අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා (අලියානස් ලංකා) ජාතියේ විශිෂ්ටයන් වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් (SLO) සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්රෙැම මැතිතුමාගේ අනුග්‍රහය යටතේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකදී දෙපාර්ශ්වය විසින් මීට අදාළ අවබෝධතා ගිවිසුමට එක් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සහ අලියාන්ස් ලංකා නියෝජිතයන් එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලාංකේය ක්‍රීඩා විශිෂ්ටයන් වෙත සිය ආචාරය පුද කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය ආවරණයක් සහ පුද්ගල හදිසි අනතුරු ආවරණයක් ලබා දීමට අලියාන්ස් ලංකා කටයුතු කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ “අපගේ ඔලිම්පික් තාරකාවන්ට සහයෝගය දැක්වීම සඳහා අලියාන්ස් ලංකා සමාගම සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්හි එක්වීම පිළිබඳව මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. මෙවැනි වැඩසටහන් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන රජයේ වැඩසටහන් සමගද සම්බන්ධ වනවා. අපේ ක්‍රීඩා විරුවන් හට රට වෙනුවෙන් වැඩි ගෞරවයක් අත් කර දීමට සිදුකරන කැපවීම පිටුපස අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරමු” යනුවෙනි.
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්හි සභාපතිනි ශ්‍රියාණි කුලවංශ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ “අපගේ මූලික අරමුණුවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් එක් කරමින් ඔවුන් නියෝජනය කිරීම සහ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. ඔවුන්ට සහයෝගය දැක්වීමේ අපගේ මෙහෙයුම වෙනුවෙන් අප සමග එක් වීම පිළිබඳව අලියාන්ස් ලංකා ආයතනයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. අපගේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මොහොතේ මූල්‍යාධාර ලබා දීමේ මෙම මුල පිරීම ජාතියේ අභිමානය ලෙස පෙන්වා දිය හැකි මෙම විරුවන්ට මිල කළ නොහැකි කටයුත්තක් බව සඳහන් කළ හැකියි.” යනුවෙනි.
මෙම සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් ජාතියේ අභියෝගාත්මක මානසිකත්වයේ සංකේතයක් මෙන්ම විශිෂ්ටත්වයේ අභිමානයක් ලෙස සඳහන් කළ හැකි බවය. අප සියලු දෙනා අමන්දානන්දයට පත් කරන මේ වීරයන් වෙනුවෙන් පුළුල් රක්ෂණ ආවරණයක් ලබා දී ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සමග එක් වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙම සබඳතාව විවිධ කණ්ඩායම්, සංවිධාන, සංස්කෘතික චරිත, ක්‍රීඩා ස්ථාන සහ අධ්‍යාපන වැඩසටහන් ආදිය සමග අපගේ අඛණ්ඩ ගෝලීය හා දේශීය හවුල්කාරීත්වයේ කොටසක් වන අතර එමගින් ක්‍රීඩාව හා නව්‍යකරණය තුළින් මානව ජයග්‍රහණ පිළිබඳ කතාවක් විදහා දක්වනවා” යනුවෙනි.











