• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රුවන්වැලි මහා සෑයේ ධතු ගර්භයට ගිය එකම රජතුමා

October 10, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රුවන්වැලි මහා සෑයේ ධතු ගර්භයට ගිය එකම රජතුමා
Share on WhatsAppShare on Facebook

රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැඳුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ. එනම් ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි.

රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදු කළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි. හවසටත් රුවන්වැලි මහා සෑයටත් වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේ. දවසක් රජතුමාට යෙදිළා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොඳටම හවස් වුණා. ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාලිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩිවුණා. බත් පිඩ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා.

රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයන්ගෙන් බත් පිඬක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා “අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ නැහැ නේද” කියල. එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළිගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි.

රාජ පුරුෂයා රජතුමාට කියනවා “දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ” කියලා රජතුමා කලබලයට පත් වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඬ ආපහු රන් තලියට දමා නැගිට්ටා. ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා. දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුවෙලා නැඟෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා. කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා.

භාතිය රජතුමාට ඇහුණා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඬින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා. පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ. කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ. හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඬ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතූ ගර්භයේ ඇතුළතින් කියලා රජතුමාට වැටහුණා.

එදා භාතිය රජතුමා නැඟෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨාන කළා. “චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ. මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා. ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා” කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.

භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන්ගේ ආසන උණු වෙන්න පටන් ගත්තා. සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා. ඒ ගැන වටහාගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා. ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා. ඒ පිරිත් හඬ තමයි රජතුමාට අහන්න ලැබුණේ.

පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහන්සේ නමක් තවත් ඍද්ධිබල සම්පන්න තෙරුන් වහන්සේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා. ඒ රහතන් වහසේ ඍද්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජතුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා. රජතුමාගේ හිතේ හැටියට ධාතූ ගර්භය වන්දනා කරගන්න සැලැසුවා. නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.

සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍද්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති. අන්න ඒ ආකාරයට තමයි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍද්ධිබලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතූ ගර්භය වන්දනා කරවන්න ඇතුළට ගෙන ගියේ.

ධාතූ ගර්භය තුළ සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැඳුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොඳයි කියලා කල්පනා කළා. රජතුමා රන්කරුවන් ළවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාලිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතූ ගර්භයෙහි ආකෘතියක් සකස් කළා. භාතිය රජතුමා වසරක් පාසාම නගරවාසීන්ට තමන් දුටු ඒ ධාතූ ගර්භයෙහි සැලැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත් වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුල දරුවන් පැවිදි වූ බවත් ථූපවංශයෙහි සඳහන් වෙලා තියෙනවා.

ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි.

රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදී සුවඳ මල් වගා කෙරෙව්වා. දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා. එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහා සෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා. සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා. එවැනි ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.

එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදු කළ ඒ පූජාවන් ගැන සිහි කරද්දි රුවන්වැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොඳින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා.

මහාවංසයෙහි සඳහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා. මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල්වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සඳහන් වෙනවා.

දුටුගැමුණු නම් රජතුමා රුවන්වැලි මහා සෑය මුදුනේ ජත්‍රයක් පිහිටුවා පූජාවන් පැවැත්තුවා. ඉන්පසු ඉලනාග නම් රජතුමා ලම්බකරණ ගෝත්‍රිකයන් ලවා රුවන්වැලි මහා සෑයට යන මාර්ගය අලංකාරවත් ලෙස සකස් කරවූ බවත්, සිරිනාගනම් රජතුමා රුවන්වැලි මහා සෑයෙහි කොත්කැරැල්ල මුදුනෙහි ජත්‍රයක් පිහිටුවා එය රනින් අලංකාරවත් ලෙස කැටයම් කර වූ බවත් හතරැස් කොටුවෙහි වටිනා මාණික්‍ය හතරක් පිහිටුවා පූජාවන් සිදුකළ බවත් සඳහන් වෙලා තියෙනවා.

පළවෙනි අග්‍රබෝධි රජතුමා රත්තරනින් කරවන ලද ජත්‍රයක් රුවන්වැලි මහා සෑයට පූජා කළ බවත්, මහා පරාක්‍රමබාහු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තවත් අලංකාරවත් කළ බවත්, කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා, දෙවන පරාක්‍රමබාහු රජතුමා, හතරවැනි විජයභබාහු රජතුමා වැනි රජවරුන්ගේ කාලයේ පවා විටින් විට මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් අතීත රජවරුන් මහා සෑයට ගරු සත්කාර පැවැත්වූ ආකාරය මහාවංශය ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා.

උපුටා ගැනීමකි

SendShareShare
Previous Post

කුජ අපලෙන් මිදෙන්න පහසුම ක්‍රමය

Next Post

මගේ ගාන සැරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.