කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් මුළු රටම වසා තැබූ තත්ත්වයක් තුළ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවෙස්වල සිට සැමරූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට අලුත්ම අත්දැකීමක් එක් කළ HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන සමගින් එක්ව ජයලැබූ ජයග්‍රාහකයින් ඇගයීමට සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හා සබැඳි විවිධ ජන ක්‍රීඩා, අවුරුදු රස පැන තරග ඇතුළුව විවිධ වැඩසටහන් රැසක් HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින් වෙත තිළිණ කළේය.
HNB FINANCE සමාගමේ විසිවැනි සාංවත්සරික වසරේදී සිය පාරිභෝගිකයින්ට හා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඩිජිටල් සේවා පද්ධති මත බලගැන්වූ කාර්යක්‍ෂ්ම මූල්‍ය සේවාවක් ලබා දීමේ ඉලක්කය වෙත ගමන් කරන සමාගම මෙම වැඩපිළිවෙළ තුළින්ද නවතම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට සමත් විය. “අපේ ගෙදර අවුරුදු” HNB FINANCE ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වෙත තිළිණ ප්‍රදානය කිරීම දිවයින පුරා පිහිටි HNB FINANCE හි ශාඛා ජාලයේ ශාඛා කළමනාකරුවන් අතින් ඒ ඒ ශාඛාවන්හිදී සිදුකෙරුණි.











