ජාත්‍යන්තර ජංගම දුරකතන සන්නාමයක් වන Symphonyහි නවතම සිහින් හුරුබුහුටි ස්මාර්ට් ජංගම දුරකතනය වන Symphony S501 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Mobiworld (පුද්) සමාගම පසුගිය දා කටයුතු කරන ලදී.
අඟල් 5 HD තිරයක් සහිත මෙය 5MP (FF) +5MP (AF) ඉදිරිපස හා පසුපස කැමරාවලින් යුක්තවන අතර සුවිශාල ප්‍රමාණයේ f2.2 ඇපචරයකින් සමන්විත වේ. මෙමS501 ස්මාර්ට් ජංගම දුරකතනය 140.5” 65.5” 8.85mm පරිමාණයෙන් සැකසී තිබෙන අතර එහි අඟල් 5 ස්මාර්ට් ජංගම දුරකතනයක බඳ අනෙකුත් විශාල තිර දුරකතනවලට වඩා පහසුවෙන් අත්ල මත තබාගෙන පරිහරණය කළ හැකිය.
ඉතා ශක්තිසම්පන්න බැටරියකින් එන මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ බැටරි ධාරිතාව 1950mAh කි. එහි එන බලශක්තිය කළමනාකරණය කරනු ලබන intellectual power consumption management system පද්ධතිය, එක් එක් මෘදුකාංගයන් ප්‍රශස්ථ ලෙස බලශක්ති කළමනාකරණයකට ලක්කරනු ඇත.