කොරෝනා වෛරසය ආසාදනය වු තවත් 61දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම අසාදිතයින්ගෙන් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් අනෙක් 22 මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1247ක් වේ.










