• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

June 28, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු රටම කම්පනයට පත්කළ මේ සිදුවීම පිළිබඳ අදටත් බොහෝ දෙනාගේ සිත්තුළ එකම ප්‍රශ්නයක් ඉතිරිව තිබේ. ඇත්තටම ශ්‍යාමා දර්ශනීට සිදුවූයේ කුමක්ද? එය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් බවට මේ වනවිට තහවුරු වී ඇත. නමුත් මේ සියල්ලටම වඩා හදවත කම්පා කරන්නේ මියගිය තරුණියගේ ජීවිත කතාවයි.Sri Lanka Latest News

වැලිගම පදිංචිව සිටි ශ්‍යාමා දර්ශනී අධ්‍යාපනයේ ඉදිරියට ගොස් කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞත චිකිත්සකවරියක ලෙස අධ්‍යාපනය හදාරා රෝගීන් වෙනුවෙන් කැපවුණු තරුණියක් වූවාය. තම වෘත්තියට ආදරය කළ ඇය රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කළ බව ඇය සමග සේවය කළ අය පවා පවසනවා. පවුලේ සෙනෙහස මැද හැදී වැඩුණු ඇය තුළ විවාහය ගැන විශාල උනන්දුවක් නොවූ බව ඇගේ සහෝදරයා පවා පවසනවා. එහෙත් මාස කහිපයකට පෙර ඇගේ ජීවිතයට පැමිණි පුද්ගලයකු කෙරෙහි ඇය සම්පූර්ණයෙන් විශ්වාසය තැබුවා. තමන් මෘදුකාංග ඉංජිනේරුවකු බවත්, උසස් පවුලකින් පැවත එන බවත්, විදේශගත වීමේ හැකියාව ඇති බවත් පවසා ඇය තුළ එම පුද්ගලයා ගොඩනැගූ ප්‍රතිරූපය හරහා ඔහු ඇගේ විශ්වාසය දිනාගෙන තිබුණා. විශ්වාසය යනු මනුෂ්‍යයකුට ඇති වටිනාම දායාදයයි. ඒ විශ්වාසය අවංක මිනිසකු අතට පත්වූ පසු ජීවිතය ලස්සන කරයි. නමුත් වංචාවකින් සැඟවුණු හදවතකට භාරවූ විට ඒ විශ්වාසය ජීවිතයම විනාශ කරයි. ඒ අනුව කැනඩාව බලා යෑමේ සිහිනය වෙනුවෙන් ඇය ලබාගත් ණය මුදල් නැවත ඉල්ලා සිටි පුද්ගලයන්ගේ පීඩනය සහ මානසික ආතතිය ඇයට දැඩි බලපෑමක් එල්ල කර තිබූ බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසනු ලබයි. ඒ අතරතුර ඇය හිටි හැටියේ අතුරුදන් වීමත්, ඇගේ මෘත ශරීරය මෝටර් රථයක් තුළ තිබී හමුවීමත් සමග රටම කම්පනයට පත්වුණේ, ඇයට සිදුවූ දේ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබූ නිසායි.

මේ සිදුවීමෙන් තවත් බරපතළ ප්‍රශ්නයක් මතුකරයි. ඒ, කාන්තාවන් 30ක් පමණ රවටා, තවත් වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් උසාවි ගණනාවක නඩු විභාගවෙමින් තිබියදී මේ සැකකාර පුද්ගලයා කෙරෙහි මීට පෙර නිසි පරිදි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණා නම් අද ශ්‍යාමා ජීවත්ව සිටින්නට තිබුණා නොවේද යන්නයි.
මේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 16 වැනිදායි. ඒ අනුව, තෙල්දෙණිය පොලිසියට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ තෙල්දෙණිය රෝහලේ රථගාලේ නවතා ඇති වාහනයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවටයි. එම ඇමතුමට අනුව ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලිසිය අදාළ රථය පරීක්ෂා කර කාන්තා මළ සිරුර රථයෙන් එළියට ගැනීමට කටයුතු කළා. එලෙස මියගොස් තිබුණේ වැලිගම පදිංචිව සිටි අම්පාර රෝහලේ සේවය කළ භෞත චිකිත්සකවරියක් වූ 34 හැවිරිදි ශ්‍යාමා දර්ශනී නැමති තරුණිය බව හෙළිකර ගැනීමට පොලිසිය සමත් වුණා.

තමන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්, තමාට ලොකු පිළිගැනීමක් තියෙනවා, තමා යටතේ විශාල පිරිසක වැඩකරනවා යැයි පවසා ඇගේ පෙම්වතා ඇය රවටා තිබුණා. ඔහු තරුණියගේ ගමට ඩ්‍රෝන කැමරාවක් ගෙනැවිත් විවිධ ක්‍රියාකාරකම් ද සිදුකර තිබුණු නිසා ඔහුට එම ගමේ ළමයින් ‘ඩ්‍රෝන මාමා’ යන නමින් අමතා ඇති බවද සඳහන්ය.
ඒ විදියට ඔහු, තමන්ට නැති ප්‍රතිරූපයක් නිර්මාණ කර හැමෝගෙම හිත් දිනාගන්නවා. ඊට පස්සේ තමයි කැනඩාවට යන රඟපෑම පටන්ගන්නේ. සැකකරුගේ රැවැටිලි බස්වලට හසුවී මේ තරුණිය බැංකුවලින් සහ විවිධ පුද්ගලයන්ගෙන් ණයට මුදල් ලබාගෙන ඇත. එලෙස ලබාගත් ණය මුදල්වල එකතුව රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවයි ඇගේ සහෝදරයා පොලිසිය හමුවේ පවසා තිබුණේ. එලෙස ණයට මුදල් ලබාදුන් මිනිස්සු පුද්ගලයන් නැවත එම මුදල් ඉල්ලා සිටීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්වන්නට ඇති. ඒ පීඩාව දරාගැනීමට නොමැති නිසාම ඇය නුවරඑළියේ හෝටලයක ගිහින් නවතින්නට ඇති. ඇය එලෙස යන බව නිවැසියන්ටද පවසා තිබුණා. පසුව දින ගනණාවක් තිස්සේ අතුරුදන්ව සිටි ඇයගේ මෘත ශරීරය මෝටර් රථයක් තුළ තිබී හමුවෙනවා.

මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇගේ බෙල්ලේ තුවාල කිහිපයක් සහ පොරබැදූ සලකුණුත් නිරීක්ෂණය වී තිබුණා. ශරීරයේ කැනියුලාවක් වැනි යමක් තිබූ බවද නිරීක්ෂණය වී ඇත.

මේ තරුණිය 2023 වර්ෂයේ සිට අම්පාර රෝහලේ සේවය කර තිබුණා. විදෙස් ගතවන බව පවසා 2025 වර්ෂයේ සේවයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය මෙම පුද්ගලයා සමග සම්බන්ධය ගොඩනගාගෙන තිබුණේ මීට මාස 08කට පමණ පෙරය. ඇය ඔහු හඳුනාගෙන ඇත්තේ දිනෙත් යන නමින්. නමුත් ඔහුගේ සැබෑ නම දිනෙත් නොවන බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. තම නැගණිය මහල් නිවසක නවාතැන් ගෙන සිටින බවත්, ඇය දින ගණනක් ආහාර ගෙන නොමැති බවත්, ඇය රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමට සහාය අවශ්‍ය බවත් ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරයා පසුගිය 17 වැනිදා උදෑසන නුවරඑළිය පොලිසියෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබුණා. ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අනාවරණ කරගෙන තිබුණේ එය මහල් නිවසක් නොව හෝටලයක් බවටයි. ඒ ස්ථානයේ අදාළ තරුණිය නොමැති බවත් ඔවුන් අනාවරණ කරනු ලැබුවා. හෝටල් සේවකයන් පවසා තිබුණේ අදාළ තරුණිය පසුගිය දෙවැනිදා හෝටලයට පැමිණ නැවත 10 වැනිදා ඉන් පිටව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය 16 වැනිදා මේ කාන්තාව හෝටලයට තනිව පැමිණ තිබුණා. එහි ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී පොලිසියට දැකගන්නට ලැබුණේ 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ තරුණියගේ පෙම්වතා හෝටලයට පැමිණෙන අයුරුයි. මිනිත්තු 40ක් පමණ ඒ හෝටලයේ කාමරයේ රැඳී සිටි එම පුද්ගලයා රාත්‍රී 10.30ට පමණ සිහිසුන් වී සිටි තරුණිය රැගෙන පිටතට පැමිණෙන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

හෝටලයේ ආරක්ෂක නිලධාරීන් පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ මේ පුද්ගලයා තම බිරිඳ රෝගාතුරව ඇති බැවින් රෝහලට රැගෙන යන බවය. එදින රාත්‍රියේ මළ සිරුර මෝටර් රථයේ ඉදිරි අසුනේ තබාගෙන ආරක්ෂිත පටිද ඇයට පලඳවාගෙන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන ආ බව පසුව හෙළිවුණා. එම මෝටර් රථය පිටුපසින් ඔහුගේ අනියම් බිරිඳ දරුවන් තිදෙනකුද සමග වෑන් රථයකින් පැමිණ තිබූ බව ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

මේ අතර, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ තෙල්දෙණිය රෝහලේ රථගාලේ වාහනයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවටයි. පසුව කළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී තිබුණේ නුවරඑළියෙන් අතුරුදන් වූ කාන්තාවගේ සිරුර එහි ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ රෙදි සාප්පුවක්ද පවත්වාගෙන ‌ගොස් තිබුණා. ඔහු එම රෙදි සාප්පුවේ සේවකයන් දෙදෙනාටද පවසා ඇත්තේ රෙදි සාප්පුව වසාදමන ලෙසයි. මෙම පුද්ගලයාගේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයන් සිටින නාරම්මල ප්‍රදේශයේ නිවසට ගොස් පොලිසිය ප්‍රශ්න කර තිබුණා. පුතා තමාට වරින් වර රුපියල් ලක්ෂයක් හෝ දෙකක් එවන බවත් අවුරුදු 8කින් පමණ පුතාව දැක නොමැති බවත් මව එහිදී පොලිසියට පවසා තිබුණා. සැකකරුගේ සහෝදරයා පවසා ඇත්තේ තම බාල සහෝදරයා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන යළි ඒවා නොදී මගහැර සිටින නිසා ඔහු නිවසට ආ පසු එළවා දැමූ බවයි.
සැකකරු නීත්‍යනුකුලව විවාහ වූ අයකු වන අතර, ඔහුට එක් දරුවකුද සිටින බව හෙළිව තිබේ. ඔහු තරුණියන් 30ක් පමණ රවටා ඇති බවත්, ඔහුට විරුද්ධව නඩු විශාල ප්‍රමාණයක් අලුත්කඩේ, ගම්පහ සහ තිස්සමහරාම යන අධිකරණවල විභාග වන බවත් පසුව සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත.

මේ අතර, පෙම්වතා යැයි සැලකෙන පුද්ගලයා සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසියට හැකිව තිබුණා. ඔහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති අතර, ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල බවද අනාවරණ වී ඇත. මොහු ඉංජිනේරුවරයෙකු යැයි පවසමින් මහනුවර සහ මාතලේ ඇතුළු විවිධ පුදේශවල කාන්තාවන් රවටමින්, උසස් රැකියාවන් කරන සහ ධනවත් ව්‍යාපාරික තරුණියන් සමග සම්බන්ධකම් පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණ වී තිබුණා. බොරු කොණ්ඩයකින් සිය තට්ට හිස වසාගෙන පෙනුම වෙනස් කරගෙන සිටි ඔහුගේ කඩවසම් බවට සහ කතාබහට එම තරුණියන් රැවටී ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනයට ලක්වූ ශ්‍යාමා දර්ශනීගේ සහෝදරයා හදවතේ කැකෑරෙන වේදනාව පිටකළේ මෙලෙසයි.
‘මගේ චූටි නංගි මට වැඩිය අවුරුදු 16ක් බාලයි. අපේ පවුලේ හුරතලේට හැදුණේ. චූටි නංගි මම තාත්තාට වඩා වඩාගෙන ඉඳලා ඇති. ඇය ඉගෙන ගන්න හුඟාක් දක්ෂයි. අපිට යන්න බැරිවුණු තැනට චූටි නංගිව අරගෙන යන්න ඕනේ කියලා අපි ඇය වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. ඇය වැලිගම සුමංගල බාලිකාවට ගියේ. කොළඹ විශ්වවිද්‍යාලය තමයි භෞත චිකිත්සක උපාධිය හදාරන්න ඇය තෝරගත්තේ. භෞත චිකිත්සකවරියක් ලෙස අම්පාර රජයේ රෝහලට තමයි ඇයට පළමු පත්වීම ලැබෙන්නේ. ඇය මානසික චිකිත්සක පාඨමාලාවක් හදාරලා ඒකෙත් උපාධිය ගත්තා. රෝගියෙක් බේරගන්න වුණොත් ඒ වෙනුවෙන් එයා උපරිම මහන්සි වෙලා කටයුතු කරනවා. ඇයට වයස 33 වෙනකොට අපි හැමෝම ඇයට විවාහයක් කරලා දෙන්න උත්සාහ කළා. මංගල යෝජනාවලට දැම්මා. අවසානයේ ඇය කිව්වේ ‘අයියේ මට කරදර කරන්න එපා. මම කසාද බඳින්නේ නැහැ’ කියලා. අපි හිතුවේ එයා අධ්‍යාත්මික පැත්තට යොමුවෙයි කියලා. ගිය අවුරුද්දේ දවසක මට කෝල් එකක් එනවා නංගිගෙන්. මට හරියටම දිනේ මතක නැහැ. ‘අයියේ මම බඳින කෙනා හොයාගත්තා’ කියලා කිව්වා. මම කිව්වා අපිට විස්තර ඕනේ කියලා. එතකොට මට එයා ෆොටෝ එකක් එව්වා. එයා විස්තර වගයක් කිව්වා. ‘එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, අපිට වඩා උසස් පෙළපතක් තියෙන කෙනෙක්, අපිට ගැළපෙන්නේ නැහැ, නමුත් එයා කැමැතියි ඒ පවුලෙන් වෙන්වෙලා මාව කසාද බඳින්න’ කියලත් මට කිව්වා. ‘එයා දළදා මාලිගාවේ දිසානායක මුදලිතුමාගේ පුතා, ඇතෙක් පවා ඉන්නවා, එයාලගේ ගෙදර තියෙන්නේ ගන්නෝරුවේ යුද හමුදා කඳවුරට උඩ පාරේ’ කියලත් කිව්වා. මම ඇහුවා කොහොමද ඔයාට නුවර කෙනෙක් හම්බවුණේ කියලා. ඇහුවාම කිව්වේ තිළිණි කියලා කෙනෙක් අම්පාර කච්චේරියේ වැඩකරනවා. ඒ ගෑනු කෙනා පිසියෝ තෙරපිවලට ඇවිත් මෙයාත් ඇවිත් තිබුණා. මේ තුන්දෙනා අතර යාළුකමක් ඇතිවෙලා තිබුණා. නිතරම මේ පිරිමි කෙනා කියලා තිබුණේ මේ ආව ගෑනු කෙනා තමයි බඳින්න හිටියේ නමුත් මට ගැළපෙන්නේ නැහැ එයාගේ හැසිරීම මට අල්ලන්නේ නැහැ. මම ඔයාව බඳින්න කැමැතියි කියලා. කාලයක් යනකොට අම්පාර කච්චේරියේ ගෑනු කෙනා මේ තුන්දෙනා අතරින් අයින් වෙනවා. නංගි ගෙදර එන දවසට මේ තරුණයා නංගිව දාලා යනවා. ඉන්නේ නැහැ. ආයෙ යන දවසට එක්කන් එන්න එනවා. නංගි මගෙනුත් ලක්ෂ තුනක ණය මුදලක් අරගෙන ඒකත් ඒ දවසටම බේරුවා. මගේ යාළුවෙක් නුවර ඉන්නවා. එයාගෙන් විස්තර ඇහුවාම මට කිව්වා දිසානායක මුදලිතුමා කියලා කෙනෙක් ඉන්නවා එයාගේ පුතා කටුනායක එයාර්පෝර්ට් එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් කියලා. හැබැයි ඒ ගෙදර දොර නම් වහලා තියෙන්නේ කියලා. මට නංගි කිව්වා අයියා විස්තර හොයන්න යන්න ඕනේ නැහැ, ඒ සියලු විස්තර හරි කියලා. එයා අපේ ගෙදර එනකොට ඩ්‍රෝන කැමරාවක් ගෙනාවා. එයා කියන්නේ ඒක වාහනේ තියෙනවා කියලා. අපිව දවසක් කතරගම ගිහිල්ලා වී.අයි.පී. ගේට්ටුවෙන් ඇතුළටත් ගත්තා. ඒ යන්න ඉස්සෙල්ලා කිව්වේ මම මාස්ක් එකක් දාගන්නම් එතැන අය අඳුරගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. නංගි අසනීප වෙලා ඉන්නකොට මම ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා අයියේ මම කැනඩා යන්න ලක්ෂ 50ක් විතර ණයට ගත්තා කියලා. පස්සේ කිව්වා ලක්ෂ 150ක් විතර කියලා. දිනෙත්ගේ ඉඩමක් තියෙනවා ඒ ඉඩම විකුණලා සල්ලි දෙනවා කිව්වා.

මම නංගිගේ අපාර්ට්මන්ට් එකට යන අතරතුර මම කෝල් 100කට වැඩිය ගත්තා. නංගි ආන්සර් කළේ නැහැ. මම කෝකටත් පොලිසියට ගිහින් පොලිස් නිලධාරියෙක් සමග ගියා. ගිහින් ආරක්ෂක නිලධාරියාගෙන් සහ මැනේජර්ගෙන් ඇහුවාම මේ පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබාගත් විට ඔහු පැවසුවේ අපි මේ ඇතුළේ ඉන්නවා, අක්කට ටිකක් සනීප නැති නිසා කාමරේ ඉන්නවා කියලා. කාමරේ ඉන්නවා කිව්වත් ඔවුන් කාමරේ ළඟට ගොස් තට්ටු කළද කවුරුන් හෝ දොර ඇරියේ නැහැ. නැවතත් මේ පුදගලයාට දුරකතන ඇමතුමක් ගෙන ආරක්ෂක නිලධාරියා ඔහුට පැවසුවේ පොලිසියෙන් ඇවිත් ඔයාව හම්බවෙන්න කියලා. එවිට ඒ පුද්ගලයා දුරකතන ඇමතුම කට් කළා. කාමරේ දොර අරින්න යතුරක් නැති නිසා ආරක්ෂක නිලධාරියා සහ පොලිස් නිලධාරියා ජනේලයක් විවෘත කර කාමරය පරීක්ෂා කළත් ඇතුළේ දත්බුරුසුවක් පමණයි තිබුණේ. පස්සේ සී.සී.ටී.වී. පරීක්ෂා කළා. එතකොට තමයි දැකගැනීමට හැකිවුණේ රෑ 9.50ට විතර දිනෙත් දිසානායක කියන මනුස්සයා ඇවිත් වාහනය පාක් කරලා නංගිගේ බෑග් ටික දාලා නැවත උඩුමහලට ඇවිත් නැවත 10.28ට විතර මගේ නංගිව උස්සගෙන යනවා.

අපේ ලොකු නංගිට දිනෙත් කතා කරලා කියනවා චූටි නංගි ඉන්නවා, තව පැය එකහමාරකින් අපි කැනඩා යනවා, අපි දැන් එයාර්පෝට් එකේ ඉන්නේ, නංගි ගියා ඩොකියුමන්ට සබ්මිට් කරගන්න කියලා. එතකොට ලොකු නංගි කියලා තියෙනවා ඔයාලා රට ගියාට කමක් නැහැ චූටි නංගිට කතාකරන්න කියලා. ඔය තොරතුර මම නැවත පොලිසියට දැනුම් දෙනවා. ඉන් පස්සේ මුළු ලංකාවටම පොලිස් මැසේජ් එකක් යවනවා පින්තූර දාලා. ඒ වගේම එයාර්පෝට් එකටත් දැනුම් දෙනවා ගුවන් ගමන් නවත්තන්න කියලා. හවස 3ට විතර තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිතුමාට දුරකතන ඇමතුමක් එනවා තෙල්දෙණිය රෝහල අසල රථගාලේ වැගන් ආර් වාහනයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට. මගේ හදවතට මාර දුකක් දැනෙනවා. මට තියෙනවා සැකයක් චූටි නංගි උස්සගෙන ගියේ ඇයි, චූටි නංගි මැරුවාද, මගේ හිතේම තියෙන්නේ චූටි නංගිව ඌ මැරුවා කියලයි…’
මියගිය තරුණියගේ සිරුර වැලිගම පවුලේ සුසාන භූමියේදී පසුගිය 19 වැනිදා මිහිදන් කෙරුණා.

සැකකරුගේ ඡායාරූප සහ දුරකතන අංකය සහිතව මාධ්‍ය මගින් දැන්වීම් පළකර, දුටු කෙනෙක් අමතන්න යනුවෙන් සඳහන් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 24 වැනිදා උදෑසන සැකකරු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම යටතේයි. සැකකරු වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් රථයකින් ගමන් කර තිබුණු බවයි එහිදී අනාවරණ වී තිබුණේ. සැකකරු සැලසුම් කර තිබුණේ යාපනයට ගොස් ඉන්දියාව බලා යාමටයි. ඒ වගේම මේ සැකකරුට සහාය ලබාදීමේ චෝදනාව මත මේ වෙද්දී ඉහළ පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට පත්වෙලා.

අද බොහෝ තරුණියන් බාහිර පෙනුම, මුදල්, වාහන, උසස් රැකියා සහ විදේශ සිහින මත විශ්වාසයෙන් අනාගතය ගොඩනගයි. නමුත් සැබෑ වටිනාකම් තියෙන්නේ මනුෂ්‍යයකුගේ ගතිගුණ තුළයි. බොරුවෙන් ගොඩනැගුණු මාලිගා කාලයත් සමග කඩාවැටෙයි. නමුත් අවංකකම මත ගොඩනැගුණු සම්බන්ධතා පමණක් කාලය පරදා ජීවත් කරවයි.
අද ශ්‍යමා නැත. ඇගේ මවුපියන්ගේ බලාපොරොත්තු නැත. සහෝදරයන්ගේ හුරතලේ සිටි චූටි නංගි නැත. රෝගීන් වෙනුවෙන් කැපවුණු භෞත චිකිත්සකවරිය නැත. ඉතිරිව ඇත්තේ වියළී නොගිය කඳුළු සහ සමාජයට ලැබුණු දැඩි අනතුරු ඇඟවීමක් පමණයි. විශ්වාස කිරීමට පෙර මනුෂ්‍යයා හඳුනාගන්න. සිහිනවලට වඩා සත්‍ය වටිනා බව මේ ඛේදවාචකය මුළු සමාජයටම නැවතත් සිහිපත් කර ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

Next Post

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

MORE NEWS

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News
Exclusive

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

Exclusive

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...

Read more
මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.