• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් ටෙලි හැදෙන්නේ නාළිකාවලට ඕනෑ විදිහට

October 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
දැන් ටෙලි හැදෙන්නේ නාළිකාවලට ඕනෑ විදිහට
Share on WhatsAppShare on Facebook

චමිලා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණම රංගන ශිල්පිනියන් අතරින් කෙනෙක්. දශක දෙකහමාරකටත් වැඩි කාලයක් පුරා වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ තුනෙන්ම එක වගේ දක්ෂතා පෙන්වන්න චමිලාට හැකියාව ලැබුණා. ඒ වගේම ඕනෑම දෙයක් කෙළින් කතා කරන ශිල්පිනියක් විදියටත් චමිලා ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. මේ අපි ඇය සමඟ කළ කතාබහ.
වර්තමාන කලා කටයුතු ගැන කියන ගමන් අපි කතාබහ ආරම්භ කරමු?
මේ දවස්වල නැවතිලා තිබුණු කලා කටයුතු ටිකෙන් ටික ආරම්භ වෙනවා. මම රඟපෑව ටෙලි නාට්‍ය තුනක් මේ වෙද්දී විකාශනය වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක් දැන් ටිකෙන ටික රඟ දක්වන්න පටන් අරගෙන තියෙනවා.
ඒ කියන්නේ ළඟකදී සිනමා නිර්මාණයක් සමඟ සම්බන්ධ වුණේ නැහැ කියන එකද?
වැඩ ඉවර කෙරුව චිත්‍රපට තුනක් විතර එන්න නම් තියෙනවා. ඒත් ඒවා කවදා ඒවිද කියන්න දන්නේ නැහැ. ඒවායේ වැඩ ඉවර වෙලත් දැන් ගොඩක් කල්. ඒ හින්දා සිනමාව ගැන ලොකු බලාපොරොත්තුවක් කොහොමත් නැහැ.
වේදිකාව සහ ටෙලි නාට්‍ය කියන දෙක අතරින් ඔබ වඩාත් කැමැති කුමන ක්ෂේත්‍රයටද කියලා ඇහුවොත්?
මම වේදිකාවට ගොඩක් කැමැතියි. ඒ වගේම වේදිකාවේ ගොඩක් වැඩ කරලත් තියෙනවා. ඒත් වර්තමානයේ ටෙලි නාට්‍ය කර්මාන්තය වේදිකා නාට්‍ය කර්මාන්තයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. වේදිකා නාට්‍යවලට වඩා ටෙලි නාට්‍ය තමයි වැඩියෙන් හැදෙන්නේ. ප්‍රේක්ෂකයොත් වැඩිපුර නරඹන්නේ ටෙලි නාට්‍ය. ඒ හින්දා අපටත් ටෙලි නාට්‍ය සඳහා තමයි වැඩි දායකත්වයක් දක්වන්න සිදු වෙලා තියෙන්නේ.
ඒත් වර්තමානයේ නිෂ්පාදනය වන ටෙලි නාට්‍යවල ගුණාත්මක බව සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තියෙනවා.
ඒක අපිටත් පිළිගන්න වෙනවා. ටෙලි නාට්‍යවල ගුණාත්මක බව අඩු වෙන්න විවිධ හේතු තියෙනවා. ගුණාත්මක නිර්මාණයක් නිෂ්පාදනය කරන්න නම් වැඩි කාලයක්, වැඩි මුදලක් සහ වැඩි ශ්‍රමයක් වැය කරන්න වෙනවා. ඒත් වර්තමානයේ නිර්මාණයක් සඳහා ඒ වගේ කැප කිරීමක් කරන්න හැමෝම සූදානම් නැහැ. ඒ වගේම අද වෙද්දී ලංකාවේ රූපවාහිනී නාළිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍යවලින් බහුතරය නිෂ්පාදනය කරන්නේ ඒ රූපවාහිනී නාළිකාවලට අවශ්‍ය විදියට. ඒ ඒ නාළිකාවලට ආවේණික රැලි තියෙනවා. එතැනදි ලාබය කියන එක තමයි ඒ අයගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ නිෂ්පාදන සඳහා තමන්ට කැමැති අධ්‍යක්ෂවරු, තිර පිටපත් රචකයෝ තමයි ඒ අය තෝරා ගන්නේ. ඒ වගේ නාට්‍ය ජනප්‍රියත්වයට පත් වුණාම අනෙක් අයත් ඒ වගේ නිර්මාණ කරන්න පෙලඹෙනවා. අද කාලේ ටෙලි නාට්‍ය ඒකාකාරී බවක් පේන්නේ අන්න ඒ හින්දයි. ඒත් මේ අතරේ හොඳ නිර්මාණයක් කරලා උඩුගං බලා පිහිනන්න හදන නිර්මාණකරුවෝ කිහිප දෙනෙකුත් අපි අතරේ ඉන්නවා. ඒ අතරේ තරුණයන් කිහිප දෙනකුත් ඉන්න එක මේ හැමදේමට වඩා සතුටුයි.
ඔබත් ටෙලි නාට්‍ය තෝරා බේරා ගෙන රංගනයේ නිරත වන රංගන ශිල්පිනියක්ද?
ඇත්තටම කිව්වොත් මට එහෙම තෝරා ගැනීමේ අවස්ථාවක් නැහැ. මොකද මට හැම ටෙලි නාට්‍යයකටම කතා කරන්නේ නැහැ. මං හිතන්නේ අධ්‍යක්ෂවරු මට ගැළපෙන චරිතයට තමයි මාව තෝර ගන්නේ. මගේ දක්ෂතාව අනුව මාව ඒ චරිතයට ගැළපෙනවා කියන එක ඒ අය තීරණය කරනවා ඇති.
ඔබ දැන් කලා ලෝකයට පිවිසිලා දශක දෙකහමාරකටත් වැඩියි. කලා ලෝකයට පැමිණි කාලයේ සහ වර්තමානයේ කලාව අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
වර්තමානයට වඩා ආව මුල් කාලෙට මං ආසයි. සමහර විට මට කලින් ආව අය ඒ අය ආව මුල් කාලෙට ආස ඇති. මොකද කාලයත් එක්ක බලද්දී, හැම දෙයක්ම උසස් වනවා වෙනුවට පහළ යෑමක් තමයි දකින්න තියෙන්නේ. කලාවට විතරක් නෙවෙයි ඒක හැම දෙයකටම අදාළයි. පටු පරමාර්ථ එක්ක හරවත් බවෙන් තොර දේ එක්ක තමයි රට, ලෝකය ගමන් කරන්නේ. උදාහරණයක් ගත්තොත්, මං ආව මුල් කාලේ තමයි ලංකාවේ කොටස් 100ට එහා ගිය ටෙලි නාට්‍යවල ආරම්භය සිදු වුණේ. දූ දරුවෝ, නෑදැයෝ වගේ ටෙලි නාට්‍ය හරහා. ඒ කාලේ ඒවා විකාශනය වුණේ ජාතික නාළිකාවේ. ටෙලි නාට්‍යයට නිශ්චිත අනුග්‍රාහකයෙක් හිටියා. එම අනුග්‍රාහකයාට අදාළ දැන්වීමක් දෙකක් තමයි ටෙලි නාට්‍ය අතර ප්‍රචාරය වුණේ. ඒ හින්දා ඒ ටෙලි නාට්‍ය බලන එක ප්‍රේක්ෂකයන්ට එපා වුණේ නැහැ. ඒත් වර්තමානයේ ටෙලි නාට්‍යයක් අතර දැන්වීම් කීයක් ප්‍රචාරය වෙනවද? දැන්වීම් ප්‍රචාරය කර ගැනීම සඳහා ටෙලි නාට්‍ය නිර්මාණය වන බවක් තමයි අද පේන්නේ.
ක්ලීනර්, කෙටි චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන බොහෝ දෙනෙක් කතා කළා. වසර ගණනාවක් ගත වුණාට පස්සේ ඒ චරිතය ගැන මොනවද හිතෙන්නේ?
ඇත්තටම මං තාම ඒ චරිතයට ආසයි. ඒක ඉතාම උසස් නිර්මාණයක්. අද කාලේ ඒ වගේ නිර්මාණ දැක ගන්න නැහැ. ඒ වගේම ඒක වෙනස් නිර්මාණයක්. ඒ විනාඩි 14ම එක දිගට රූගත කිරීමක් තමයි සිද්ධ වුණේ. ඒක ඉතාම අමාරු වැඩක්. අවසන් රූගත කිරීමට කලින් මායි ජනක කුඹුකගේයි කැමරාව ඉදිරියේ දවස් දෙකක් ඒ සම්පූර්ණ දර්ශනයම රඟ දක්වලා පුහුණුවීම් කළා. ඒ දවස් මතක් වෙද්දී හරිම සතුටුයි දැන්.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රජ කාලේ යුද්ධයට අශ්වයන් පුහුණු කරපු අශ්ව ඉස්කෝලේ

Next Post

වාසි රැසක් සමඟ සිංගර් Huawei සැණකෙළිය ඇරඹේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.