• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඇත්තන් හැඩ වැඩ දමා ලියූ අයනු ආයනු මැද ඇති නැති සැමට මගපෑදූ සිප් සතරේ සුපුන් සඳ

September 26, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඇත්තන් හැඩ වැඩ දමා ලියූ අයනු ආයනු මැද ඇති නැති සැමට මගපෑදූ සිප් සතරේ සුපුන් සඳ
Share on WhatsAppShare on Facebook

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඇවිත් අපේ ගෙදරට එන්න තියෙන ලස්සනම පාර වැලිපැන්න පිවිසුම හරහා ලෙව්වන්දූවට ඇවිත් එතැනින් අවිත්තාව, වලල්ලාවිට හරහා මීගහතැන්න පාර. අධිවේගී මාර්ග ගැන සිහිනයෙන් පවා නොසිතපු කාලයක, බොරළු පාර දිගේ බක්කි කරත්තයෙන් හාමු මහත්තයා එන විට පාරෙ කානුවට බැහැලා කරේ තිබුණ ලෙන්සුව අතට ගත්ත උදවියගෙ දරු මුණුබුරන් අද සැප යාන වාහනවල නැගී අධිවේගී මාර්ගවලින් ගමන් බිමන් යන එන තත්ත්වයට ඇවිත් තියෙනවා. ධනය, බලය, අධ්‍යාපනය ඇතුළු සියලුම වරප්‍රසාද හාමු මහත්තුරු තමන්ටම සින්නකරව ලියාගෙන ඉඳිද්දි හාමු මහත්තයගෙ වලව්වෙ බැල මෙහෙවර කරපු අයගෙ දරුවන්ටත් ලොකු මහත්තුරු නෝනලා වෙන්න පාර කපා දුන්න උත්තමයා අද නිහඬවම සැතපිලා ඉන්නේ මේ මීගහතැන්න – ලෙව්වන්දූව මාර්ගයෙ අතර මග හමුවෙන “ලූල්බද්දූව“ නම් සුන්දර ගමේ.

ඒ උතුම් මිනිසා වෙන කවුරුවත් නෙමෙයි. ජාතියේ පියා ලෙස හැඳින්විය යුතු, නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරව නාම ලැබූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා. එතුමා නොසිටින්න ධනය, බලය, උසස් සමාජ පසුබිම උපතින්ම හිමි නොවුණු කාටවත් තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් ඉදිරියට ගිහින් තමන්ගෙම තැනක් හදාගන්න, තමන්ගෙ සමාජයට ආලෝකයක් අරන් එන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. කන්නන්ගර මැතිතුමා උපදින කාලය වන විට මෙරට හැම වරප්‍රසාදයක්ම, හැම පහසුකමක්ම භුක්ති වින්දෙ ධනය බලය හිමි ඉතාම සීමිත පිරිසක්. අනෙක් අයට සිදු වුණේ ඒ අයගෙ ප්‍රවේණි දාසයන් ලෙස කටයුතු කිරීමට. අධ්‍යාපනය, රැකියා, පරිපාලනය, නිලතල, ඉඩකඩම් ආදී සියල්ල පරම්පරාවෙන් පරම්පරාවට ධනවතුන් බලවතුන් අතම පැවතුණු නිසා ධනය බලය අහිමි කාටත් උසස් සමාජ තත්ත්වයක් හිමි කර ගැනීම සිහිනයක්ම පමණක් විය. ධනය බලය අහිමි සාමන්‍ය පුරවැසියකුට ඉදිරියට යාමට තිබුණු එකම මග අධ්‍යාපනයයි. නමුත් අධ්‍යාපනයන් ධනය මතම තීරණය වූ නිසා මේ සමාජ ක්‍රමය බිඳදමින් තමන්ගෙ හැකියාව, දක්ෂතාව අනුව තමන්ට හොඳ අනාගතයක් හදාගන්න, වරප්‍රසාද ලබා ගන්න දුප්පත් දරුවන්ට ඉඩක් ලැබුණෙ නෑ. මේ නිසා දුප්පත් දරුවන්ට සිදුවුණේ තමන්ගෙ දෙමව්පියන් වගේම වලව්වට බැල මෙහෙවර කිරීම, වලව්වෙන් ලැබෙන දෙයින් යැපෙමින් කටුක, දුෂ්කර, නීරස දිවියක් ගත කිරීමටය.

1884 ඔක්තෝබර් 13 වන දින අම්බලන්ගොඩ රන්දොඹේහිදී “ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර” මහතා මෙලොව එළිය දකින්නෙ එවන් පසුබිමක. යමක් කමක් සහිත පවුලක උපන් නිසා කන්නන්ගර මැතිතුමාට අධ්‍යාපන වරම් ලැබීමට වාසනාව හිමි වෙනවා. අම්බලන්ගොඩ වෙස්ලියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට එතුමට හැකි වෙනවා. සාර්ථක ලෙස පාසල් අධ්‍යාපනය ලැබූ කන්නන්ගර මැතිතුමා රිච්මන්ඞ් විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයට එක්වී ගණිත ගුරුවරයකු ලෙස කටයුතු කිරීමටද අවස්ථාව හිමිකර ගන්නවා. වේල්ස්කුමර, මෙතෝදිස්ත, වෙස්ලි විද්‍යාලය යන පාසල්වලද ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කරන එතුමා පසුව ගුරු වෘත්තියට සමුදී නීති විද්‍යාලයට බැඳී නීතිඥයකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරනවා.

මේ අතර 1917 දී ගාලු ප්‍රදේශයේ පළමු දේශපාලන සංවිධානය වූ “ගාලු දේශපාලන සංගමය”හි ආරම්භක ලේකම්වරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනට පැමිණෙන කන්නන්ගර මැතිතුමා 1923 දී දකුණු පළාතේ නියෝජිතයා වශයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වෙනවා. 1931 වසරේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසුරුවා හරින තෙක් එහි සිටි කන්නන්ගර මැතිතුමන් 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙනවා. එහි අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති ලෙස වැඩි ඡන්දයෙන් පත් වූ එතුමා මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ භාග්‍ය උදා කරගන්න සමත්වෙනවා. 1936 දී ගාල්ල ඡන්ද කොට්ඨාසය අතහැර පියාගේ උපන් ගම වූ කළුතර දිස්ත්‍රික්කයේ “ලූල්බද්දූව” අයත් මතුගම ආසනයට තරග කොට 1936 පෙබරවාරි 27 දින පැවැත්වූ මැතිවරණයේදී වැඩි ඡන්ද 4,459ක් ලබා ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වීමට එතුමා සමත් වෙනවා.

මේ තේරී පත්වීම මෙරට සමාජය සහමුලින්ම වෙනස් කළ පත්වීමක්. රාජ්‍ය මන්ත්‍රණ සභාව හරහා රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම වෙනුවෙන් මූලික වෙලා ක්‍රියාකරන්නෙ කන්නන්ගර මැතිතුමා. මේ නිසා 1942 දී කන්නන්ගර මැතිතුමාගෙ සභාපතිත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ විශේෂ කමිටුවක් පත් කරනවා. එහි වාර්තාව ප්‍රකාශයට පත් වෙන්නෙ 1943දී. මේ වාර්තාව මගින් නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම එනම් සියලු දෙනාටම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම, නේවාසික පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල හා උසස් ද්විතීයික අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩි කිරීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආගමික අධ්‍යාපනය හඳුන්වා දීම, ගුරුවරුන් සඳහා ක්‍රමවත් මාසික වැටුප් ක්‍රමයක් ආයතන ගත කිරීම, විශ්වවිද්‍යාල පිහිටුවීම වැනි යෝජනාවන් එළිදැක්වීම සිදුවෙනවා. මෙහි අරමුණ, ජාතියට “නිශ්චිත වටිනාකමක්” දීම බව කන්නන්ගර මැතිතුමා ප්‍රමුඛ කමිටුව නිර්දේශ කරනවා.

නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය අත්හදා බැලීම පිණිස 1943දී ලංකාවේ පළමූ මධ්‍ය මහා විද්‍යාලය වන මතුගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා කමිටුවේ යෝජනාවන් සහිත නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ ඇතුළත් අධ්‍යාපන පනත 1944 මැයි 30 වැනි දින ඉදිරිපත් කිරීම සිදුකරනවා. නමුත් මේ පනත සම්මත කරගැනීම පහසුවෙන්නෙ නෑ. නිදහස් අධ්‍යාපන අරමුණ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියාකළ කන්නන්ගර මැතිතුමාට සටන් කරන්න සිදු උනේ මෙරට පාලනය කරපු විදේශිකයන්ටත් වඩා ස්වදේශීය බටහිර ගැති පාලකයන් සහ ධනපතියන් සමග. “කන්නංගර ඔය පනත සම්මත උනාම අපිට ගහකින් ගෙඩියක් කඩාගන්න වත් කොල්ලෙක් නැති වෙයි” මෙරට ඇතැම් ජාතික නායකයන් ප්‍රකාශ කරලා තියෙන්නෙ එහෙම. දැඩි බාධාකිරීම් හා විරෝධතා මැද 1945 ජූනි මස 06 දින කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගන්න සමත්වෙනවා. මේ නිසා මෙරට සියලුම දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

මේ නිසා දුප්පත් වරප්‍රසාද අහිමි සාමාන්‍ය පන්තියේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබා තම දෙමව්පියන් කුමන මට්ටමක හිටියත් තමන්ට හිමි තැන ලබා ගන්න අවස්ථාව උදාවෙනවා. ධනය බලය හිමි සුළුතරයක් අත පැවති අධ්‍යාපනය සැමට සමානව ලැබීම නිසා හැකියාව දක්ෂතාවය සහිත දරුවන්ට අලුත් ලෝකයක දොරටු විවර වෙනවා. කන්නන්ගර මැතිතුමා ලබාදුන් නිදහස් අධ්‍යාපන වරම නිසා වලව්වල ප්‍රවේණි දාසයන් වුණු දෙමව්පියන්ගෙ දරුවන් වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, නීතිඥ, පරිපාලන වැනි විවිධ අංශයන්හි වෘත්තිකයන් වෙමින් මුළු රටම තමන් අතට අතට ගන්න සමත් වෙනවා. දැන් ඕනම කෙනෙක්ට ඕනම තැනකට දොරටු විවෘතයි. දැන් ජාතියම සැබෑවටම නිදහස්. හැකියාව දක්ෂතාව තිබේ නම් රටේ ඉහළම තනතුර දක්වාම යාමට ඕනම දරුවකුට හැකියි. දෙමව්පියන්ගෙ තත්ත්වය ඒකට අදාළ නෑ. මේ නිසා අද රටේ ඉහළ තැන්වල ඉන්න සියලු දෙනාම නිදහස් අධ්‍යාපනයේ දරුවන්. එවකට ගාස්තු අය කරන විදුහල්වලට යෑමට අවස්ථාව ලැබුණේ වරප්‍රසාද ලත් පන්තියේ දරුවන්ට පමණයි. රැකියා අවස්ථා ලබාගැනීමේ දොරටුව විවෘත වූයේද එම දරුවන්ට පමණයි. මේ සමාජ අසාධාරණය අවබෝධ කරගත් කන්නන්ගර මැතිතුමන් සියලු දරුවන්ට සම අධ්‍යාපනයක් ලබාදීමේ උත්තරීතර අරමුණින් දියත් කළ “නිදහස් අධ්‍යාපන සටන” නොවන්නට අදටත් සිදුවෙන්නෙ කැලේ පිපුණු මල් කැලේම පරවී යන එකය.

සාමාන්‍ය ජනයාට නිදහස් අධ්‍යාපන වරම් හිමිවීමත් සමග ඔහු හා වෛර බැඳගත් ධනවතුන් හා මිෂනාරීන් කන්නන්ගර මැතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණ දියත් කරනවා. මේවාට හසුවූ ජනතාවටද කලගුණ අමතක වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නෙ 1947 දී පැවති මැතිවරණයෙන්, එතුමා තරග කළ මතුගම ආසනයෙන් එතුමා පරාජයට පත්වීම. ඉඩම් හිමි වැවිලිකරුවකු වූ විල්මට් ඒ. පෙරේරා මහතා කන්නන්ගර මහතා පරාජය කොට ජයග්‍රහණය ලබනවා. මන්ත්‍රීධුරය අහිමිවුණ කන්නන්ගර මැතිතුමා යළි 1952 දී අගලවත්ත ආසනයෙන් තරග කොට ජයග්‍රහණය ලැබුවත් අධ්‍යාපන අමාත්‍ය ධුරය හිමිවෙන්නෙ නෑ. එතුමට හිමිවෙන්නෙ “පළාත් පාලන” අමාත්‍ය ධුරය. කලක් එම ධුරය හොබවපු කන්නන්ගර මැතිතුමා 1956 දී විශ්‍රාම යාමත් සමග රටේ හැම දෙනාටමත් එතුමව අමතක වෙලා යනවා.

“අයියා ඔබ ඉන්දියාවේ වූයෙහි නම් දෙවියකු සේ පූජනීයත්වයට පත්වෙනවා” නිදහස් අධ්‍යාපන පනත පිළිබඳ කන්නන්ගර මැතිතුමා කළ කතාවට සවන් දුන් ඉන්දියානු මහකොමසාරිස් “එම්. එස්. ආනි” කන්නන්ගර මැතිතුමා තම දෑතින් බදා ගනිමින් පවසලා තියෙනවා. දෙවියකු සේ පූජනීයත්වයට පත්විය යුතු වුණත් කන්නන්ගර මහතාට විශ්‍රාම යාමත් සමග ලැබුවෙ අභාග්‍යමත් කාලයක්. දේශපාලනඥයකු ලෙස තම පැවැත්ම වෙනුවෙන් තනතුර භාවිත නොකළ එතුමා විසි වසරකට අධික කාලයක් ව්‍යවස්ථාදායකය නියෝජනය කළත් පෞද්ගලික වාසි ලබා නොගත් නිසා ජීවිතයේ සැඳෑ කාලය ගෙවීමට තරම් ආර්ථිකයක්ද එතුමට තිබුණෙ නෑ. මේ නිසා 1961 ඔක්තෝබර් මස 26 දින කතානායක ආර්.එස්. පැල්පොල මහතා වෙත ලිපියක් යවමින් කන්නන්ගර මහතා ඉල්ලා සිටින්නේ තම ජීවිතයේ අවසාන කාලය ජීවත්වීම සඳහා තමනට පිං පඩියක් ලබා දෙන ලෙස.

“රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි. ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයින්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී. මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි. රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසාය. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත්ය” යනුවෙන් එතුමා ඉතා අසරණව ඉල්ලලා යවනවා. මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමාට මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනැමූ බවත් පසුව බලයට පැමිණි රජය යටතේ එම මුදල රුපියල් 1000 දක්වා වැඩි කරන ලද බවත් සඳහන් වෙනවා.

“රටටම නිදහස් අධ්‍යපනය දී පාසල් ගොඩ නැංවුවත් ඔහුගෙ මිණිබිරිය පාසලට දාගන්න විශාකා එකේ පෝලිමේ හිටගෙන හිටියා. කන්නන්ගර මහත්තයට වස්තුවකට කියලා තිබුණේ ඔහුගෙ පොත් එකතුව විතරයි. එතුමා නිසා කී දාහක් දිළින්දන් කෝටිපතියො වෙන්න ඇද්ද! එතුමා අන්තිමට අසනීප වෙලා ඉස්පිරිතාලේ මැරුණා. දරුවො රෝහලට යනකොටත් මිනිය තනියෙන් දාලා තිබිලා තියෙන්නෙ. ඔහු ගාව තිබුණු බඩුත් හොරු අරන් තිබුණා” කන්නන්ගර මැතිතුමාගෙ අවසාන කාලය පිළිබදව කියැවෙන්නෙ එවැනි කතන්දර. ජීවිතයෙ අවසානය දුක්ඛිත විදියට ගෙවූ කන්නන්ගර මැතිතුමා 1969 සැප්තැම්බර් 23 වැනිදා මෙලොවින් සමුගන්නෙ අමතක කර දැමූ පුද්ගලයකු වශයෙන්. කන්නන්ගර මැතිතුමා විසින් 1938 වසරෙදි සිය පියා උපන් ගම වූ මතුගම ලූල්බද්දූව ගමේ සිය පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා පර්චස් 25 ඉඩමක් රුපියල් 30කට මිලදීගෙන තියෙනවා. කන්නන්ගර මැතිතුමාගෙ අභාවයෙන් පසුව එතුමගෙ භෂ්මාවශේෂද තැන්පත් කරන්නෙ මේ භූමියෙ සිය පියාගෙ සොහොන් කොත අසලම. 2013 වසරෙදි මේ කන්නන්ගර සමාධියට යාබදව එතුමගෙ ප්‍රතිමාවක්ද ඉදිකරලා තියෙනවා.

පෞද්ගලිකව භෞතික දේවල් ඉතිරි නොකළත් මුළු රටක්ම ගොඩ නැගුවෙ එතුමා. එතුමා නොහිටින්න අපි තාමත් වලව්වෙ හාමුලා එනවිට කානුවට බැහැලා ලේන්සුව අතට ගන්නවා. තුන්වේල කන්න වලව්වත්තෙ පොල්කඩනවා. මතුගම නගරයට මොන පැත්තෙන් ආවත් ඇතුළුවෙද්දි තියෙන්නෙ “නිදහස් අධ්‍යාපනයේ පිය නගරයට සාදරයෙන් පිළිගනිමු” යන පුවරුව. මතුගම නගරයට ඇවිත් අළුත්ගම පැත්තට යද්දි මතුගම ශ්‍රවණාගාරය අසල කන්නන්ගර මහත්තයා නිහඬවම තමන් ගොඩ නගපු ජාතියෙ දූ පුතුන් යන එන දිහා බලන් ඉන්නවා. එතැන පහු කරද්දිම මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය හමුවෙනවා. මේ පාසල මුළු රටටම නිදහහස් අධ්‍යාපනය දෙන්න පටන් ගත්ත තැන. මේ පාර දිගේම අළුත්ගම පැත්තට ගිහින් ලෙව්වන්දූවෙන් හැරිලා මම යන පාරෙම ඔබටත් එන්න පුළුවන්. කන්නන්ගර මැතිතුමා අවසානෙට නැවතිලා ඉන්නෙ ඒ පාරෙ හමුවෙන ලූල්බද්දූව ගමේ. ඉතින් දවසක මතුගමට ආවොත් ගිහින් කන්නන්ගර මහත්තයවත් බලලා එන්න. ඒ එන ගමන් හිතන්න අපිට දෙපයින් හිටගන්න පාර පෙන්වපු කන්නන්ගර මහත්තයා වෙනුවෙන් කරන්න යුතු කමක් තියෙන බව. ඒ මේ රට යහපත් රටක් කරන්න වැඩ කරන එක. එතුමා වෙනුවෙන් අද අපිට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ එපමණයි. එතුමා අපෙන් බලාපොරොත්තු උනෙත් ඒ දේ විතරයි.

අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතාගේ සටහනකින් ඇතැම් කරුණු උපුටාගන්නා ලදී.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ගෙදර බඩුවලට හරියටම හරියන තැන

Next Post

සිංගර්, SLIM සමගින් අත්වැල් බැඳ ගනියි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.