• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජපනුන්ගෙ බෝම්බ නිසා මුහුදෙ ගිලුණු නැව

September 19, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජපනුන්ගෙ බෝම්බ නිසා මුහුදෙ ගිලුණු නැව
Share on WhatsAppShare on Facebook

අපි අතීතය දෙස අවධානයෙන් යුතුව බැලීමේදී ගෙවී ගිය වසරවල්වල “අප්‍රේල්” මාසය යනු බොහෝ රටවලට අඳුරු අතීතයක් උරුමකර දුන් මාසයකි. ඊට සමීපම උදාහරණය වන්නේ අප්‍රේල් 21 වෙනිදා අපේ රටට එල්ල වූ පාස්කු ප්‍රහාරයයි. මේ අතර සාගරයේ යාත්‍රා කරන ඇතැම් නෞකාවලටද අප්‍රේල් මස යනු එතරම් සුබදායික මාසයක් නොවේ. වර්ෂ 1912 අප්‍රේල් 15 වෙනිදා “ටයිටැනික්” නෞකාවේ කතාව ඔබට මතක නම් අපි මුලින් කී කතාව ඔබද දැන් පිළිගන්නා බවට සැකයක් නැත.

වර්ෂ 1912 අප්‍රේල් 10 වෙනිදා එම මහා නෞකාව එක්සත් රාජධානියේ සවුත් හැම්ප්ටන් වෙතින් සිය මංගල ගමන එක්සත් ජනපදයේ පිහිටි නිව්යෝර්ක් දක්වා පිටත් වූ අතර අප්‍රේල් 10 වෙනිදා එය උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් පරයක ගැටීමෙන් විනාශ විය. එය එවකට ලෝකයේ සිදු වූ මාරාන්තිකම සමුද්‍රීය අනතුර ලෙසින් හැඳින්වූ අතර මෙම 2020 වර්ෂයට එම සිදුවීම සිදුවී වසර එකසිය අටකි. එහෙත් අද අපේ කතාව ටයිටැනික් නෞකාව මුහුදු පතුලේ සැඟවී වසර තිහකට පසු මුහුදු පතුලේ සැඟව ගිය සුප්‍රසිද්ධ නෞකාවක් ගැනය.

එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව යනු එවකට නැගෙනහිර මුහුදු තීරයේ ගිලී ගිය නෞකාවකි.ඒ එදා 1942 අප්‍රේල් මස 09 වෙනිදා ත්‍රිකුණාමලය වරායට ජපනුන් විසින් පහර දෙන අවස්ථාවේය. අප රට අවට මුහුදේ ගිලී ගිය නෞකාවන් අතරින් මෙම ඉතා විශාල එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව හැඳින්වෙන්නේ සංචාරකයින්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ඉතාම ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය වී ඇති නෞකාව ලෙසිනි. එය නැරඹීමට එන දෙස් විදෙස් රටවල සියලු සංචාරකයින්ට එය අදටත් ඉතාම පැහැදිලිව නැරඹිය හැකිය. මෙම එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නම් නෞකාව දැනට මුහුදු පතුලේ සැඟවී වසර හැත්තෑ අටකි. එම දිනය යෙදුනේ මෙම වසරේ අප්‍රේල් 09 වෙනිදාටය. එදිනට හරියටම එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නම් නෞකාව මුහුදු පතුලේ සැඟවී ගොස් වසර හැත්තෑ අටක් සම්පූර්ණ විය. ඉතින් අද අපගේ කතාවද අඳුරු අතීතයක් උරුමව ඇති එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව පිළිබඳවය.

එදා නැගෙනහිර මුහුදු තීරයේ ගිලී ගිය නෞකාවේ සැබෑ නාමය වන්නේ එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට්ය.එය Palmers Shipbuilding and Iron Company සමාගමේ දැවැන්ත නිෂ්පාදනයකි. එම එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව එදා මුහුදට දියත් කරන්නේ 1922 පෙබරවාරි මස 27 වෙනිදාය. එවිට එම නෞකාව අයත් වී ඇත්තේ British Tanker Company නම් සමාගමටය. ටොන් 5868ක් බර වූ එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාවේ වාෂ්ප එන්ජින් දෙකක් තිබුණු බව සඳහන් වෙයි.තවද එහි එක් අවර දණ්ඩක් මෙන්ම එක් අවර පෙත්තක්ද තිබී ඇත. මෙම නෞකාව මීටර් 122.1 දිග වූ අතර මීටර් 16.5 පළල විය. උස වූයේ මීටර් 10කි. තවද නෞකාවේ උපරිම වේගය වී තිබෙන්නේද පැයට නාවික සැතපුම් 10කි. දැනට මෙම නෞකාව මුහුදු පත්ලේ සැඟව ඇති අතර මුලින් කී ලෙස දෙස් විදෙස් සංචාරකයින්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ඉතාම ආකර්ෂණීය ලෙසින් පරිසරයක් නිර්මාණය වී ඇති එකම නෞකාව ලෙසද මෙම නෞකාව සැලකෙයි. එය එසේ වෙන්නට එකම හේතුව වන්නේ නෞකාව ගිලී ඇති ස්ථානයේ පවතින වැලි සහිත මුහුදු පතුල මෙන්ම හොඳින් හිරු එළිය පතිත වෙන පැහැදිලි වූ ජලයයි. මේ වෙනවිට විශාල මත්ස්‍ය ගහනයක් පවා එම නෞකාව වාසස්ථානයක් කරගෙන ඇති අතර මෙය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනට දායක වෙන නෞකාවක් ලෙස හැඳින්විය හැකිය. දෙස් විදෙස් සංචාරක ප්‍රජාවට මෙම නෞකාව නැරඹීමට කායන්කර්නි, වාකරේ සහ පාසිකුඩා නම් වූ කිමිදුම් මධ්‍යස්ථානවලින් ගමන් කළ හැකිය.

එදා 1942 අප්‍රේල් 09 වෙනිදා ත්‍රිකුණාමලය වරායට ජපනුන් විසින් පහර දෙන විට මෙම එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව වරායෙන් පිටතට දියත් කර තිබූ අතර එම නිසාම නෞකාව බේරාගැනීමට නොහැකි වී තිබේ. ගුවනේ සිට ගුවන්යානා මඟින් ත්‍රිකුණාමලය වරාය හා අවට නිරීක්ෂණය කළ ජපනුන් එදා එසේ නිරීක්ෂණය කරනා විට මෙම නෞකාව දැක තිබේ. පසුව ඔවුන් ඊට බෝම්බ කීපයක් හෙළා තිබේ. එහිදී එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාවේ සිටි නාවික හමුදා සෙබළුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාර නිසා ජපනුන්ගේ ගුවන්යානා දෙකක්ද මුහුදට කඩා වැටී ඇති අතර ඒත් සමඟම එල්ල වූ බෝම්බයකින් එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාවද දෙකඩ වූ බව සඳහන්ය. ඒත් සමඟම නෞකාව මුහුදේ ගිලී යන්නට වූ අතර එය ගිලෙනා විට නෞකාවේ ඉදිරිපස කොටස උඩුයටිකුරු වී ගොස් ඇති අතර නෞකාවේ පිටුපස කොටස ඇලවෙන්නට විය. ඒ අනුව එදා එසේ කොටස් දෙකකට නෞකාව මුහුදු පත්ලට ගිය අතර අදත් එය ඒ ආකාරයෙන්ම මුහුදු පතුලේ ඇති ආකාරය දැකගත හැකිය.

එස්.එස්.බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව නැරඹීමට යන මාර්ගය ගැන පැවසීමේදී යා යුතු සරලම මාර්ගය මෙසේය. වාකරේ හරහා වැටී තිබෙන ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හමුවෙන කායන්කර්නි පාලම අසලින් වෙරළ දෙසට ඇති මාර්ගයේ පාසිකුඩා හෝ කායන්කර්නි පැමිණ මුහුදේ කිලෝමීටර් පහක් පමණ බෝට්ටුවකින් ගිය පසු නෞකාව ගිලී තිබෙනා ස්ථානයට ළඟාවිය හැකිය. අපේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයින් පවසන්නේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලී ගිය නෞකා අතරින් ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකි මෙන්ම ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය වී ඇති නෞකාව මෙය බවයි. වැලි සහිත මුහුදු පතුලක ගිලී ඇති මෙය ඉතා ගැඹුරු නොවූ ස්ථානයක පිහිටීම නිසා සංචාරක ප්‍රජාවට ඊට පහසුවෙන් ළඟාවිය හැකි බවද ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන පරිදි නෞකාව දැනට ඇත්තේ මීටර් 25ක් පමණ ගැඹුරු වූ මුහුදු පතුලේය. නෞකාව තුළ මත්ස්‍යයින් රැසක්ම මෙන්ම කොරල්පර රැසක්ද වර්තමානයේ දක්නට ලැබෙයි.

එදා ජපනුන්ගේ බෝම්බ නිසා නෞකාව ගිලී ගිය පසු නැවත එය හමුවන්නේ නෞකාව ගිලී වසර තිස් අටකට පමණ පසුවය. ඒ 1980 වර්ෂයේය. ශ්‍රී ලංකාව අවට මුහුදේ විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රචලිතව තිබීමත් සමඟ ඔවුන් සොයා ගිය කිමිදුම්කරුවන් පිරිසකට එවකට මෙම නෞකාව හමුවී තිබේ. පසුව එහි තිබූ වටිනා භාණ්ඩ රැසක්ම ගොඩට ගෙන ආ අතර එවකට නෞකාවේ වටිනා තුවක්කුවක්ද තිබූ බව ප්‍රසිද්ධ රහසකි. පසුව එයද ගලවා බෝට්ටුවක පටවා ගෙන ඒමට එවකට පිරිසක් උත්සාහ ගෙන ඇති අතර මඳ දුරක් එද්දී අධික බර නිසා එය එසේ ගෙනඒමට නොහැකි වූ බව සඳහන්ය. පසුව එය යළි මුහුදු පත්ලටම අතහැර දැමීමට ඔවුන් කටයුතු කර ඇත. එනිසා දැන් එය සොයාගැනීම පහසු නැත. නමුත් නෞකාවත් ගොඩබිමත් අතර එය නිසැකවම තිබිය යුතු බව අපේ විශ්වාසයයි.

උතුරු නැගෙනහිර එදා පැවති යුද වාතාවරණය පසුගිය සමයේදී අවසන් වූ පසු නැගෙනහිර මුහුදේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේදී මෙම නෞකාව පිළිබඳව අවධානය යොමුකිරීම ආරම්භ කරන්නට විය. එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල පවසා සිටින්නේ දැනට ඔවුන් ගවේෂණය කර ඇති නෞකා අතරින් වඩාත් හොඳින් ආරක්ෂා වී ඇති නෞකාව වන්නේ එස්.එස්. බි්‍රටිෂ් සාට්ජන්ට් නෞකාව බවයි. දැනට නෞකාව කොටස් දෙකකට වෙන්ව ඇති අතර එහි එක් කොටසක් මීටර් 75ක් වෙයි. අනෙක් කොටසේ ප්‍රමාණය මීටර් 52.8කි. තවද නෞකාවේ පිටුපස කොටසේ පළල මීටර් 16 ක් බවද පැවසෙයි.මේ අතර එදා මෙය අප රටට පැමිණ ඇත්තේ බි්‍රතාන්‍යයේ නැගෙනහිර නාවික බලඇණියේ මෙහෙයුම් කටයුතු සඳහාය. එහෙත් නෞකාවට එදා සිදුවූයේ ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරයන් හමුවේ මුහුදු පතුලේ සැඟවී යාමටය. මේ අතර මේ නෞකාව ගැන අදටත් ගවේෂණ කරනු ලැබෙයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ලංකා බැංකු ‘Obsequentia 2020’ සඳහා අති විශිෂ්ට පිළිගැනීමක්

Next Post

ජෝන් කීල්ස් පදනමෙන් මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.