BOSCH ඩීසල් පොම්ප අලුත් වැඩියාව සහ සේවා කිරීම
BOSCH අමතර කොටස් බෙදාහැරීමේ දීපව්‍යාප්ත ජාලය
BOSCH ඩීසල් පොම්ප එකතුකිරීමේ මධ්‍යස්ථාන 24ක් මගින් ලබාගත හැකි කඩිනම් සේවය
BOSCH වෙතින් ලබාදෙන වගකීම
BOSCH ජාත්‍යන්තර පුහුණුලත් ඉංජිනේරුවන්ගේ තාක්ෂණික සේවාව
Ideal First Choice ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ බහුසන්නාම (Multibrand) මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා පුළුල් පරාසයක සේවා සපයන මධ්‍යස්ථානජාලයකින් සහ සියලුම වර්ගයේ අමතර කොටස් බෙදාහැරීමේජාලයකින් සමන්විත වේ.
IFC වෙතින් පසුගියදා පංචිකාවත්ත ප්‍රදේශයේ විවෘත කරනු ලැබූ BOSCH ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඩීසල් පොම්ප අලුත්වැඩියා කිරීමේ සහ නඩත්තු කිරීමේ සේවාවන් රැසක් සපයනු ලබන අතරම එමඟින් පාරිභෝගිකයන්ට අවශ්‍ය BOSCH අමතර කොටස් ලබා ගැනීමේ අවස්ථාවද සලසා ඇත.
නව සේවා මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් ජේ. වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර මෙම අවස්ථාවට අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නීතිමය හා ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා නිමීෂා වෙල්ගම, අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – මෝටර් රථ, චමින්ද වනිගරත්න සහ ශ්‍රී ලංකාවේ BOSCH කළමනාකාර අධ්‍යක්ෂ ස්වාමිනාදන් ආර්. යන මහත්වරුන් ද සහභාගි විය.











