ආණ්ඩුව ඉදිරිපත් කළ විසි වන සංශෝධනයේ වගන්ති 4ක් ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
යෝජිත සංශෝධනයේ 3, 5, 14, 22 යන වගන්ති එසේ ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව දක්වා ඇති බව වාර්තා වේ.
ජනාධිපති මුක්තිය යළි බලගැන්වීම, මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, වසරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන්ට අවනත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඇති ව්‍යවස්ථාමය යුතුකම ඉවත් කිරීම යන වගන්ති බව දැනගන්නට ඇත.
කෙසේවුවද එහි සඳහන් ආකාරයට, යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3, 6, 7, 14, 15, 16, 17(4), 20(3), 27, 28, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39 සහ 40 යන වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත්, ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතු ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් සඳහන්ය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුලු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම පෙත්සම් විභාග කර තිබූ අතර ලබන සදුදා කතානායවරයා විසින් මෙම තීන්දුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.










