඩි පිරිසක් එය follow කරනවා.” ඇය කියා සිටියාය.











