20-20 තරගයකදී පිට පිට කඩුලු 4ක් දවාලමින් එවන් දස්කමක් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පත්විය. මෙය ඔහුගේ දෙවැනි 20-20 කඩුලු ත්‍රිත්වය ලෙස වාර්තා වන අතර එවන් දක්ෂතාවක් දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසටද මාලිංග වාර්තා පොත් අතරට එක්විය.
ඊයේ (06) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත පිලට එරෙහිව යැවූ සිය දෙවැනි පන්දු වාරයේදී මෙම දස්කම කළ මාලිංග මෙම තරගයේදී 100 වැනි 20-20 කඩුල්ලද දවා ගනිමින් එවන් දස්කමක් කළ ලොව පළමු ක්‍රීඩකයා බවටද පත් විය.
මේ අකාරයට 20-20 තරගයකදී පමණක් නොව එක්දින තරගයකදීද පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවාලූ ලොව එකම පන්දු යවන්නා වන්නේද ලසිත් මාලිංගය.
මෙම තරගයෙන් නවසීලන්තය පරදවා ලකුණු 37 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.