එදා පැවතියාට වඩා අද සූක්ෂම අධිරාජ්‍යවාදයක් රටේ ක්‍රියාත්මක බවත් එදා සෘජුවම රට ආක්‍රමණය සිදුවන විට අද වක්‍ර අධිරාජවාදයක් එනම්, ආර්ථික වෙළෙද බල උපයෝගී කර ගෙන සිදු වන බවත් රටවල් පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන රටේ ජාතික න්‍යාය පත්‍රයට පවා ඇගිලි ගසමින් සිටින නිසා මේ තත්ත්වය තුළ රටේ පුරවැසියන් නිහඩව බලා නොසිටිය යුතු බවත් මේ අභියෝගය හඳුනා ගෙන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ අභියෝගය වෙනුවෙන් සැවොම අත්වැල් බැදගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කතරගම සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන මහා පිරිවෙන් විහාරයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ, පූජ්‍ය ශාස්ත්‍රපති හිල්ලේ ඤානානන්ද නායක ස්වාමීන් වහන්සේගේ සන්නස්පත්‍ර ප්‍රධාන මහෝත්සවය හා එක්වෙමිනි.
අද වන විට පොදුවේ ගත් කළ පන්සල් පද්ධතිය කිසියම් ගරාවැටීමකට ලක්ව ඇති නිසා මේ මහපොළොවේ සත්‍ය අවබෝධ කර ගෙන විවේචනයක් ලෙස නොගෙන අභියෝගයක් ලෙස බාරගෙන පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් තොරව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථිරසාර වගන්තියක් තුළින් බුද්ධශාසනය පෝෂණය කිරීම ප්‍රවර්ධනය කිරිම හා ශක්තිමත් කරනවා සේම සෙසු ආගම් හා සංස්කෘතීන් මෙන්ම ජන කොට්ඨාස රැස ගැනීම හා ආරක්ෂා කර ගැනීම ද සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රට ඒකීය සෛරී දේශපාලන නිදහස ඇති භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වූ රටක් බවත් මේ වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා සේම මහපොළොවේ තිබිය යුතු බවත් සෛරීත්වය නාමික සෛරීත්වයක් වීම ප්‍රමාණවත් නොවන බවත් රටේ රටේ සෛරීත්වයට බරපතල අර්බුධ අභියෝග එල්ල වන බවත් රට මුහුණ දෙන අවදානම් තත්ත්වය තුළ විවිධ බලවතුන් අප රට හා සම්පත් ලබා ගන්නා අපේක්ෂාවෙන් සිටින බවත් මෙවැනි අවස්ථාවක එදා ඉපැරණි රජ දවසේ අප රටට ආක්‍රමිණ බලවේග පරසතුරු අභියෝග එල්ල වන විට රජවරුන් ඇමතිවරුන් පුරවැසියන් හා රණවිරුවන් රැකගන්න කටයුතු කළා සේ අද දවසේ ද රට රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම අද ත්‍රෛනිකායික මහා සංඝරත්නයට පහර පිට පහර එල්ල කරමින් අපහාස උපහාස කරන බවත් ආගමික නායකයන්ට ගරු කරන්න ශීලාචාර ශිෂ්ටසම්පන් ගුණාංග සමාජයේ ප්‍රචලිත කරන්න සැවොම කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.























