• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රොෂාන් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම නෑදෑකමක් නෑ

October 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
රොෂාන් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම නෑදෑකමක් නෑ
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු ප්‍රාසාංගික කලාව යළි හිස ඔසවමින් සිටින මොහොතක නැවැත වරක් කොරෝනා දෙවැනි රැල්ල කඩාපාත්වුණේ ප්‍රාසාංගික කලාවට මරු පහරක් එල්ල කරමිනි. ඒ මරු පහරත් සමග ප්‍රසංග වේදිකාවේ වර්තමානය වගේම ඉදිරිය ගැනත් කතාකරන්න කණ්ඩායම් සංගීතයේ පෙරළිකාරයන් වෙමින්, ප්‍රසංග වේදිකාව ප්‍රාසාංගිකව ආක්‍රමණය කළ ඕල්රයිට් නියමු ශලින්ද ප්‍රනාන්දු, අප හා දොඩමළු වූයේ මෙලෙසින්.
කොරෝනා වසංගතයත් එක්ක කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේට ලොකු බලපෑමක් ඇතිවුණා?
ඇත්තටම පසුගිය දවස්වල රටේ ඇතිවෙලා තිබුණ තත්ත්වය නිසා සංගීත ක්ෂේත්‍රය විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයේම පිරිස් ලොකු අර්බුදයකට මුහුණපෑව. මම හිතන්නෙ ඒකෙන් වැඩිම බලපෑමකට ලක්වුණු පිරිසක් අපි. ඒ තත්ත්වය ටිකක් හොඳ අතට හැරීගෙන ආව පසුගිය දවස් ටිකේ. අපිට අලුතින් සංගීත ප්‍රසංගවලට බුකිං ආයෙත් එන්න පටන් ගත්ත. ඒත් දැන් ආයෙත් කොරෝනා තත්ත්වය හිස ඔසවල තියෙන නිසා පරණ තත්ත්වයට යන ගතියක් තමයි පේන්න තියෙන්නෙ. ඇත්තටම අලුතෙන් වැඩක් ගැන හිතන්නවත් මේ වෙලාවෙ හොඳ මානසික තත්ත්වයක් නෑ.
ඕල්රයිට් ලංකාවෙ වැඩිම ඉල්ලුමක් තියෙන බෑන්ඞ් එකක් බවට පත්වෙන්නෙ යන්නෙ ඉතාම කෙටි කාලයක්?
මම හිතන්නෙ ඒකට ප්‍රධානම හේතුව වුණේ අපි කිසිම බෑන්ඞ් එකක් අනුකරණය නොකරපු එක. අපිට පුළුවන් වුණා අපිටම අනන්‍ය වෙච්ච ඉදිරිපත් කිරීමක්, හඬක් එක්ක රසිකයන් අතරට යන්න. ඕල්රයිට් බෑන්ඞ් එකේ අනිත් ශිල්පීන්වත් කාවවත් අනුකරණය කරන්න ගියේ නෑ. ඔවුනුත් ඔවුන්ටම අනන්‍ය වුණ විදිහට තමයි සංගීත කණ්ඩායමේ වැඩ කළේ. ඉතින් අපි ප්‍රසංග වේදිකාවට හඳුන්වල දුන්න ඒ වෙනසත් එක්ක තමයි අපි ලංකාවෙ ජනප්‍රියතම සහ වැඩිම ඉල්ලුමක් තියෙන බෑන්ඞ් එකක් බවට පත්වුණේ.
ශලින්දට ඕල්රයිට් නායකකම ලැබෙන්නෙ රොෂාන් ප්‍රනාන්දු එක්ක තියෙන ඥාතිකමක් හින්දද?
ඇත්තටම අපි අතර එහෙම කිසිම ඥාතිකමක් නෑ. ගොඩක් අය මං ගැන හිතන් ඉන්නෙ මං රොෂාන් ප්‍රනාන්දුගෙ ඥාතියෙක් කියල. සමහරු මං එහෙම නෑ කියල කිව්වත් පිළිගන්නෙ නෑ. ඒ වුණාට අපි අතර ඥාතිකමට එහා ගිය ලොකු බැඳීමක් තියෙනව. ඒ බැඳීම් එක්ක අපිට ඔහුගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම ඇතුළුව අපේ කණ්ඩායමම අද මේ තත්ත්වෙ ඉන්නෙ.
ඕල්රයිට් වෙනම ආයතනයක් හරහා පාලනය වීම ඔබ කොයි විදිහටද දකින්නෙ?
ඕල්රයිට් වෙනම ආයතනයකින් පාලනය වුණාට බෑන්ඞ් එකේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ මම. පරිපාලන කටයුතු විතරයි ආයතනයෙන් සිදුකරන්නෙ. අපේ සංගීතමය වැඩවලට ආයතනයෙන් කිසිදු ඇඟිලිගැසීමක් සිදුවෙන්නෙ නෑ. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ ෆ්ලෑෂ්බැක් ආයතනයේ ප්‍රධානී වන ඩොනල්ඞ් ප්‍රනාන්දු මහත්මයගෙන් ලැබුණු සහයෝගය. නවීන තාක්ෂණයත් එක්ක මුසුවෙලා වැඩ කරන්න පුළුවන් සියලුම පහසුකම් අපිට ආයතනයෙන් ලබාදීල තියෙනව. ඒ විදිහට අපිට ආයතනය පැත්තෙන් ලැබෙන සහයෝගයත් එක්ක තමයි අපිට මේ ගමන මේ තරම් දුර එන්න පුළුවන්කම ලැබුණෙ.
ශලින්දගෙ ජනප්‍රියත්වයත් එක්කම වෙනත් බෑන්ඞ්වලින් ආරාධනා එන්න ඇති?
එහෙම ආරාධනා ඕන තරම් ඇවිල්ල තියෙනව. හැබැයි එහෙම ආපු ආරාධනා ගොඩක් කෙළින්ම මට ආපුව නෙවෙයි. මොකද මම බෑන්ඞ් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියල ක්ෂේත්‍රයේ හැමෝම දන්නව. ඉතින් වෙනත් අය මාර්ගයෙන් තමයි මට එහෙම යෝජනා ඇවිල්ල තියෙන්නෙ.
අලුතින් බිහිවෙන බෑන්ඞ් ඕල්රයිට්ලට අභියෝගයක් නෙවෙයිද?
ඇත්තටම අලුත් බෑන්ඞ් එන එක අපිට කිසිම අභියෝගයක් නෙමෙයි. මොකද අපි මෙච්චර කල් ප්‍රමිතියක් ඇතිව තමයි සංගීත කණ්ඩායමක් විදිහට වැඩ කරල තියෙන්නෙ. අනිත් එක තමයි අපි රසිකයන් අතරට ගිහින් තියෙන්නෙ අපිටම අනන්‍ය වුණු වෙනස්ම හඬක් එක්ක. ඉතින් අපිට හැදිල තියෙන රසික පිරිසත් එක්ක අලුත් බෑන්ඞ් අපේ ගමනට බාධාවක් නෙවෙයි. ඕල්රයිට් අවුරුදු 13ක් තිස්සෙ තවමත් ලංකාවේ ජනප්‍රියතම බෑන්ඞ් එකක් විදිහට ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙත් රසිකයන් අපි ගැන තියල තියෙන ඒ විශ්වාසය නිසයි.
එකොස්ටික් කියන සංගීත ශෛලිය හා එකොස්ටික් බෑන්ඞ් මේ දවස්වල ගොඩක් ලංකාවෙ ජනප්‍රිය වෙමින් පවතිනව. ශලින්ද ඒ ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම එකොස්ටික් කියල ලංකාවෙ ප්ලේ කරන අය ගොඩක් කරන්නෙ ඩ්‍රම් සෙට් එක විතරක් එකොස්ටික් විදිහට ප්ලේ කරන එක. ඇත්තටම එකොස්ටික් කියන්නෙ ඒක නෙමෙයි. මමත් පෞද්ගලිකව කැමැති සංගීත ශෛලියක් තමයි එකොස්ටික් කියන්නෙ. ලංකාවෙ මම අහන එකොස්ටික් බෑන්ඩුත් ගොඩක් තියෙනව. නමුත් අපේ නම් අදහසක් නෑ එකොස්ටික් ප්ලේ කරන්න. අනිත් එක තමයි හෙට ඉඳල අපි එකොස්ටික් ප්ලේ කරනව කියල ඒ වැඬේ කරන්න බෑ. ඒ ශෛලිය වෙනම හදාරල ඉගෙන කරන්න ඕන වැඩක්. ලංකාවෙ ඒ ශෛලිය ජනප්‍රිය වේගෙන ආවත් අපි ඒ ශෛලිය ප්ලේ කරන්න ඕනෙ කියලවත් අපිට ඒකෙන් අභියෝගයක් වෙයි කියලවත් අදහසක් මගේ නම් නෑ.
සංගීත කණ්ඩායමේ නියමුව විදිහට ඕල්රයිට් මේතාක් ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?
ඕල්රයිට් මේතාක් ආපු ගමන ගැන මට ලොකු සතුටක් තියෙන්නෙ. ඒ වගේම මම ආඩම්බර වෙනව ලංකාවේ අංක එකේ බෑන්ඞ් එකක් කියන තැනට ඕල්රයිට් ගේන්න ලැබීම ගැන. මම සංගීත ක්ෂේත්‍රයට පිවිසිල අවුරුදු විස්සකට වැඩි වුණත් ඕල්රයිට් එක්ක ගෙවිච්ච පසුගිය අවුරුදු 13 තමයි මට හරියට වැඩක් කරන්න පුළුවන් පිරිසක් සහ ඒකට අවශ්‍ය වටපිටාව සැකසුණේ. ඉතින් කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් හා අපි වැඩ කරන ෆ්ලෑෂ්බැක් ආයතනයෙන් ලැබෙන සහයෝගයත් එක්ක මේතාක් ඕල්රයිට් ආපු ගමන ගැන කණ්ඩායමේ නායකයා විදිහට මම ඉතාමත් තෘප්තිමත්.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මගේ අලුත්ම සින්දුවේ වැඩ මේ දවස්වල ප්ලෑන් කරගෙන යනව. ඒක මියුසික් වීඩියෝ එකක් එක්ක වෙනස්ම වැඩක්. රටේ තත්ත්වයත් එක්ක ඒකෙ වැඩකටයුතු කොහොම වෙයිද කියල හරියටම කියන්න බෑ. නමුත් ඉක්මනින්ම මගේ අලුත්ම ගීතය රසිකයන්ට දකින්න ලැබෙයි. විශේෂයෙන් මතක් කරන්න මේ සියලුම වැඩකටයුතු සඳහා මගේ බිරිය සඳු ප්‍රනාන්දුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනව. ඒ සහයෝගය නිසා තමයි මගේ වැඩකටයුතු මේ තරම් සාර්ථකව කරගෙන යන්න මට හැකියාව ලැබිල තියෙන්නෙ. ඊට අමතරව ඕල්රයිට් බෑන්ඞ් එකේ අලුත් සින්දුවක වැඩක් මේ වෙද්දි අවසන් කරල තියෙන්නෙ. ඒ ගීතයත් ඉදිරියෙදි රසිකයන්ට අහන්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කොළඹ රාජකීය විද්‍යාලයේ නව HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සිසු අයිතියට

Next Post

රක්ෂණ ක්ෂේත්‍රයේ දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.