• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට එක එක කාලෙට කතා හැදෙනවා

October 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
මට එක එක කාලෙට කතා හැදෙනවා
Share on WhatsAppShare on Facebook

කලාවට ලැදි කාටවත් ගයත්‍රි ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෑ නැහැ. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිළියක් විදියට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ. ඒ වගේම ඇය ගැන එක එක කාලෙට එක එක විදියේ තොරතුරුත් අහන්න ලැබෙනවා. කොහොම වුණත් ගයත්‍රි කියන්නේ නිතරම මාධ්‍ය එක්ක කතා බහ කරන කෙනකුත් නෙවෙයි. ඒ හින්දම කාලෙකට පස්සේ ඇය එක්ක කතා කරන්න අපි තීරණය කළා.
මේ දවස්වල අලුත් වැඩක් පටන් අරන් නේද?
මම ටික දවසකට කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා. ඒකේ වැඩත් කර ගෙන යනවා. ටෙලි නාට්‍ය තුනක් බාර අරගෙන තියෙනවා. ඒ අතරින් දෙකක වැඩ මේ සතියේ පටන් ගන්නවා. අනෙක් එක නම් ටිකක් පහු වේවි. මගේ සැලුන් එක අළුත් තැනකට ගෙනිච්චා. ඒ හින්දා ඒ වැඩත් එක්කත් පොඞ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
විකාශණය අවසන් වෙලා කාලයක් ගත වෙලා තිබුණත් “පිණි” ටෙලි නාට්‍යයේ රාණිගේ චරිතය තවමත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. ඔබටත් ඒ ප්‍රතිචාර ලැබෙනවා ඇති?
ඔව්. නාට්‍යය විකාශණය වෙලා දැන් ටිකක් කල්. ඒත් ඒ නාට්‍යයේ කොටස් සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් ප්‍රචාරය වෙනවා. ඒක මම ගොඩක් ආසාවෙන් කරපු චරිතයක්. ඒ වගේම ප්‍රතිචාරත් හොඳයි.
කාලයක් ගයත්‍රි ඩයස් හාස්‍ය චරිතයන්ට කොටු වෙලා කියල චෝදනාවක් තිබුණා. දැන් හාස්‍ය චරිතවල දකින්න නැත්තේ ඒ චෝදනා හින්දද?
නැහැ. මම කොහොමත් එහෙම විශේෂ තෝරා ගැනීමක් කළේ නැහැ. ඒත් පසුගිය කාලේ එවැනි චරිත මට ලැබුණේ නැහැ. ඒත් ඒ වගේ චරිතයක් ඉදිරියේදී ලැබුණත් රඟපාන්න මම කැමැතියි.
ඔබේ යූටියුබ් නාළිකාවටත් බොහොම හොඳ රසික ප්‍රතිචාර තියෙන බව පේනවා. ඒ වගේම ඒ හරහා ඔබ බොරැල්ලේ සිරිසුමන හිමියන් සමඟ ගෙන ආව සාකච්ඡාව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මේ දේවල් කරන්නේ තවත් ජනප්‍රිය වෙන්න ආසා නිසාද?
අපෝ නැහැ. මට තවත් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. මට එහෙම ජනප්‍රියත්වයක් අවශ්‍යත් නැහැ. බොරැල්ලේ සිරිසුමන හිමියන්ව මම පෞද්ගලිකව දන්නවා. උන්වහන්සේ ගැන වැරැදි දේවල් සමාජයේ කතා කරද්දී, උන්වහන්සේගේ තියෙන හොඳ දේවල් සමාජයට පෙන්වන්න තමයි මට ඕනෑ වුණේ. ඒ හින්දයි ඒ වීඩියෝව කළේ. නැතිව වෙන දෙයක් එතැන නැහැ.
ඒ කියන්නේ ඔබ ජනප්‍රියත්වය හොයා ගෙන යන කෙනෙක් නෙවෙයි කියලද?
ඇත්තටම ඔව්. මම පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් පවා දෙන්නේ හරිම අඩුවෙන්. මගේ පෞද්ගලික ජීවිතය ගත කරගෙන පාඩුවේ ඉන්න තමයි මම ආසා. අඩුම ගාණේ මම පත්තරයක කවර් පේජ් එකකටවත් ඉන්නේ නැහැ. ඒවට වැය කරන වෙලාව මගේ වැඩකට යොදා ගන්න එක හොඳයි කියලයි මම හිතන්නේ.
පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ සම්බන්ධයෙන් තරුණයකු පළ කරලා තිබුණු ටික් ටොක් වීඩියෝ ගැනත් ලොකු කතාබහක් ඇති වුණා. ඇත්තටම මොකක්ද එතැන වුණේ?
ඒවා බැලුව අය කියනකම් මම ඒ ගැන කිසි දෙයක් දැන ගෙන හිටියේ නැහැ. කොහොමත් මං ගැන එක එක කාලෙට එක එක කතා එනවනේ. ඇයි කියන්න මම දන්නේ නැහැ. මොකද ඕනෑම දෙයක් ගැන ටික් ටොක් වීඩියෝ කරන්න ඕනෑම කෙනකුට පුළුවන්. මීට කලින් එවැනි වීඩියෝවක් හරහා අපේ ප්‍රසිද්ධ කලාකාරිණියක් සම්බන්ධ වුණු සිදුවීමක් තිබුණනේ. මාත් එවැනි දෙයකට සම්බන්ධයි කියලා සමහර අය කිව්වා. සමහර අය එහෙම හිතුවා. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම ඒවා ගැන හොයන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ.
අපි ටෙලි නාට්‍ය ගැන කතා කෙරුවට සිනමාව ගැන කතා කළේ නැහැ. ඔබ සිනමාව අමතක කරලද?
නැහැ. කොහොමත් තවම හරියට චිත්‍රපට ප්‍රදර්ශණය ආරම්භ වුණේ නැහැනේ. මම රඟපෑව චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. ඒත් කවදද කියන්න බැහැ.
අපි ඔබේ ව්‍යාපාර කටයුතු ගැන කතා කරමු. අළුත් තැනකට ගිහින් මොකක්ක කරන්න හදන අළුත් වැඬේ?
මගේ අලුත් සැලුන් එක නුගේගොඩ කෝට්ටේ පාරේ විවෘත කළා. ඒක කාන්තා, පිරිමි දෙපාර්ශවයම සඳහාම අවශ්‍ය සියළුම නවීන ක්‍රමවේදවලින් යුතු සුඛෝපබෝගී සැලුන් එකක්. ඒක අලුත්ම වැඩක් තමයි.
මේ දේවල් එක්ක ගයත්‍රි ඩයස් කියන රංගන ශිල්පිණිය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට අහිමි වේවිද?
අපෝ නැහැ. රංගනය තමයි මම වැඩියෙන්ම ආස කරන දේ. හැබැයි ඒ වගේම රූපලාවන්‍යයටත් ආසයි. ඒ හින්දා ඔය දෙකෙන්ම මම කවදාවත් අයින් වෙන එකක් නැහැ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හන්දි රිද්දන සෙනසුරු

Next Post

කාලෙකින් ටෙලිනාට්‍ය වැඩ කළේ නැහැ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.