• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවේ රහ වේදිකාවේ නැහැ

September 26, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිනමාවේ රහ වේදිකාවේ නැහැ
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රවීණ සිනමා නළුවන් අතර ඉදිරියේම ඉන්න නළුවෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා. ඒ වගේම මහේන්ද්‍ර කියන්නේ සිනමාවේ විවිධාකාරයේ චරිත හරහා අපිට දැක ගන්න ලැබෙන නළුවෙක්. හාස්f්‍යා්ත්පාදක චරිත, සම්භාව්‍ය චරිත ඇතුළු ඕනෑම විදියේ චරිතයක් ඉතාම විශිෂ්ට ආකාරයෙන් රඟපාන්න මහේන්ද්‍ර සතුව හැකියාව සුවිශේෂීයි. මේ දේවල් ගැන වගේම අලුත් කලා කටයුතු ගැන දැන ගන්නත් එක්ක අපි කාලෙකට පස්සේ මහේන්ද්‍ර පෙරේරාට කතා කළා.
මේ දවස්වල කෙරෙන කලා කටයුතු ගැන කියලම අපි කතාබහ පටන් ගමු?
දීර්ඝ නිවාඩුවකට පස්සේ දැන් ටික ටික වැඩ කටයුතු නැවත ආරම්භ වෙනවා. ඒ අතර මඟ නැවතුණු චිත්‍රපට බොහොමයක් නැවත ආරම්භ කිරීම සඳහා දින යොදා ගනිමින් තියෙනවා. ඒ වගේම නවත්තලා තිබුණු මගේ රංගන පංතිත් නැවත පටන් ගත්තා. ඒ වගේම අලුත් චිත්‍රපට කිහිපයක් ගැනත් සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා.
මේ වෙද්දී වැඩ ඉවර වෙලා තිරගත කිරීමට නියමිත චිත්‍රපට ගැනත් දැන ගන්න රසිකයන් කැමැති ඇති?
චිත්‍රපට හතක විතර වැඩ කටයුතු ඉවර වෙලා තියෙනවා. ඉදිරියේදී ඒවා තිරගත වේවි.
ඒ අතරින් ඔබට විශේෂ චිත්‍රපට මොනවද?
එහෙම එකක් නැහැ. හැම චරිතයක්ම විශේෂයි. ගින්දරී 03, අතුරු මිතුරු වගේ චිත්‍රපට ඒ අතරේ තියෙනවා.
ගින්දරී චිත්‍රපට මාලාව හරහා ඔබ හාසf්‍යා්ත්පාදක නළුවකු ලෙස කොටුවීමක් වෙලා කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
මෙහෙමයි. මට ලැබෙන චරිතය හාස්f්‍යා්ත්පාදක එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒක සම්භාව්‍ය ගණයේ චරිතයක් වෙන්නත් පුළුවන්. ලැබෙන චරිතය මොකක් වුණත් ඒක නිර්මාණය කරන එක තමයි නළුවෙක් විදියට මම කරන්නේ. හාසf්‍යා්ත්පාදක චිත්‍රපටයක රඟපෑවට පස්සේ හැමෝම කියනවා ඒක හොඳයි කියලා. ඊට පස්සේ වෙනත් චිත්‍රපටයක රඟපෑවට පස්සේ ඒක හොඳයි කියලා කියනවා. තව දෙයක්. අන්තවාදී වෙලා මේකේ පවතින්න බැහැ. අපේ සිනමාව කියන්නේ බොහොම සශ්‍රීක තෝතැන්නක් නෙවෙයිනේ. මේක මගේ වෘත්තිය. මේක මගේ ජීවිතය. ඒ හින්දා ලැබෙන චරිතයට සාධාරණය ඉටු කරමින් ගමන යන එක තමයි අපි කරන්න ඕනෑ.
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කාලයක් සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය කියන තුන් අංශයෙන්ම දක්ෂතා දක්වපු නළුවෙක්. ඒත් සෑහෙන කාලයකින් වේදිකා නාට්‍යයක් හරහා ඔබව දකින්න ලැබුණේ නැහැ. අපි ඒ ගැන කතා කරමු?
ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයාගේ “යක්ෂාගමනය” වේදිකා නාට්‍යයේ තමයි මම අන්තිමට රඟපෑවේ. වේදිකා නාට්‍යවල රඟපාන එක නවත්වන්න හේතු ගොඩක් තිබුණා. ඒක වෙනම කතාවක්. ඒත් මට එදා ඉඳන්ම ඕනෑකම තිබුණේ සිනමා නළුවෙක් වෙන්න. හැබැයි මම වේදිකාවෙන් රංගනය හැදෑරුවා. ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ වගේම වේදිකාවේ වෙහෙසකර බව මට දැනෙන්න ගත්තා. එහි රසය ටික ටික අඩුවෙන්න ගත්තා. ඒ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. තමන් කැමැති වේදිකාවට කියලා කියන අයත් ඉන්න පුළුවන්. ඒත් මම ආස සිනමාවට.
එතකොට ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
ටෙලි නාට්‍ය රඟපාන්නේ නැහැ කියලා නැහැ. ඒත් මම පසුගිය ටිකේ බොහොම අඩුවෙන් තමයි ටෙලි නාට්‍ය එක්කත් සම්බන්ධ වුණේ. මොකද මම මෙගා නාට්‍යවල රඟපාන්නේ නැහැ. ඒත් මෙගා නෙවෙයි කියලා අපිට කතා කරන සමහර නිෂ්පාදකවරු මෙගා නාට්‍යයක් විදියට ඒක පෙන්වන්න රූපවාහිනී නාළිකා එක්ක ගිවිසුම් ගහන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අත්දැකීම් දෙකකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. කොහොම වුණත් මම රඟපෑව ටෙලි නාට්‍ය තුන, හතරක වැඩ ඉවර වෙලා තියෙනවා. හැබැයි ඒවා කවදා විකාශනය වේවිද කියන්න බැහැ.
ඔබ දැන් කලා ලෝකයට ඇවිත් දශක කිහිපයක් ගත වෙලා තියෙනවා. එදා කලා ලෝකය සහ වර්තමාන කලා ලෝකය අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?
එදා තිබුණු මොනවද අද වෙනස් වෙලා නැත්තේ. 70 විදිය නෙවෙයි 80දි තිබුණේ. 80 විදිය නෙවෙයි 90දි තිබුණේ. 90 විදිය නෙවෙයි දැන් තියෙන්නේ. ඒක කලාවට විතරක් නෙවෙයි හැම දේමට අදාළයි.
එදා තිබුණු තත්ත්වයෙයි අද තියෙන තත්ත්වයෙයි දකින්න ලැබෙන වෙනසේ හොඳ නරක ගැන ඇහුවොත්?
හොඳ දේවල් හොඳයි. නරක දේවල් නරකයි. මෙහෙමයි. පසුගිය කොරෝනා කාලෙදි අපි ජීවිතය ගැන ලොකු හැදෑරීමක් කළානේ. සොබාදමට අවනත නොවී අපිට ජීවත් වෙන්න බැහැ. අපි සොබාදමේ යාවජීව සාමාජිකයෝ. ඒ හින්දා අපි සොබාදමත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. අපි අද කරන දේවල්වල ප්‍රතිඵල අනාගත පරපුරට තමයි බලපාන්නේ. කලාවට විතරක් නෙවෙයි හැම දේකටම ඒක අදාළයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඉහළට යන පඩිපෙළ ඔබව පහළට වට්ටයි

Next Post

මැතිනිට හොඳ නම් බැසිල්ට නරකද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.