• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වෙනස් ගමනකට දිඹුලාගල

August 31, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
වෙනස් ගමනකට දිඹුලාගල
Share on WhatsAppShare on Facebook

හයිකින් එහෙම නැත්නම් විනෝදෙට කඳු නඟින එක පිස්සුවක් තරමටම ජනප්‍රිය වුණේ නම් මේ ළඟකදි තමයි. ඒත් කඳු නඟින එක කියන්නේ අපේ අයට කොහොමවත් අලුත් දෙයක් නෙවෙයි. මොකද අපේ ලංකාවේ මිනිස්සු දැනට අවුරුදු දහස් ගානක ඉඳලා තමයි සිරීපාදේ නඟින්නේ. හැබැයි විනෝදෙට කඳු නඟින ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවත්, ලංකාවේ තියෙන හොඳම හයික් එක විදියට ඒ අය කියන්නෙත් සිරීපාදෙම තමයි. සීරීපාදේ විතරක් නෙවෙයි, අවුරුදු දහස් ගානක ඉඳන් අපේ අය නැඟපු කඳු ගොඩක් ලංකාවේ තියෙනවා. හැබැයි ඉතින් දැන් විනෝදයට නැග්ගට ඒ කාලේ නම් එහෙම කඳු නැඟලා තියෙන්නේ ආගමික භක්තිය හින්දම විතරයි. එහෙම නැඟපු හැම කඳු මුදුනකම ආගමික සිද්ධස්ථානයක් තියෙන්නෙත් ඒකයි.

දිඹුලාගල කියන්නෙත් ඒ වගේ අවුරුදු ගානක ඉඳන් අපේ අය නැඟපු කන්දක්. දිඹුලාගල ඉතිහාසය විජයාගමනයටත් පෙර යුගය තෙක්ම දිවයන බව තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ. විජයාගමනයට පෙර යක්ඛ පුරය ලෙස හැඳින්වුණු දිඹුලාගල යක්ඛ ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ලෙස තමයි පැවැතිලා තියෙන්නේ. යක්ඛ පුරය කියන්නේ විජය රජු ලංකාවට එන්න කලින් මෙහි පැවැතුණු ප්‍රධාන රාජධානි දෙකෙන් එකක්. කුවේණිය ජීවත් වූ සිරසවස්තු පුරය (ශීර්ෂවසතු පුර) තමයි යක්ඛ ගෝත්‍රිකයන්ගේ අනෙක් ප්‍රධාන රාජධානිය වෙලා තියෙන්නේ. කොහොම වුණත් කුවේණියගේ උදව්වෙන් සිරසවස්තු පුරය යටත් කරගැනීමට විජය රජු සමත් වීමත් එක්ක එහි සිටි බොහෝ යක්ඛ ගෝත්‍රිකයනුත් දිඹුලාගලට පලා ආ බව තමයි කියැවෙන්නේ. දිඹුලාගල කියන්නේ විජය රජු ලංකාවට එන්නත් කලින් ඉඳන්ම අපේ අය නැඟපු කන්දක් කියලා තමයි එහෙම බැලුවම අපට කියන්න පුළුවන්.



ඒ වගේම හැමෝම දන්න පණ්ඩුකාභය කුමාරයාගේ කතා පුවතටත් මේ දිඹුලාගල සම්බන්ධ වෙනවා. ඒ කාලේ දෝලපබ්බත නමින් තමයි දිඹුලාගල හඳුන්වලා තියෙන්නේ. පණ්ඩුකාභය කුමාරයාට ස්වර්ණපාලි කුමරිය හමුවීම සහ පණ්ඩුකාභය කුමාරයාට චිත්‍රරාජ සහ කාලවේල යන යක්ෂයන්ගේ උදවු ලැබීම සම්බන්ධ කතාන්දර බොහොමයක දෝලපබ්බත එහෙම නැත්නම් දීඝවාපියේ නම සඳහන් වෙනවා.

ඒ යුගයෙන් පස්සේ රහතන් වහන්සේ වැඩසිටි මහා ආරණ්‍ය සේනාසනයක් විදියට තමයි දිඹුලාගල අපට අහන්න ලැබෙන්නේ. මහා පරාක්‍රමබාහු රජ සමයේදී ලංකාවේ ආගමික මධ්‍යස්ථානය වූ දිඹුලාගල එකල වැඩවිසූ මහා කාශ්‍යප හිමියන් විදෙස් රටවල පවා කීර්තියට පත්වූ හිමිනමක් විදියට සැලකෙනවා. පොළොන්නරු යුගයේදී දිඹුලාගල ලෝ ප්‍රකට විශ්වවිද්‍යාලයක් ලෙස පැවැති බවත් සඳහන් වෙනවා.

කොහොම වුණත් වනගතව, නිදන් හොරුන්ගේ තිප්පොළක් බවට පත්ව තිබූ දිඹුලාගල අද දකින තත්ත්වයට ගෙන ඒමේ පුරෝගාමියා විදියට සැලක්නේ මාතර කිතලගම සිරි ශ්‍රීලංකාර නාහිමිපාණන් වහන්සේ. කාගෙවත් අවධානයට ලක්ව නොතිබුණු දිඹුලාගල නැවත වරක් සුවහසක් ජනතාවගේ බුහුමනට ලක්වන තැනට පත්වුණේ උන්වහන්සේගේ අප්‍රමාණ ධෛර්යය හින්දම තමයි. ඒත් ඒ හේතුව හින්දම ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩයට ලක්වී අපවත් වන්නටත් උන්වහන්සේට සිද්ධ වෙනවා.

එදා යක්ඛ ගෝත්‍රිකයන්ගේ නවාතැන්පොළක් වුණු දිඹුලාගල කන්ද උඩ අද තියෙන්නේ ලස්සන චෛත්‍යයක්. සිරි ශ්‍රීලංකාර හිමියන්ගේ යුගයේදී ඉදිවුණු ඒ අපූරු චෛත්‍යය හඳුන්වන්නේ අහස් මාලිගාව නමින්. අද දිඹුලාගලට එන හැමෝම අමාරුවෙන් හරි දිඹුලාගල කන්ද නඟින්නෙත් මේ අහස් මාලිගාව හින්දම තමයි.
කලින් කිව්වා වගේම විනෝදයට කඳු නඟින එක අපේ අය අතර ජනප්‍රිය වුණේ ළඟකදී. ඒත් සංචාරය කියන දේ අපේ මිනිසුන්ට නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි ඉස්සර වන්දනා ගමන් කියලා තමයි ඒ සංචාරයන්ට කිව්වේ. වන්දනා ගමනක් විදියට දිඹුලාගල ගිය හැමෝම අහස් මාලිගාව හින්ද දිඹුලාගල කන්දත් නැග්ගා. හයික් කියන එක ළඟදී ජනප්‍රිය වුණාට කඳු නඟින එක අපේ අයට අලුත් දෙයක් නෙවෙයි කියලා මුලදීම කිව්වෙත් ඒ හින්දම තමයි.
දිඹුලාගල පන්සලේ ඉඳන් අහස් මාලිගාවට තියෙන්නේ එක එල්ලේ නැග්මක්. ඒ හින්දා ඒ ගමන ටිකක් අමාරුයි. හැබැයි මඟ දිගට ඉදිකරලා තියෙන පඩි හින්දා ඒ අමාරුව එච්චරම දැනෙන්නේ නැහැ. පන්සලේ ඉඳන් අහස් මාලිගාව ආසන්නයට යනකම්ම අහස වහගෙන ඉන්න රූස්ස ගස් වැල් හින්දත් ගමන් වෙහෙස අඩු වෙනවා. අමාරුවෙන් හරි අහස් මාලිගාව ළඟට ගියාට පස්සේ දකින්න තියෙන දර්ශනය නම් හරිම ආකර්ෂණීයයි. දිඹුලාගල පිහිටා තියෙන්නේ වියළි කලාපයේ හින්දා ඒ අවට තියෙන උස් ස්ථාන බොහොම අඩුයි. ඒ හින්දා වට පිට හැම තැනක්ම අහස් මාලිගාව ළඟ ඉඳලා දැකගන්න පුළුවන්. ඕලු, නෙලුම් මල්වලින් වැහිලා ගිය වැව්, එක යායට නිලට නිලේ පේන කුඹුරු යාය වගේම ඒ වටේ ඇදෙන මහා මාර්ගයත් අහස් මාලිගාව ළඟ ඉඳන් දැකගන්න පුළුවන්. හිතේ බය නැත්නම් අහස් මාලිගාව උඩට නැඟීමේ පහසුකමත් තියෙනවා. උඩට නැග්ගට පස්සේ පේන දර්ශනය ඊටත් වැඩිය ලස්සනයි. ඒ හින්දා අහස් මාලිගාව ළඟට ගියොත් අමාරුවෙන් හරි පඩිපෙළ නැඟලා ඒ ලස්සන බලන්නත් අමතක කරන්න එපා. අහස් මාලිගාව ළඟට යන ඕනෑම කෙනකුගෙ ගමන් වෙහෙස නිවන රසම රස පැණි දොඩම් අලෙවි සලකුත් එතැන තියෙනවා. රුපියල් 50ක් වගේ මුදලකට එතැනින් දොඩම් එකක් බොන්න පුළුවන්. ඇත්තටම ඒ වගේ ගානකට ඒ වගේ බීම එකක් බොන්න ලැබෙන එකත් ටිකක් අලුත් අත්දැකීමක්.

දිඹුලාගල එන කෙනකුට යන්න පුළුවන් ලස්සනම තැන අහස් මාලිගාව වුණාට කවුරුත් වැඩිය නොදන්න ඒත් හරි අපූරු අත්දැකීමක් ලබාගන්න පුළුවන් තවත් තැනක් දිඹුලාගල තියෙනවා. ඒ තමයි ඖෂධ පොකුණ. අහස් මාලිගාව ළඟින්ම වැටිලා තියෙන අඩි පාර දිගේ කන්ද වටේ ගිහින් ඖෂධ පොකුණ බලල අනෙක් පැත්තෙන් නැවත දිඹුලාගල පන්සල ළඟට එන්න පුළුවන් විදියට පාර හදලා තියෙනවා. කඳු තරණයක් වගේම වියළි කලාපීය වනාන්තරයක ඇවිදින අත්දැකීම විඳගන්න කැමැති ඕනෑම කෙනකුට මේ ගමන හරි අපූරු අත්දැකීමක්. ඒ වගේම මේ ගමන ටිකක් ගුප්තයි. ඒ ගමන පුරාම හමුවන දේවල හරි අමුතුයි. ඒවා ගැන මෙහෙම කියනවට වැඩිය ගිහිල්ලම බලන එක හොඳයි.
දිඹුලාගල පන්සලේ ඉඳන් අහස් මාලිගාව ළඟට එන ගමන එච්චර දුර එකක් නෙවෙයි. ඒත් එතැන ඉඳන් ඖෂධ පොකුණ ළඟට යන ගමන නම් ගොඩක් දුරයි. සාමාන්‍ය වේගයකින් ගියොත් අහස් මාලිගාව ළඟ ඉඳලා ඖෂධ පොකුණ හරහා නැවත පන්සල ළඟට එන්න පැය 03ක් වත් යනවා. ඒ හින්දා ඖෂධ පොකුණ ළඟට යනවා නම් උදේම දිඹුලාගල යන එක තමයි හොඳ. වතුර කොළම කොළ පාට මේ ඖෂධ පොකුණ සම්බන්ධවත් බොහෝ ජනප්‍රවාද තියෙනවා. මේ පොකුණේ වතුර බිව්වොත් ඇඟේ තියෙන ඕනෑම රෝගයක් සුව වෙනවා කියන එක ඒ අතරින් එක මතයක්. ඒත් ඒ පොකුණ දිහා බලාගෙන ඒ වතුර බොන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් දිඹුලාගල අහස් මාලිගාවට එන පිරිසෙන් භාගයක්වත් ඖෂධ පොකුණ බලන්න එන්නේ නැහැ. ඒ හින්දා ඒ ගමන හරිම පාළුයි. නිදහසේ ඇවිදින්න කැමැති අය නම් ඒ අත්දැකීමට කැමැති වේවි. ඒත් කවුරුත් නොදන්න, වන සත්තු බහුල කැලයක තනියම ඇවිදින අවදානමත් මේ ගමනෙදි තියෙන බව මතක තියාගන්න එකත් හොඳයි.

අහස් මාලිගාව, ඖෂධ පොකුණ වගේම දිඹුලාගල පන්සලෙත් බලන්න බොහෝ දේවල් තියෙනවා. නවීන ඉදිකිරීම් රැසක් තිබුණත්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිස්කලංක බවට හානියක් නොවෙන්න ඒ දේවල් ඉදිකරලා තියෙන එකත් අගයකරන්න ඕනේ.
දිඹුලාගල කියන්නේ අමතර ගමනක්. පොළොන්නරුවේ ඉඳන් දිඹුලාගල යන්න වෙනමම කාලයක් වෙන් කරන්න ඕනේ. ඒ හින්දා දිඹුලාගල ගියොත් ඒ කාලයෙන් තවත් ප්‍රයෝජන ගන්න එක තමයි හොඳ. දිඹුලාගල ගිහින් පන්සල වැඳපුදා ගෙන, අහස් මාලිගාව නැඟලා, ඖෂධ පොකුණත් බලාගෙන එක පාරට ආපහු එන්න එපා. තව බලන්න දේවල් ඒ අවට තියෙනවා. ඒ අතරින් එකක් තමයි පුල්ලිගොඩ. වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවී විනාශ මුඛයට යමින් තිබුණත් පුල්ලිගොඩ හරිම සුවිශේෂ තැනක්. පොළොන්නරු යුගයට අයත් සිතුවම් සහිත ගල් ලෙන් කිහිපයක්ම පුල්ලිගොඩ තියෙනවා. ඒත් ඒ අතරින් අද ඉතිරිවෙලා තියෙන්නේ එකම එක ගල් ලෙනක ඇඳි එකම එක සිතුවමක් විතරයි. ඇතිරිල්ලක හිඳගෙන සිටින දෙවිවරු පිරිසක් ඒ චිත්‍රයෙන් නිරූපණය වන බවයි ඉතිහාසඥයන්ගේ අදහස. වසර දහස් ගානක් ගතවුණත් ඒ සිතුවමේ අපූරු වර්ණ රටා අදටත් ඒ විදයටම දැකගන්න පුළුවන්. එක සිතුවමක් ඉතිරිවෙලා තිබුණත්, ඒ වටා ඇති විනාශ වී ගිය අනෙක් සිතුවම්වල අවශේෂ දකිද්දි නම් හිතට ඇතිවන්නේ කනගාටුවක්. කොහොම වුණත් මේ පුල්ලිගොඩ සිතුවම් තවමත් නිසි පුරාවිද්‍යා පරීක්ෂණයකට ලක්වෙලා නැතිවීමත් කනගාටුවට කරුණක්. ඊට අමතරව මෝල්හිටියාගල, කොස්ගහ උල්පත වගේ තවත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන රැසක් දිඹුලාගල අවට තියෙනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රනිල්-සජිත් රහස් හමුවෙන් සජිත් පිල තිගැස්මෙන්

Next Post

ප්‍රීමා කොත්තු මී ‘හොට් ඇන්ඩ් ස්පයසි’ වෙතින් ජයග්‍රාහකයන් රැසක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.