• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

July 25, 2026
in Heart
Reading Time: 3 mins read
A A
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි…

පාසල් කාමරයේ හුණු දූවිලි සුවඳ මැද පොඩිත්තන්ට අකුරු කරන ඇය, ටෙලි තිරයේදී අපට හමුවන්නේ සැබෑ රංගන ප්‍රතිභාවෙන් පිරිපුන් ශිල්පිනියක ලෙසිනි. ‘සකර්ම’, ’සසංකාරා’ වැනි දැවැන්ත නිර්මාණ හරහා ප්‍රේක්ෂක හදවත් තදින්ම වැලඳගත් ඇය, මේ දිනවල නැවතත් අප හමුවට එන්නට සූදානම් වන්නේ ‘සංවරය’ ටෙලිනාට්‍යයේ ‘මේනකා’ ලෙසිනි. ගුරු වෘත්තියේ ගරුත්වය රැකගෙන කලා ලොවේ අපූරු ගමනක් යන නුරානි තෙන්නකෝන් සමග දොඩමලු වන්නටයි ‘හාට්’ අපේ මේ සූදානම.Sri Lanka Latest News

කොහොමද නුරානි මේ දවස්වල පාසලේ වැඩකටයුතු?
හොඳින් කරගෙන යනවා. කුලියාපිටිය හොරතැපොල මහානාම මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ලෙස තමයි මම සේවය කරන්නේ.
මේ දිනවල තවත් අලුත් චරිතයක් හරහා ඔබ නැවත අපට හමුවෙනවා?
ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ‘සංවරය’ ටෙලිනාට්‍යයේ මේනකා චරිතය මම රඟපානවා. ‘සංවරය’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
ඉතින් කියමුකො බලන්න ඔබේ අලුත්ම රංගන චාරිකාව ගැන?
මේනකා කියන්නේ පෙම්වතියකගේ චරිතයක්. ප්‍රියන්ත අයියාගේ නිර්මාණ දෙකකට මම මීට පෙර සම්බන්ධ වුණා. ඒ චරිත දෙකට වඩා වෙනස්ම තවත් ආදරණීය චරිතයක් තමයි මේනකා කියන්නේ.
වෙනස් කිව්වේ මොන වගේ වෙනසක්ද දැනුණේ?
‘සකර්ම’ සහ ‘සසංකාරා’ ටෙලිනාට්‍යවල මම රඟපාපු චරිත අතීතයකට එහා ගිය ගැඹුරු චරිත. මේනකා කියන්නේ වර්තමානයේ ආදරණීය චරිතයක්. මම කලින් රඟපාපු චරිත දෙක සමහර විට අපි ඉපදිලාවත් නැති අතීතයේ හිටපු චරිත දෙකක්. ‘සංවරය’ ටෙලිනාට්‍යයේ මේනකා චරිතය අනෙකුත් චරිත දෙකට වඩා කරන්න ගොඩක් පහසු වුණා. මොකද මම ඉස්කෝලේ යන්නෙත් සාරි ඇඳලා. ඉතින් මේනකාගේ චරිතයත් එහෙමමයි. වෙනසකට තියෙන්නේ මේනකා ප්‍රාදේශීය සභාවක වැඩ කරන කෙනෙක්. සකර්ම, සසංකාරා ටෙලිනාට්‍යවල මම රඟපාපු චරිත ගැන වෙනම අධ්‍යයනයක නිරත වෙන්න මට සිදුවුණා. ඒ කාලේ වචන උච්චාරණය පවා වෙනස්. නුහුරු පරිසරයක ජීවත් වුණු චරිත නිසා. ඒ වෙනුවෙන් වෙනම පුහුණුවක් වෙන්න සිදුවුණා. සමහර වචන උච්චාරණය වෙන්නේ නැති තරම්.
එකම අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණ කිහිපයකම ඔබ සම්බන්ධ වීමේ විශේෂ හේතුවක් තියෙනවද?
පසුගිය දවස්වල මට එක දිගට ආපු චෝදනාවක් තමයි මම සම්බන්ධ වෙන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නිර්මාණවලට විතරයි කියලා. එහෙම විශේෂත්වයක් නැහැ. ඇත්තටම සසංකාරා ටෙලිනාට්‍යයෙන් පස්සේ විකාශය වුණා ප්‍රියන්ත අයියගේ තවත් නිර්මාණයක් ‘සුසුම් රස්තියාදුව’. ඒකට මම සම්බන්ධ වුණේ නැහැ. ටෙලිනාට්‍යවල පිටපත කියවනකොට හිතේ මැවෙනවා මේ චරිතයට අහවල් කෙනා ගැළපෙනවා කියලා. එහෙම හිතලා තමයි ප්‍රියන්ත අයියා ඔහුගේ නිර්මාණ සඳහා තෝරාගන්නේ. ප්‍රියන්ත අයියාගේ හැම නිර්මාණයකම මම රඟපෑවා කියලා හිතවත්කම මත ඔහු මාව චාරිතවලට තෝරාගන්නේ නැහැ.
‘සකර්ම’ ටෙලිනාට්‍යය කරන කාලේ නුරානි ඇඬුවේ ඇයි?
මම ප්‍රියන්ත අයියාගේ වැඩ කරපු පළමු නිර්මාණය ‘සකර්ම’. මම ඔහුගේ නිර්මාණයට ආධුනික රංගන ශිල්පිනියක්. ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි. එක එක අධ්‍යක්ෂවරුන්ගේ ස්ටයිල්ස් තියෙනවා. ප්‍රියන්ත අයියාගේ ස්ටයිල් එකට හුරුවෙන්න ටික කාලයක් යනවා. ඉතින් සමහර අවස්ථාවල ප්‍රියන්ත අයියා බණිනවා. ප්‍රියන්ත අයියාට කෙනා අදාළ නැහැ. ඒ අවස්ථාවල ඉතින් මම අඬනවා. අයියට ඕනෙ විදියට රූපරාමුව ගලාගෙන ගියේ නැත්නම් එයාට ටිකක් කේන්ති යනවා. ප්‍රියන්ත අයියගේ නිර්මාණවලට පිටපතේ තියෙන දෙබස් ඒ විදියටම ඕනෙ. අපිට කියන්න අපහසුයි කියලා වෙනස් කරන්න බැහැ. ප්‍රියන්ත අයියා චරිතය ගැන අපිට හොඳ අවබෝධයක් දෙනවා. ඔහු සමග චරිතය කතාබහ කරනකොට ඒ වගේම නිදහස දෙනවා චරිතය කරගෙන යන්න. අපිට පහසු විදියට චරිතය හැඩගස්වන්න ඉඩ දෙනවා. චරිතයේදී ආධුනික වෙන්න එපා කියලා උපදෙස් දෙනවා. ඕනෙම කෙනෙක්ට වැඩකරන ගමන් ඉගෙන ගන්න ගොඩක් දේවල් ප්‍රියන්ත අයියගේ නිර්මාණ තුළ තියෙනවා. ඔහු දෙන ගුරුහරුකම් අපේ රංගන ජීවිතයට ලොකු මෙවලමක්. මමත් සමහර තැන් නොතේරෙන දේවල් අයියගෙන් අහනවා. ඒ වෙලාවට කිසිම ලෝභකමක් නැතිව හැම දේම හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. ප්‍රියන්ත අයියගේ ස්ටයිල් එක හරියටම තේරුම් ගත්තොත් ඉතින් ලොකු පහසුවක් තියෙනවා. මම ප්‍රැක්ටිකල් පැත්තෙන් අයියගේ නිර්මාණවලදි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

‘ස’ යන්න ඔබේ රංගනයට වාසනාව ගෙනාවා?
මමත් ප්‍රියන්ත අයියගෙන් ඇහුවා ඇයි ‘ස’ යන්න මුලට ගෙන නිර්මාණවලට නම දාන්නේ කියලා. මට හේතුවක් කිව්වෙත් නැහැ. හැබැයි ඔහුගේ සියලු නිර්මාණ සම්මාන පිට සම්මාන ගත්ත හොඳ ටෙලි නිර්මාණ. ඒ වගේම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්ත ටෙලිනාට්‍ය. ‘ස’ යන්න අයියට සුබදායක අකුරක් වෙන්න ඇති. අපිටත් සුබයි. ඉතින් 2017 මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මම විවිධ නිර්මාණවල වැඩ කළා. ‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ මම රඟපාපු චරිතයෙන් එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවුණා. ප්‍රේක්ෂකයන් මම දිහා බැලුවේ මම මොනවා හරි වැරැද්දක් කළා වගේ හැඟීමකින්. ප්‍රේක්ෂකයන් අතරට මටත් යන්න ලැබුණේ ඒ නිර්මාණ හරහා තමයි. ගොඩක් නිර්මාණ සඳහා මට ආරාධනා ආවෙත් ‘සසංකාරා’ විකාශය වුණාට පස්සේ.
නුරානිගේ ගුරු වෘත්තියේ වැඩකටයුතුත් සමග කොහොමද රංගන කටයුතු කරගෙන යන්නේ?
මගේ ගුරු වෘත්තියේ වැඩකටයුතු සමග ගැටලුවක් නැතුවාමත් නෙවෙයි. මම මගේ ගුරු වෘත්තියේ තවම ඉන්නේ පරිවාස කාලේ. තවම අවුරුදු 3ක්වත් ඉවර නැහැ. මම උගන්වන්නේ ප්‍රයිමරි පන්තිවලට. එතකොට මම නිවාඩු ගත්තා කියන්නේ අර පොඩි ළමයින්ට මුළු දවසම නැති වෙනවා. මම සේවය කරන පාසල මගේ කලා කටයුතුවලට ලොකු සම්පතක්. මගේ රංගන කටයුතු වෙනුවෙන් අවශ්‍ය ඕනෑම වෙලාවක මාව නිදහස් කරනවා. මම වෙනුවෙන් අනෙකුත් ගුරුවරු කැපවෙලා මට ලොකු සහායක් ලබාදෙනවා මගේ වැඩකටයුතු කරගෙන යන්න.
කුඩා දරුවන් සමග ගෙවන ජීවිතය ලේසි නැතුව ඇති?
හරිම සුන්දරයි ඒ ගෙවන කාලය. මගේ රඟපෑම ගැන කියන දේවල් අහනකොට මට උගන්වන්න කාලයක් නැහැ. විශේෂයෙන් මම ඒ දරුවන්ගේ මවුපියන් දැනුවත් කරලා තිබුණා මම රඟපාන නිර්මාණ කුඩා දරුවන්ට නරඹන්න දෙන්න එපා කියලා. පසුගිය කාලේ මම රඟපාපු ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ රඟපෑවේ ගැබිනි අම්මා කෙනකුගේ චරිතයක්. ඉතින් පොඩි අයට තිබුණු ප්‍රශ්නය ටීචර්ට බබා හම්බවුණාද කියන එක. ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තේ කියලා අහනවා. ඔය වගේ ප්‍රශ්න. ඉතින් මම කොහොමද කියන්නේ පොඩි අයට මගේ රඟපෑමක් කියලා. ඒ අයට ඒක තේරුම් ගන්න බැහැනේ. ඒ නිසාමයි මම කිව්වේ මම රඟපාන ටෙලිනාට්‍ය බලන්න දෙන්න එපා කියලා. ළමයි උදේට දකිනවා මගේ බඩක් නැහැ කියලා. ඒ දරුවන් රෑට දකිනවා මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ ඒක බලලා ප්‍රශ්න අහනවා මගේ බඩ ගැන.
ඒ නිසාම චරිතවලට විශේෂ අවධානයක් යොමුකරනවා?
ශිල්පීන්ට කියන්න පුළුවන් චරිත තෝරාගන්න බැහැ කියලා. නමුත් මම ගුරුවරියක් ලෙස කටයුතු කරන්නේ කුඩා දරුවන් සමග. පාසලේ ඉන්නවා ලොකු දරුවොත්. මට හමුවෙන්නේ කුඩා දරුවන් විතරක් නෙවෙයි. පාසලේ සියලු දරුවන් මට හමුවෙනවා. එතකොට මට පාසලේ කිසිම දරුවෙක්ට අවවාදයක් දෙන්න බැහැ. මගේ රංගනයේ චරිතවල වෙනස් හැසිරීම් ස්වභාවයක් තිබුණොත්. දරුවෙක්ගේ විනය ගැන කතාකරන්න බැහැ එහෙම වුණොත්. මම ඔවුන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒ නිසා යම් සීමාවක් තුළ මට වැඩකරන්න සිදුවෙනවා රංගන කටයුතුවලදී.
නුරානි කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියේ?
වසර දෙකක් විතර මම නිර්මාණවල වැඩ කළේ නැහැ. විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ වැඩකටයුතු නිසා. ඒ වගේම මගේ විවාහයත් ඒ කිට්ටුව සිදුවුණා. විශ්වවිද්‍යාලයේ නිර්මාණ කටයුතු සඳහා මම දායක වුණා. ඉතින් මේ වැඩකටයුතු සියල්ල නිසා මට නැවත රංගනයට සම්බන්ධ වෙන්න කාලයක් ගතවුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Next Post

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.