පාසල් කාලයේ පටන් කලාවට ඇලුම් කළ ඇය පසුකාලීනව වේදිකා නාට්‍ය හරහා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට විය. ඒ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයේ බිසෝගේ චරිතය ජීවමාන කරමින්. රූපා ගෝමස් කිව්වාම කවුරුත් දන්නා ඇයගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
පසුගිය දවස්වල අපි දැක්කේ අතරමැදදී මියයන චරිතමයි. ඒ මොකද?
“නීල පබළු” ටෙලි නාට්‍යයේ එතනහාමි ගැන ගොඩ දෙනෙක් කතා වුණා. ඒ තරමට එතන හාමි සාර්ථක වුණා. ඒ විතරක් නෙවේ දෙවන ඉනිමේ චරිතයෙත් මම රඟපෑවා. ඉතින් මට ගැළපෙන චරිත එක්ක අවසානයේ මරණය තමයි. ජීවිතයත් එහෙම තමයි. මොන සෙල්ලම් දැම්මත් අවසානයේ මරණය තමයි. ගම්දනව්වල මම ගැන කතා වෙන්නේ කෝපි කඬේ ටෙලි නාට්‍ය හරහා තමයි.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
කළුවර අඩවිය, තිසුල දීප තඹවිටගේ “සුද්දි.” නාලක තලගලගේ “කෙම්මුර කළුවර” ටෙලි නාට්‍යවලත් කෝපි කඬේටත් සම්බන්ධ වෙලා වැඩකටයුතු කළා. දැන් ඉතින් අම්මාගේ චරිතවලට තමයි ආරාධනා කරන්නේ. දැන් තිබෙන රැල්ලත් එක්ක නිර්මාණවලින් ආරාධනා අඩුයි. ලැබෙන චරිතය හොඳට කරනවා.
චිත්‍රපට හැඩ කරපු රූපා කාලෙකින් රිදී තිරයේ ඉන්නවා අපි දැක්කෙ නැහැ?
සතර දිගන්තය, නුඹ නාඩන් අපට පිස්සු, දියමන්ති, යුවතිපති, සුපිරි අන්දරේ, රජා මමයි සහ පුංචි අන්දරේ චිත්‍රපටවල චරිත සිනමා ජීවිතේ මට රඟපාන්න ලැබුණු විශේෂ චරිත. මෑත කාලයේ චිත්‍රපටයක වැඩ කළේ නම් නැහැ.
අද නිළියන් වෙන්න අඩනිරුවත් දර්ශන රඟපාන්න වුණත් බොහෝ දෙනෙක් සූදානම්. 80 දශකයෙත් එහෙම තිබුණාද?
ඒ කාලවලත් චරිත අනුව ශිල්පීන් විවිධ චරිත රඟපෑවා. හැබැයි මම කවදාවත් එහෙම චරිත රඟපාලා නැහැ. මට ගැළපෙන චරිත තමයි මම රඟපාන්නේ.
ඔබේ කුසලතාවට හරිහමන් වටිනාකමක් ලැබෙනවාද?
මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝම සමඟ සුහදව වැඩ කරනවා. ඒ වගේම ඔවුන්ගේ ගෞරවය, ආදරය මට ලැබෙනවා. කවදාවත් කිසිම නිර්මාණයකින් මට වංචනික වැඩක්, මුළා කිරීමක් කරලා නැහැ.
ඔබගේ ව්‍යාපාර කටයුතු කොහොමද?
මගේ සැමියා නැති වුණාට පසු මම ඔහුගේ සුරතල් මසුන් ව්‍යාපාරය කරගෙන යනවා. පුතාල දෙන්නත් මට උදව් කරනවා. සල්ලි පොදි බැඳගෙන ජීවත් වෙනවාට වඩා සරල ජීවිතය මට නම් සැහැල්ලුයි.
වසන්ත විතාරණගේ