• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

July 25, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මගේ හීනය ඉවරයි කියලා හිතුවේ… චූටි පුතා මට වාසනාව අරගෙන ආවා…!

ටෙලිනාට්‍ය රැසක චරිත ජීවමාන කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් විනූ කාලයක් නිර්මාණ තුළින් අපට දැකගන්න ලැබුණේ නැහැ. ඒත් ඒ නිහඬ බව බිඳිමින් ඇය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි රසිකයින්ගෙන් ඇයට සුබපැතුම් ගලාගෙන ආවා. ඒ වෙන කිසිම දේකට නෙවෙයි, පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ඇය නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීම නිසයි. ඉතින් වැඩි සද්දයක් නැතිව හිටිය විනූ පෙරේරා සමග ඒ ගැන මේ විදියට කතාබහ කරන්න අපි හිතුවා.Sri Lanka Latest News

විනූ බඹරේ වැල්ලෙත් කැරකුණා එහෙනම්?
හොඳටම කැරකුණා. මේ දවස්වල ඒ වෙනුවෙන් සුබපැතුම් ගලාගෙන එන කාලවකවානුවක්. මමත් ගොඩක් සතුටින් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ සුබපැතුම් භාරගන්නවා.
මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් කියන්න වචන නැති තරම්. නොසිතූ නිමේෂයක ලැබුණු සම්මානයක්. මගේ චූටි පුතා මට වාසනාව අරගෙන ආවා. මේ ලැබුණු සම්මානය මට දෙවැනි දරුවෙක් හා සමානයි. ඒ තරම් වටිනා ඇගයීමක්. නැගී එන නිළියට මාව නිර්දේශ වෙලා කියලා දැනගත්ත එකම මට ලොකු සතුටක්. සුමති සම්මාන උළෙල කියන්නේ ලංකාවේ තියෙන සම්මාන උළෙල අතරින් ප්‍රධානම සම්මාන උළෙලක්. ඉතින් මට ඒ වෙලාවේ හිතුණේ මේ වගේ සම්මාන උළෙලකට නිර්දේශ වීමත් ඇති කියලා මට ඉදිරියේදී වැඩ කරගන්න. මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 5ක් විතර වැඩ කළා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ.
මේ ලබපු අගැයීමත් සමග ඔබ නැවත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවද?
මට දැන් පුතෙක් ඉන්නවා. මාස 8යි දැන් එයාට. පුතා ලැබෙන කාලයත් සමග මම ක්ෂේත්‍රයෙන් ටික කාලයක් ඈත්වෙලා හිටියේ. මම හිතුවා මගේ හීනය ඉවරයි කියලා. මේ ක්ෂේත්‍රය ගැන මම කලකිරීමකින් හිටියේ. මොකද අඩු තරමින් මම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්වත් මම ගැන ඇහුවේ නැහැ. මේ ගෙවුණු කාලය තුළ මම ගොඩක් දේවල් තේරුම් අරගෙන පවුලේ අය සමග සතුටින් කාලය ගතකළා. හැබැයි කලා ජීවිතය ගැන හිතනකොට මම දුක්බරව තමයි හිටියේ. දැන් ඉතින් ඉදිරියේදී නිර්මාණවලට ආරාධනා ආවොත් සම්බන්ධ වෙනවා.

මල්කාන්ති චරිතය මේ තරම් අගැයීමට ලක්වෙන්න හේතුව ඔබට දැනුණේ කොහොමද?
‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතය වෙනස් කරපු නිර්මාණයක්. කාලයක් රඟපෑවේ පෙම්වතියගේ චරිත. මේ චරිතය 1960 ගණන්වල චරිතයක් නිසා මට ඒ ගැන ගොඩක් හොයලා බලන්න සිදුවුණා. චරිත් අබේසිංහ තමයි ‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මට කතා කරන්නේ චරිත් අයියා ‘සංසාරි’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා දැකලා. මම චරිතෙට වඩා බය වුණේ චරිත් අයියා සමග වැඩ කරන්න. මම කැමැතිම රංගන ශිල්පියෙක් චරිත් අයියා. බඹරෙක් ඇවිත් ටෙලිනාට්‍යයට දැවැන්ත පිරිසක් සම්බන්ධ වෙන නිසා මම බය වුණා. මම අයියගෙන් ඇහුවේ එකම දෙයයි. මට මේ චරිතය කරන්න පුළුවන් වෙයිද කියලා විතරයි මම ඇහුවේ.
මේ වගේ චරිත රඟපානකොට වටින් පිටින් චරිත කපන්න උත්සාහ කරන සිදුවීම් තියෙනවා?
ඔව්. චරිත් අයිට කියලා තිබුණා අපි වගේ අලුත් අය ගත්තොත් වැඩේ කරගෙන යන්න අමාරු වෙයි කියලා. ඒත් චරිත් අයියා මාව විශ්වාස කරලා මල්කාන්ති චරිතයට තෝරාගත්තා.
මේ කාලවකවානුවේ විනූට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නත් සිදුවුණා?
‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පළමු ෂෙඩියුල් එක අවසන් කරලා ගෙදර ඉන්න කාලවකවානුවේ මගේ තාත්තා රිය අනතුරකට ලක්වෙලා නැතිවෙනවා. ඊට දින කිහිපයකට පස්සේ මමත් රිය අනතුරකින් තුවාල වෙලා ගෙදර හිටියේ. ඔය වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මම මානසිකව වැටිලා හිටියේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.