අතිශය දරුණු කාලගුණික විපර්යාසයන් සිදුකළ හැකි එල්-නිනෝ තත්ත්වය මේ වනවිට ලංකාව ආශ්‍රිත කොට ගෙන ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News
එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසා සිටියේ මේ වනවිට එහි බලපෑම තවමත් විශාල වශයෙන් ලංකාවට දැනෙන්නට පටන්ගෙන නොමැති බවකි.
කෙසේ වෙතත් එල්-නිනෝ තත්ත්වය හේතු කොටගෙන ඉදිරියේදී වර්ෂාව විශාල වශයෙන් පහත වැටිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙම තත්ත්වය හේතුකොට ගෙන ජූලි-අගෝස්තු මාසවලදී නිරිතදිග මෝසම් තත්ත්වය අඩාළ වීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතාම ප්‍රාථමික මට්ටමේ පවතින බවත්, වහාම ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවා මෙම තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත යුතු බවත්ය.










