• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

July 25, 2026
in Heart
Reading Time: 4 mins read
A A
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලව් සීන් රඟපාද්දි වයිෆ්ට දිරවන්නේ නැහැ… හීනේ හැබෑ කරගන්න තව දුර තියෙනවා…

පසුගියදාක නිමාවට පත්වුණු ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘වරකත’ ටෙලි ඩ්‍රාමා එකෙන් පස්සේ විශ්ව කොඩිකාර ගැන හැමෝම වගේ වෙනදාට වැඩිය විශේෂයෙන් කතාකරන්න ගත්තාය කිව්වොත් ඒක බොරුවක් එහෙම නෙවෙයි. සමාජ මාධ්‍යවල වගේම මුහුණු පොතෙත් විශ්ව කරපු වරකත චරිතයට හෘදයාංගමව ලොකු ප්‍රශංසාවක් හිමිවෙලා තිබුණා.Sri Lanka Latest News

ඒ කියන්නේ විශ්ව කොඩිකාර ආයෙමත් කරළියට ඇවිදින් කියලද?
ආයෙමත් එන්න දෙයක් නැහැ. නළුවෙක් වෙච්ච දා ඉඳන්ම විශ්ව හිටියේ කරළියෙම තමයි. හැමදාමත් වගේ ඔහුට වැඩ තිබුණා. ඒ වගේම ඔහු රංගනයට සේන්දු වෙලා මේ වනවිට දශක දෙකකට ආසන්නයි. නළුවෙක් හැටියට විශ්ව සාර්ථකයි. වංහුං ටිකක් කතා කරන්න හිතාගෙන ඔහුට කෝල් එකක් දුන්නත් හැමදාමත් බොහොම සුහදව හෙලෝ කියන කලාකරුවන් අතර ඔහු පළමුවැනියට ඉන්නවා.
කොහොමද විශ්ව ඉතින් ජීවිතේ?
ජීවිතේ නම් බොහොම සුන්දරව ගලාගෙන යනවා කිව්වොත් කිසි වරදක් නැහැ. මගේ දරු පවුල සමග රංගන කටයුතු සමග සතුටින් ඉදිරියට යනවා.
වරකත ටෙලිය පසුගියදාක අවසන් වුණා?
බොහොම ආසාවෙන් දායක වෙච්ච සුපිරි වැඩක්. හරිම හැඟීම්බර රංගනයක යෙදුණු කතා පුවතක්.


මුහුණු පොත පුරා ප්‍රතිචාර එකසිය ගානට වයිරල් වෙනවා?
කියලා වැඩක් නැහැ. කිව්වා වගේම හැමෝම අතිවිශිෂ්ටයි විශ්ව කියන ප්‍රතිචාරය ලෝභ නැතුව දීලා තිබුණා.
ඉවරයක් වුණත් වරකත ගැන කවුරුත් කතා කරන නිසා අපිත් ටිකක් වරකත ගැන කතාකරමු විශ්ව?
අනිවාර්යයෙන්ම කතර කරන්නම ඕනේ නිර්මාණයක් ඒක. මගේ ගජයා මිහිර සිරිතිලක තමයි මට වරකතට ආරාධනා කළේ. හැමෝම හිතුවේ අපි දෙන්නා අතර තියෙන යාළුකම නිසා මට ‘වරකත’ චරිතය ලැබුණා කියලා. ඒත් ඒක නෙවෙයි ඇත්ත කතාව. මිහිර සිරිතිලක වරකත නිර්මාණය වෙනුවෙන් පෑන අතට ගත්තේ මාව ඔළුවේ තියාගෙනමයි. ඒ යාළුකමට නෙවෙයි. ඒ චරිතෙට මාවම හරියන නිසයි. ඒයි විශ්වයා, වැඩේට ලෑස්ති වෙයන්. උඹම තමයි මේකට හරියන කෙනා. හිතට අරන් වැඩේට බැහැපන් මල්ලියේ කියලා ඔහු හරිම හෘදයාංගමව පිටට ආදරණීය තට්ටුවක් දාලා කිව්වා.
ඒ කිව්ව විදියටම ඔබ චරිතෙට බැස්සද විශ්ව?
මොනවා කියනවද? බොක්කෙන්ම වැඩේට බැස්සා. එකක් යාළුකම. අනෙක මම ඒ චරිතය ගැන තිබුණු පැහැදීම. ඒක වෙනස්ම ආට් එකකට නිර්මාණය වුණු ටෙලි කතාවක්. මටත් ඕනෙකම තිබුණා පෙම්වතා සහ වීරයාගේ චරිතයෙන් සමුගන්න. මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්තයත් මට නිතර කියපු දෙයක් තිබුණා. ‘විශ්ව එකම චරිතයකට කොටුවෙන්න එපා… වෙනස් වෙන්න ඕනෙ තැනදි වෙනස් වෙයන්, නැත්නම් මිනිස්සුන්ට නෙවෙයි අපිටත් අපිව වෙනස් වෙන්න ගන්නවා’ කියලා. ඒ විතරක් නෙවෙයි, බිමල් අයියා, පබෝධා අක්කා, සාරංග අයියා පවා මට ඒ ටික කිව්වා. ‘සුදු චරිත නෙවෙයි කළු චරිතත් භාරගනින්. ප්‍රේක්ෂකයෝ කළු චරිතවලට වෛර කළාට ඒ චරිතෙ කරපු නළුවට ලකුණු දෙනවා’ කියලා. ඉතින් ඒ අවවාද සහ ගුරුහරුකම් එක්ක මම වරකත නාට්‍යයට මට හැකි උපරිම සාධාරණය කළා.
ඔබේ මිත්‍රයා මිහිර සිරිතිලක ඒ ගැන සෑහීමකට පත්වුණාද?
ඔව්. ඔහු මට කිව්වා සතුටුයි මචං, මාරම සතුටුයි කියලා. ඔහුව ඒ විදියට සතුටු කරන්න වරකත නාට්‍ය කණ්ඩායමෙන් මට ලැබුණු සහාය ගැනත් කියන්නම ඕනේ. ප්‍රවීණයන් විතරක් නෙවෙයි අපේ අලුත් නිළිය ඉමා වීරසූරිය, සහාය නිළිය ලෙස ඈ මට දුන්න අත්වැල, සහයෝගය ගැන කියන්න වචන නැති තරම්. මහේන්ද්‍ර පෙරේරා මහත්තයා මට නිතර කියන කතාවල එක් සුවිශේෂ කතාවක් තිබුණා. ඒ, යම් නිර්මාණයකදී ප්‍රධාන නාළුවාට ලැබිය යුතුව තියෙන ප්‍රධාන නිළියගේ සපෝට් එක ගැන. ඔහු කිව්වා සහාය නිළිය කියන්නේ ප්‍රධාන චරිතය රඟපාන නළුවාට හොඳ සාර්ථකත්වයක් දෙන අත්වැලක් කියලා. ඒ අත්වැල ලැබෙනවා කියන්නේ ප්‍රධාන නළුවට ලොකු ගැම්මක් කියලා ඔහු කිව්වා. ඔහු ඒ කියලු කතාවට මට දෙන්න පුළුවන් ළඟම නිදසුනක් විදියට ‘වරකත’ ටෙලියේ ඉමා වීරසූරියව දෙන්න පුළුවන්.
කාන්තා පාර්ශ්වය වරකත අවසානයේදී ඇස්වල කඳුළු පුරවාගත්තේ ඉතා හැඟීම්බරවලු?
ඇත්තෙන්ම ලැබුණු ප්‍රතිචාරවල ඒ කාරණයද නොඅඩුව තිබුණා. ‘ලස්සන කතාවක්, දුක හිතෙන අවසානයක්… අනේ මගේ පපුවත් හිරවුණා… හොඳටම ඇඬුණා..’ බොහොමයක් තරුණ ගැහැනු ළමයි වගේම වැඩිහිටි කාන්තාවන්ද එහෙම කමෙන්ට් කරලා තිබුණා.
විශ්ව ඔබ කතාකරන්නේ ලොකු ආත්ම තෘප්තියකින්?
සත්තකින්ම ඔබේ ඒ අදහස හරියටම හරි. වරකත තිරපිටපත ලැබුණු දා පටන්ම එහි අවසානය දක්වාත්, ප්‍රතිචාර ලැබෙමින් තියෙන මේ කාලය තුළත් මා අත්විඳි ආත්ම තෘප්තිය අසීමිතයි.
ඒ සතුට අතරතුර ටිකක් නරක ආරංචියකුත් අහන්න ලැබුණා විශ්ව?
ඒ මොකක්ද? මා ගැන මම නොදන්න නරක ආරංචිය?
ඔබේ බිරිඳ එරන්දි ‘වරකත’ ටෙලිය නිසා ඔබ සමග අමනාපෙන් ඉන්නවලු?
අප්පච්චියේ… ඒකත් හොයාගත්තද? ඔයාලා නම් මාරම පැපරාසියෝ. හිතුවේ නැහැ ලීක් වෙයි කියලා ඒ කේස් එක.
දැන් ලීක් වුණානේ. කියන්නකෝ මොකක්ද ඒ සංගදිය කියලා?
‘වරකත’ ටෙලියේ සමහර රූගතකිරීම් ඉවර වුණු දවසට සිරිතිලක අයියා මගේ ළඟට ඇවිදින් අහනවා ‘විශ්ව මචං මේ දවස්වල එරන්දි රට නේද?’ කියලා. මමත් හිනාවෙලා ‘මේ දවස්වල නම් රට තමයි… හැබැයි ළඟදි එනවා’ කියලා කියනවා. එතකොට ඔහු නළලට අත ගහලා ‘මළ කෙළියයි ජූලි හතයි’ කියලා කිව්වා. සිරිතිලක අයියා එරන්දිව හොඳට හඳුනනවා. ඒ වගේම මම ලව් සීන් රඟපානකොට එරන්දිට ඒවා දිරවන්නේ නැති බවත් දන්නවා. ඒත් ඉතින් කතාවේ හැටියට වරකත ටෙලියට ලව් සීන් නොදාම බැරි නිසා ඒ වගේ සීන් හිටු කියලා දැම්මා.

ඔන්න ඉතින් එරන්දි රට ඉඳන් ආවා කියන්නකෝ. දවසක් ෂූටින් ඉවර වෙලා ගෙදර ඇවිදින් මම ඇහුවා අලුත් ටෙලිය බලන්න ගත්තද කියලා. ‘තාම නැහැ බලන්න ගන්න බෑ’ කිව්වා. කොටස් දෙකයි බැලුවේ, නහුතෙට තදවෙලා හිටියා. මමත් ටිකක් අවුස්සන්න ඕනේ හින්දම ‘ටෙලිය හොඳද? මොනවද අඩුපාඩු සුදූ…’ කියලා ඇහුවා. ‘අඩුපාඩු නම් නැහැ. ඕනෑවටත් වඩා දේවල් ඒකේ තියෙන එකයි ප්‍රශ්නේ..’ කියලා කිව්වා කියහංකො මෙයා. ඉන් පස්සේ ටිකක් රවලා ගොරවලා ‘මොනවද ඒ සීන්… ඕවා ඒ හැටිම ඕනෙද… ආයේ නම් බලන්නේ නැහැ මම ඔය මඟුල..’ කියලා මටත් ගස්සගෙන ගියා.
තාම එරන්දි ඉන්නේ විරසකෙන්ද විශ්ව?
දැන් නම් ෂේප්. හැබැයි වරකත නම් මළාට බැලුවේ නැහැ. මටවත් ගෙදරදි ඒක බලන්න දුන්නේ නැහැ. වරකත අවසානයි කියලා දැනගත්තම ‘යන්තම් ඇති ඒ විකාරේ ඉවරයක් වුණා’ කියලා කිව්වා.
දබර කරන්නේ වැඩි සෙනෙහසට කියනවනේ නේද විශ්ව?
අන්න කතාව. ඒක තමයි ඇත්ත. අපි හරිම ආදරණීය බැඳීමක් තියෙන පවුලක්. ඒ හින්දා තමයි සීරියස් ලව් සීන්වලට එරන්දිට තරහා එන්නේ. ඕවා ඉතින් පවුල් ජීවිතේ තුළ සාමාන්‍ය පලහිලව් තමයි.
කතාව නම් හරිම රසවත්. විශ්ව කියමු ඉතින් අවසානෙට යමක්?
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ගැන ටෙලි සිහිනයක් දකිමින් ඉන්නවා. ඒ හීනේ හැබෑ කරගන්න තව දුර මම යායුතුයි කියා හිතනවා. නිසි කලට ඒ සඳහා අවැසි පියවර තබනවාය කියන කාරණය ගැන තමයි අලුත් යමක් කියලා කියන්න තියෙන්නේ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

Next Post

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.