පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ.
විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාළ ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ලබා දී ඇති ස්ථාන මාරුවීම් අතර සේනාරත්න මහතාද සිටී.
සේවා අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා විය.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව සඳහන් වේ.
ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජේ. වෙදසිංහ මහතා බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා විය.










