• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අඩි සියයක් උස තනි කළු ගලක හදපු කෛලාෂ් දේවාලය ශිව දෙවියන්ගෙ හාස්කමක්ද

October 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අඩි සියයක් උස  තනි කළු ගලක හදපු කෛලාෂ් දේවාලය  ශිව දෙවියන්ගෙ හාස්කමක්ද
Share on WhatsAppShare on Facebook

මිනිසා සතු නිර්මාණාත්මක හැකියාව වරෙක විස්මයජනකය. ඇසත්, සිතත් මවිත කරවනසුලුය. අතීතය, වර්තමානය ලෙස වෙන්කොට නොදැක්විය හැකි ආකාරයට මේ සුවිශේෂී හැකියාවන්ගෙන් නිමැවුණු නිර්මාණ ලෝකය පුරාම හමුවේ. ඇතැම් නිර්මාණයන් මිනිසා විසින් කළාද නැතහොත් විස්මිත ලෙස මැව්වාදැයි සිතන තරමේ මහා නිර්මාණද ලෝකයේ විවිධ ස්ථානයන්හී හමුවෙයි. එවැනි විස්මිත නිර්මාණ හමුවන ලෝකයේ සුප්‍රසිද්ධ රටක් ලෙස ඉන්දියාවට හිමිවන්නේ විශේෂිත තැනකි. එම විශේෂත්වයට හේතුපාදක වෙමින් ප්‍රබල දායකත්වයක් සැපැයූ විස්මිත නිමැවුමක් ලෙසින් මහාරාෂ්ට ප්‍රාන්තයේ එල්ලෝරා ගුහා ආශ්‍රිතව පිහිටා ඇති මහා කෛලාෂ් දේවාලයට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.
කෛලාෂ් දේවාලය අට වැනි සියවසේ ඉදිකරන ලද්දක් ලෙසින් ප්‍රකටව ඇති අග්‍රගණ්‍ය නිර්මාණ කාර්යයකි. ගුහා 32කින් සමන්විත ගුහා සංකීර්ණයේ 16 වැනි ගුහාව විදියටයි කෛලාෂ් දේවාලය ඉදිවෙන්නේ. ශිව දෙවියන් උදෙසාම පමණක් වෙන් කෙරුණු කෛලාෂ් දේවාලය අතීත ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාවන් මනාව පිළිබිඹු කරන්නකි. සියල්ල නිර්මාණය කරන්නට සේම ඒ සියල්ල විනාශ කරන්නට වුවද ශිව දෙවියන් සමත්විය හැකි බව මේ දේවාලයෙන් මනාව පිළිබිඹු කෙරෙන බවටත් මතයක් පවතී.

කෛලාෂ් දේවාලය යනු තනි කළු ගලක අඩි සියයක් උසට නිර්මාණය කළ විස්මිත නිමැවුමකි. යම් ලෙසකට එය ඇදහිය නොහැක්කකි. මන්ද අඩි සියයක උස තනි කළු ගලක් මැද අතිශය සියුම් කැටයම් සහිත අංගසම්පූර්ණ දේවාලයක් තැනීම යනු විස්මකර්ම කටයුත්තකි.

මේ දේවාලය ඉදිකර ඇත්තේ පිහිටි ගලෙහි ඉහළ සිට පහළට හෑරීමෙන් යැයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් මත පළකර තිබුණද එය මහා බරපතළ කාර්යභාරයකි. වර්තමාන දියුණු ක්‍රමවේදයන්ට අනුව වුවද එවැන්නක් සිදුකිරීම පහසු නොවන කටයුත්තකි. කෛලාෂ් දේවාලය ඉදිකිරීමේදී කළුගල් ටොන් ලක්‍ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් පිහිටි ගලෙන් ඉවත්කර ඇති බවටත් විiාඥයන් විසින් කළ ගණනය කිරීම්වලදී හෙළිව තිබේ. එහෙත් එතරම් අභියෝ-ගාත්මක බාරදූර කටයුත්තක් වුවද කෛලාෂ් දේවාලය ඉදිකිරීමට ගතව ඇත්තේ වසර දහඅටක කාලයකි. එය එසේ විය හැකිද යන්න කිසිවකුටත් සැකයක් උපදින්නට හේතුපාදක එකතු කරමින් කෛලාෂ් දේවාලය පිළිබඳව පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන්ද එම මතයම තහවුරු කර ඇත.

තත්ත්වය එසේ වුවද වර්තමානයේ ඇති අති නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් මෙවැනි ඉදිකිරීමක් කරන්නටද වසර සියයක්වත් ගතවිය යුතු බවත් එවැනි කාලයක් නොගෙන මෙවැනි සූක්‍ෂ්ම නිර්මාණයක් කළුගලක් තුළ සිදුකළ නොහැකි බවත් පවසා ඇත්තේ කළුගල් කැණීම් පිළිබඳ විශේෂඥයෙක් වුණු ආචාර්ය ඒ. වී. ශ්‍රී නිවාසන් මහතායි. ඔහු සිය පරිපූර්ණ දැනුම භාවිත කරමින් සිදුකළ ගණනය කිරීම්වලට අනුවයි එම අදහස පවසා ඇත්තේ.

කෛලාෂ් දේවාලය සම්බන්ධයෙන් ඊළඟට මතුව ඇති ප්‍රධානම ප්‍රශ්නය වනුයේ මෙතරම් දැවැන්ත ඉදිකිීමකින් ඉවත් කරන ලද කළු ගල් කුට්ටිවලට කළේ කුමක්ද යන්නය. ඒ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ රාශියක් මේ වන විටත් කර අවසන් වූ නමුත් මෙයින් ඉවත්කළැයි අනුමාන කළ හැකි ගල් දැමූ ස්ථානයක් හෝ හමුවී නැත. යම් ලෙසකට එම ගල්වලින් කළ වෙනත් ඉදිකිරීමක් හෝ හමු නොවීමත් පුදුමයට කරුණකි.

මෙතරම් විශාල ඉදිකිරීමක් වසර දහඅටකින් අවසන් කිරීම වගේම මෙයින් ඉවත් කළ ගල් කුට්ටි අතුරුදහන් වීම ගැනත් යම් දෙගිඩියාවක සිටින අයට ඉන්දියාවෙන්ම සහනදායී පිළිතුරක් ලැබී ඇත. ඉපැරැණි වේද ශාස්ත්‍රය ගැන ලියැවුණු පොත්පත්වලද මෙම කාරණාව ගැන ලියවී ඇති අතර එම සටහන්වලින් හෙළිව ඇත්තේ බහුමාශ්‍රා නම් උපකරණයක් යොදාගෙන කෛලාෂ් දේවාලයේ ඉදිකිරීම් කළ බවකි. වේද පොත්පත්හි සඳහන් කරුණුවලට අනුව බහුමාශ්‍රා යන්ත්‍රය අපට සිතාගත නොහැකි වේගයෙන් ක්‍රියාත්මක වෙන යන්ත්‍රයකි. ඒ වගේම මෙම යන්ත්‍රයේ තවත් විශේෂත්වයක් වන්නේ කඩන කළුගල් එයින්ම වාෂ්ප බවට පත්කිරීමට ඇති හැකියාවයි. වසර ගණනාවකට පෙර එවන් තාක්‍ෂණයක් තිබුණේ කෙසේද යන්නත් එකල මිනිසුන් එවැනි තාක්‍ෂණික ඥානයකින් පිරිපුන්ව සිටියේද යන්නත් තවමත් හෙළි නොවූ ගැටලුවකි.

එහිදී ගුප්ත විද්‍යාවත් සම්බන්ධ පර්යේෂණය කරන්නන්ගේ අදහස වී ඇත්තේ දේවාලය ඉදිරකර ඇත්තේ පහළ සිට ඉහළට හෑරීමෙන් බවයි. එමෙන්ම ලෙයිත් ලිට්ල් නම් ආචාර්යවරයාගේ මතය වී ඇත්තේ, කිසිවකුට සිතාගත නොහැකි ආකාරයේ විශේෂ උමං මාර්ග පද්ධතියක් තිබීම නිසා මෙම ඉදිකිරීම් සියල්ල පහළ සිට ඉහළට ඉදිකරන්නට ඇති බවයි.
මෙම උමං මාර්ග කොහෙන් කොහොම අවසන් වෙනවාදැයි තවමත් සොයාගෙන නොමැති බැවින් ඇතැම් උමං මාර්ග වැටවල් යොදා වසා දැමීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසාය.
කෛලාෂ් දේවාලය සහ ඒ අවට ඇති අනෙක් ගුහාවන් ආශ්‍රිතව ඇති උමං මාර්ග පද්ධතිය පොළොව යට ඇති විශේෂ නගරයකට සම්බන්ධ වන බවට මතයක් පළවී ඇතත් ඒ සම්බන්ධව තවමත් කිසිදු සාක්‍ෂියක් සොයා ගැනීමට සමත්ව නැත.

ඒ අතර තවත් විශේෂිත මතයක්ද ඉදිරිපත් වෙයි. මෙම නිර්මාණ සියල්ල පොළොව යට ඇති නගරයකට සම්බන්ධ බවත් එම නගරය පිටසක්වළ හා සම්බන්ධ දියුණු තාක්‍ෂණික මෙවලම්වලින් සමන්විත සුවිශේෂී ලෙස නිර්මාණයක් වූවක් බවටත් කියැවෙනවා. මේ සියලු අදහස්වල යම් සත්‍යතාවක් ඇද්ද යන්න කෙනකුට සැක හරින්න ඕනෑ තරම් සාක්‍ෂි සාධක සොයා ගන්නත් අපහසු නැත. මන්ද කෛලාෂ් දේවාලයේ ඇත්තේද අතිශය මටසිලිටු නිමැවුම් කලාවකි. සරලවම කියනවා නම් එය විස්මිතය, විස්මයජනකය අතිශය සංකීර්ණය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කුජ 7ට කුජ 7ම හරියයිද

Next Post

දික්කසාද වුණු මේධා කොල්ලෙක් බඳීද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.