ශ්‍රී ලාංකේය සටන් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක්: මෙරට කිසිදා අත්නොවිඳි ප්‍රමිතියකින් යුතුව ලෝක මට්ටමේ සටන් ශූරතාවලියක්…
2026 ජුනි 26, කොළඹදී – MAIN ශූරතාවලිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු මස 9 වනදා කොළඹ, BMICH හිදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ඒ අනුව, මෙරට සටන් ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජාත්‍යන්තර සටන් උළෙල, පළමු වරට ශ්‍රී ලාංකේය ජනතාවට ද සියැසින් දැකබලා ගැනීමට හැකිවනු ඇත.Sri Lanka Latest News
අති විශේෂ ප්‍රේක්ෂකයින් 150 කට අධික පිරිසක් ඇතුළුව 1,000 කට අධික ආරාධිතයින් පිරිසක් ඉදිරියේ මෙහිදී දේශීය සහ විදේශීය තරගකරුවන් තරග 11 කදී තරග වැදීමට නියමිතය. දැවැන්ත ආලෝක ධාරා සහ සජීවී විකාශන සමගින් ලෝක මට්ටමේ ප්‍රමිතියෙන් යුතුව සංවිධාන කෙරෙන මෙම තරගාවලිය, කොළඹ නගරය කිසිදා අත් නොවිඳි අත්දැකීමක් හිමිකර දෙනු ඇත.
MAIN ශූරතාවලිය යනු, සම්ප්‍රදායික උළෙලක් නොවේ. එය, සැබෑ සහ කල්පවතින අවස්ථා නිර්මාණය කිරීම සඳහා සකස්කර ඇති විධිමත් වේදිකාවකි. ඒ අනුව, මෙම ශුරතාවලිය, ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් හට පුහුණුව ලබා ගැනීමටත්, තරග කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමින් ඇගයුමට ලක් වීමටත් මග පාදයි. තවද, වැඩසටහන් නිෂ්පාදනය, ජනමාධ්‍ය, ප්‍රවර්ධනය සහ ක්‍රීඩා කටයුතු හරහා එමගින් රැකියා අවස්ථා රැසක් ද උත්පාදනය කෙරේ. මෙම ඉසව්ව මගින්, ශ්‍රී ලාංකේය තරුණ-තරුණියන් හට, කැපවීමෙන් සහ නොසැලෙන ගුණයෙන් යුතුව අරමුණු පෙරදැරිව සෑම දිනකටම මුහුණ දීම සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනැගේ.
මෙම තරගාවලියේදී කාණ්ඩ දෙකක් ඔස්සේ තරග පැවැත්වේ. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේදී මිනිත්තු තුනක වට තුනකින් තරග පැවැත්වෙන අතර, කනිෂ්ඨ කාණ්ඩයේ තරග මිනිත්තු දෙකක වට තුනක් ලෙස පැවැත්වේ. තරගකරුවන් හට සිය ගමන්මගේ ආරම්භයේදී ම සැබෑ, තරගකාරී වේදිකාවක් මත ක්‍රීඩා කුසලතා සංවර්ධනයකර ගැනීමට අවස්ථාව උදා කිරීම සඳහා MAIN ශූරතාවලිය දක්වන කැපවීම, එම ද්විත්ව ආකෘතිය මගින් මනාව පිළිබිඹු කෙරේ.
ශ්‍රී ලංකා මුආයි තායි සම්මේලනය (SLMTF) විසින් මෙම ශූරතාවලිය සඳහා ශක්තිය ලබා දෙන අතර, මෙරට ක්‍රීඩාවටත්, තරුණ සංවර්ධනයටත්, ඉහළ මට්ටමේ ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටත් මෙම තරගාවලිය මගින් හිමිවන දායකත්වය එමගින් වඩාත් තහවුරු වේ.
ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් සහ MAIN ශූරතාවලියේ සන්නාමය පළමු වරට ශ්‍රී ලාංකේය භූමියෙන් පිටතට රැගෙන යමින්, මීළඟ ප්‍රධාන තරගාවලිය විදෙස් රටකදී සංවිධාන කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.
අගෝස්තු 9 වනදා පැවැත්වෙන තරගාවලිය ජනමාධ්‍ය, අනුග්‍රාහක භවතුන් සහ මහජනතාව සඳහා විවෘත වේ. MAIN ශූරතාවලියේ නිළ මාධ්‍ය හරහා ප්‍රවේශපත් සහ අනෙකුත් තොරතුරු ලබාගත හැකිය.













