රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
මෙසේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන ක්ෂේත්‍ර අතර, විශේෂඥ වෛද්‍ය වෘත්තිය, පොලිස් සේවය සහ රජයේ රස පරීක්ෂක තනතුර යන ක්ෂේත්‍ර පවතී.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිගයක් රට තුළ පවතී.
එමෙන්ම, මෑතක දී රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහා නිළධාරීන් සිය දෙනෙකු පත්කරගැනීමට සිදු කළ සම්මුඛ පරීක්ෂණයක දී ඒ සදහා සහභාගී වී ඇත්තේ හැත්තෑවක් පමණි.
පොලිස් සේවයේ පුරප්පාඩු හතලිස් දහසක් තිබෙන බව පැවසේ.
මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, තෝරා ගත් ක්ෂේත්‍ර සදහා විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙන අතර, එය කිසිසේත්ම අනිවාර්ය නොකරන බවද වාර්තා වේ.
සේවා දිගුවක් අපේක්ෂා කරන අයට ඒ සදහා අයදුම් කළ හැකි ය.










