ලීසිං පහසුකම් සපයන ආයතන බොහෝ ඇති වෙළෙඳපොළක විශේෂයෙන් ආර්ථික පීඩනයක් සහිත පසුබිමක මූල්‍ය තීරණ ගැනීම සහ විශ්වාස තැබිය හැකි ලීසිං පහසුකම් සපයන්නකු තෝරා ගැනීම පාරිභෝගිකයකුට ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. එවන් සන්දර්භයක් තුළ පෑන් ඒෂියා බැංකුව ‘සෑම පුද්ගලයකුටම ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා හිමිකමක් ඇත යන විශ්වාසයෙන් යුතුව පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් හඳුනාගනිමින් ඒවා ඉටුකිරීම සඳහා විවිධ නිපැයුම් සහ සේවාවන් සැපයීමට සමත්ව සිටී. ඒ අනුව බැංකුව තම පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් සපුරාලීමේ අපේක්ෂාවෙන් ඔවුන්ට උපකාර කිරීම සඳහා පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් දැන් ලීසිං විසඳුම් රැසක් සකස් කොට තිබේ.
තම වාහනය සඳහා මාසිකව යම් නියමිත මුදලක් පමණක් වියදම් කොට වාහනයක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන මාසික වැටුප් ලබන පාරිභෝගිකයන් සඳහා පෑන් ඒෂියා බැංකුවේ Budget+Leasing මනාව ගැළපේ. මේ සඳහා වසර 5ක කාලයක් සඳහා සෑම රුපියල් 100,000ක් සඳහාම මාසිකව ගෙවිය යුත්තේ රුපියල් 1983ක් වන දැරිය හැකි මුදලකි. Budget+Leasing සැලසුම් කොට ඇත්තේ සාමාන්‍යයෙන් මාසික වියදම අහස උසට නඟින සාමාන්‍ය ලීසිං වාරික මෙන් නොව පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට සහන සලසමින්, ඔවුන්ගේ මාසික ආදායමට ගැළපෙන ලෙස ඉතා අවම මාසික වාරිකවලින් සමන්විත වන පරිදිය. මේ අනුව ඔවුන්ගේ පැතුම් ඉටු කරගැනීම සඳහා Budget+Leasing විසඳුම ඉතා යෝග්‍ය වන අතර වසර 5 අවසානයේ ඔවුන් බැංකුව වෙත ගෙවිය යුත්තේ ලීසිං වටිනාකමෙන් 40%ක් පමණි. එසේම මෙම ක්‍රමය මගින් පාරිභෝගිකයාට එම කාලය තුළ තව දුරටත් අඩුම මාසික වාරික ගෙවමින් වැඩි වටිනාකමකින් යුත් වාහනයක් වෙත යොමුවීමේ අවකාශද සැලසේ.
ක්ෂේත්‍රය තුළ වඩාත් පාරිභෝගික කේන්ද්‍රගත ලීසිං සහකරුවකු ලෙස පෑන් ඒෂියා බැංකුව සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු කොට ඇති අතර එය බැංකුවේ ලීසිං පාරිභෝගික පදනම වර්ධනය වීම කෙරෙහි හේතුවී තිබේ. පෑන් ඒෂියා බැංකුව සතු ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ලීසිං විශේෂඥයන් විසින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ලීසිං විකල්ප පිළිබඳ නිසි මග පෙන්වීම් සහ උපදෙස් ලබාදෙයි.