සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රන් ණය පොලිය මසකට 0.79%ක් දක්වා තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත. කොවිඞ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මූල්‍යමය අභියෝග සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති අඩුම මාසික පොලියක් අය කරන බැංකුවක් බවට සෙලාන් බැංකුව පත්ව සිටී. එම තීරණයට අනුව කැරට් 24 රන් පවුමක් සඳහා රු. 66,000ක ඉහළම අත්තිකාරම් මුදලක් පිරිනමන සෙලාන් බැංකුව, මාස 3 සිට අවුරුද්දක් දක්වා ආකර්ෂණීය යළි පියවීමේ සැලසුම් ද පාරිභෝගිකයන් හට ලබාදී ඇත.
අවම ලියකියවිලි සමඟින් කඩිනමින් සිය මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමේ අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් සෙලාන් බැංකු කණ්ඩායම පාරිභෝගිකයන්ගේ පුද්ගලික හෝ ව්‍යාපාරික මූල්‍ය අරමුණු අවශ්‍යතා ඉටුකර දීම සඳහා මෙලෙස රන් ණය සේවාව තවදුරටත් සකස් කිරීමට කටයුතු යොදා ඇත. රන් ණය සේවා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට සහයෝගය ලබාදීම සඳහා සිය කාර්ය මණ්ඩලය පුහුණුකිරීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් බහුතර ශාඛා ප්‍රමාණයක ස්ථාපනය කිරීමටත් සෙලාන් බැංකුව මේ වන විටද ක්‍රියාකර තිබේ.
සෙලාන් බැංකුව වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මූල්‍යමය අභියෝග විශ්ලේෂණය කරමින් ඔවුන් මූල්‍යමය වශයෙන් නගාසිටුවීමේ පොදු අරමුණ පෙරදැරිව කටයුතුකරන පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් ලෙස කීර්තිමත්නාමයකට හිමිකම් කියයි. ව්‍යාපාරිකයන් හට සිය ව්‍යාපාරික කටයුතු යළි ගොඩනගා ගැනීම සඳහා තම රන් වත්කම් යොදාගැනීමේ අවස්ථාව උදාකිරීමේ අරමුණින් සෙලාන් කණ්ඩායම රන් ණය සේවාව හඳුන්වා දෙන ලදී. එම සේවාව මඟින් මාසික පොලිය තවදුරටත් අඩුකිරීම සහ ඉහළම අත්තිකාරම් මුදලක් පිරිනැමීම හරහා පාරිභෝගිකයන් හට වෛද්‍ය, අධ්‍යාපනික වියදම් සහ එදිනෙදා ගෘහාශ්‍රිත අවශ්‍යතා සඳහා කඩිනම් මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට මෙම සේවාව මහඟු පිටිවහලක් වී ඇත.











