රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පෙරේදා (29) සිදුව තිබූ හදිසි හමුවෙන් පසු සජිත්ට සහාය දැක්වූ මැති ඇමැතිවරුන් කිසියම් තිගැස්මකින් සිටින බව වාර්තා වේ.
කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිිංහ මහතා සමග මුහුණට මුහුණ සාකච්ජාවකට නොයන ලෙසට එම පාර්ශ්වයෙන් ලැබී තිබුණු උපදෙස්ද නොතකා පෙරේදා දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා සමග සාකච්ජාවකට එක්වූයේ ඒ වනවිට ඇඹිලිපිටි ප්‍රදේශයේ පවත්වමින් සිටි රැස්වීමද අතරමග නතරකරය.
එම හමුවේදී දෙදෙනා අතර එකගතාවයන් කිහිපයක්ම ඇතිකරගෙන තිබූූ අතර සාකච්ජාව අවසාන වූයේ ඊට පසුදින ඒජාප ජ්‍යෙෂ්ඨයන් මුණගැසී එම එකගතාවන් දැනුම් දෙන බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව සජිත් කියා තිබුණේ තමන් එම සාකච්ජාවට සහභාගි නොවන බවකි.
ඊයේ (30) එජාප ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති හමුවේදී අගමැතිවරයා මෙම එකගතාවන් සියල්ල අනාවරණය කරමින් කියා තිබුණේ සජිත් සමග මෙම එකගතාවන් ඇති කර ගත් බවත්, අද සාකච්ජාවට සහභාගි නොවන බව සජිත් කල්තියාම තමන්ට දැනුම් දුන් බවත්ය.
අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග සජිත් පිලේ හිතවාදීන් මහත් අපහසුතාවට පත්වූ බවක් දැනගන්නට ඇත.