• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට වනජීවීන් වෙනුවෙන් කැපවෙන පිරිස ඉතාමත් සීමිතයි. එයිනුත් අලි ඇතුන් වෙනුවෙන් හා ඔවුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් එකතු වන කණ්ඩායමක් තමන්ගේ ගමන් මගේ එක් සුවිශේෂ සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා සංවිධානය පසුගිය සතිය වනවිට මෙරට සිටින ඇතුන්ගේ නාමකරණයේ 300 වැනි කඩඉම පසු කළා. විද්‍යාත්මක හා පර්යේෂණාත්මක තොරතුරු මත පදනම්ව ඡායාරූප හා අනෙකුත් ජෛව විද්‍යාත්මක කරුණු උපයෝගී කරගෙන සිදුකරනු ලබන ඇතුන් නාමකරණය හා වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා සංවිධානයේ දශකයක ගමන් මග ගැන ‘කැලෑ කොලම’ සමග අද සම්බන්ධ වෙන්නේ එම සංවිධානයේ සම්බන්ධීකාරක චන්දික ලක්මාල් සහෘදයා.
වසර දහයක් පුරා අප සමූහය පැමිණි ගමන් මගේ අද තවත් සන්ධිස්ථානයක් ලකුණු කිරීමට සමත් වීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක හතරක කාලය තුළ සිට මේ දක්වා 300 වැනි දළ ඇතා හඳුනාගෙන ලේඛනගත කිරීමට අපි සමත් වුණා. මෙය හුදෙක් සංඛ්‍යාත්මක ජයග්‍රහණයක් පමණක් නොවෙයි. එය වසර දහයකට ආසන්න කාලයක් පුරා නොසැලෙන කැපවීමකින්, කිසිම පුද්ගලික අරමුණුවලින් තොරව, මුදල් ඉපයීමේ අභිලාෂයෙන් තොරව, වියළි කලාපීය වනාන්තර, වගාබිම්, වැව්පිටි තුළ ගතකරන ලද පැය දහස් ගණනක හා අසීමිත නිරීක්ෂණයන් තුළින් ලබාගත් සාමූහික ජයග්‍රහණයක්. Sri Lanka Latest News

මේ ගමන ආරම්භ වූයේ 2016 වසරේ වනජීවී ඡායාරූපකරණයට හා දළ ඇතුන්ට දැඩි ආදරයක් තිබූ කුඩා පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් එක්වීමෙන්. ඔවුන්ගේ අරමුණ වූයේ ලංකාව පුරා සිටින දළ ඇතුන් හඳුනාගෙන ඔවුන්ගේ සංචරණ රටා, වයස, වාසභූමි හා වෙනත් වැදගත් තොරතුරු සටහන් කරමින් පර්යේෂණයටත් සංරක්ෂණයටත් ප්‍රයෝජනවත් වන දත්ත පද්ධතියක් ගොඩනැගීමයි. ආරම්භයේදී ඉතා සීමිත දත්ත ප්‍රමාණයකින් පටන්ගෙන ලැබෙන සෑම ඡායාරූපයක්ම ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කොට විශ්ලේෂණාත්මකව නූතන විද්‍යාත්මක දළ ඇතුන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන්ට අනුව ක්‍රමානුකූලව මෙම දත්ත පද්ධතිය ගොඩනගා ගැනීමට අපට හැකි වුණා.

කාලයත් සමග සාමාජික සංඛ්‍යාව ක්‍රමයෙන් විශාල වීමත් සමග දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වනජීවී ඡායාරූප ශිල්පීන්, පර්යේෂකයන්, සොබාදහමට හා වනසතුන්ට ආදරය කරන පිරිස්, වනෝද්‍යාන නරඹන්නන් සහ සංරක්ෂණයට කැපවූ පුද්ගලයන් අප සමූහය සමග එක්වී ආරම්භ වූ මෙම ගමන අද වනවිට ලංකාවේ දළ ඇතුන් හඳුනා ගැනීම සහ නිරීක්ෂණය කිරීම වෙනුවෙන් කැපවූ සහ විශාලම දත්ත පද්ධතිය හිමි සාමූහික ජාලය බවට පත්ව ඇත. එය සැබවින්ම ආඩම්බරයට කරුණක්.

මුල් කාලයේදී අප හට පැවැති ප්‍රධානම අභියෝගය වූයේ දළ ඇතුන්ගේ විස්තර හා ඡායාරූප සමාජගත වීම ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් බවට ජනතාව තුළ පැවැති වැරදි අවබෝධයයි. කාලයත් සමග තොරතුරු තාක්ෂණයේ සිදුවූ දියුණුවත් සමග එම මතය නිවැරදි නොවන බවට ජනතාවට තේරුම් කර දීමත්, වර්තමානයේ දළ ඇතුන්ගේ ආරක්ෂාව පවතින්නේ ඔවුන්ගේ අනාවරණය වීම තුළ බවත් හේත්තු ගැන්වීමට හැකිවීම අප ලැබූ සාමූහික ජයග්‍රහණයක්.

අද අපි අභිමානයෙන් 300 වැනි දළ ඇතා හඳුනා ගැනීම වෙනුවෙන් මෙම සටහන තැබුවත් පහතින් දැක්වෙන්නේ මෙම දස වසරක කාලය තුළ අප සමූහය විසින් ශ්‍රී ලංකා භූමිය තුළ වාසය කරන ලද සියලු අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන්, අලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් සහෝදර ගම්වැසියන්, දූ දරුවන් හා අනාගත පරපුර වෙනුවෙන් අප සමූහය විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලැබූ කාර්යයන්ගෙන් කීපයක් පමණයි.

අපගේ මුල්ම සාර්ථකම ව්‍යාපෘතිය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව කලාවැව ජාතික වනෝද්‍යානය සඳහා දළ ඇතුන් හඳුනා ගැනීමේ මාර්ගෝපදේශය සකස් කිරීමයි. අද එය වනජීවී ඡායාරූප ශිල්පීන්ට, මාර්ගෝපදේශකයන්ට, පර්යේෂකයන්ට සහ වනෝද්‍යාන පැමිණෙන්නන්ට, අමුත්තන්ට ඉතා වටිනා මාර්ගෝපදේශයක් වී තිබේ. සංරක්ෂණය වනජීවී උද්‍යානයන්ට පමණක් සීමා නොවන බව අප විශ්වාස කරමු. ඒ නිසා අලි – මිනිස් ගැටුමෙන් ඍජුවම පීඩාවට පත්වෙන කලාවැව අවට දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් අපි නිරන්තරයෙන් ක්‍රියාත්මක කළෙමු. අධ්‍යාපනය හා දැනුවත් කිරීම අපගේ මූලික අරමුණුවලින් එකක් වන අතර, අලි – මිනිස් ගැටුම බරපතළව පවතින ප්‍රදේශවල වෘත්තිකයන්, ප්‍රාදේශීය ජනතාව සහ පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලා රැසක් සංවිධාන කළෙමු. අනාගත පරපුර තුළ සංරක්ෂණය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ විය.

එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය සමග එක්ව අලි සහ දළ ඇතුන් බේරාගැනීමේ මෙහෙයුම් රැසකටද ක්‍රියාකාරීව දායක වීමටද අපට හැකි විය. තවද වැදගත් සංරක්ෂණ කටයුත්තක් වූයේ කලාවැව තෘණ භූමි ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, පළාත් පාලන ආයතන, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව හා අපේ රටේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි සියදහස් ගණනක් පරිසරයට හිතැති මහජනතාවගේ අනුග්‍රහයෙන් කලාවැව තුළ අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික තෘණ භූමි ආක්‍රමණය කර තිබූ ජපන් ජබර ඉවත් කිරීමේ තෙදිනක දැවැන්ත වැඩසටහනක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය. එමගින් අලි ඇතුන්ට සහ අනෙකුත් වනජීවීන්ට අවශ්‍ය ආහාර භූමි ප්‍රතිස්ථාපනය කිරීම වැදගත් පියවරක් විය. එහි අනගි ප්‍රතිඵල මේ වනවිට අලි ඇතුන් සහ අනෙකුත් සතුන් භුක්ති විඳිනු දැකීමට හැකි වීම සතුටට කරුණකි.

මෑතකදී අප ලැබූ තවත් සුවිශේෂ අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය සමග එක්ව පසුගිය දශක හතරක කාලයක් ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සැරිසැරූ, අදටත් සැරිසරන තේජවන්ත දළ ඇතුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් Legends of the Wild නමින් සංවිධාන කිරීමයි. මෙම ප්‍රදර්ශනය මගින් දළ ඇතුන්ගේ අලංකාරය පමණක් නොව ඔවුන්ගේ දුර්ලභත්වය, පාරිසරික වටිනාකම සහ සංරක්ෂණයේ වැදගත්කම ද ජනතාවට ඒත්තු ගැන්වීමට අපට හැකි විය.

මීට අමතරව පහත සඳහන් ව්‍යාපෘතිවලටද අප සමූහයෙන් දායකත්වය දක්වා ඇත.

● අප රට තුළ දැනට ජීවත් වන විශාලම දළ ඇතෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ ඇතාගේ ආරක්ෂාව සඳහා එම ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සංවිධාන කරන මහජන දැනුවත් කිරීම් වැඩසටහන්වලට දායකත්වය දැක්වීම.

● කොළඹ කුරුඳුවත්ත රොටරි සමාජය හා එක්ව අලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ප්‍රදේශ දෙකක අලි වැට සංරක්ෂණය හා ගම්වැසියන් දැනුවත් කිරීමේ කාර්යයන්හි ස්වේච්ඡාවෙන් නිරත වන ගම්වැසියන් දෙදෙනකුට රුපියල් 75,000 බැගින් වන පාපැදි දෙකක් ලබාදීම.

ශ්‍රී ලංකාව තුළ ජීවත් වන අලි ඇතුන් පිළිබඳ අසීමිත ආදරය හා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කළ යුතුය යන විශ්වාසය පමණක් පෙරදැරි කරගෙන ආරම්භ කළ මෙම සමූහයට මෙතරම් දුරක් පැමිණීමට එම උදාර අරමුණ ආශීර්වාදයක් වූ බව අපි දනිමු. අප විසින් හඳුනාගත් සෑම දළ ඇතෙකුම, සිදුකළ සෑම ක්ෂේත්‍ර චාරිකාවක්ම, සෑම බේරාගැනීමේ මෙහෙයුමක්ම, සෑම දැනුවත් කිරීමේ වැඩසටහනක්ම සහ සෑම සංරක්ෂණ ව්‍යාපෘතියක්ම සාර්ථක වූයේ තම කාලය හා දැනුම ශ්‍රමය නොපිරිහෙළා කැපකළ පිරිසගේ නිහතමානී දායකත්වය නිසාය.

පසුගිය දශකය පුරා මෙම ගමන් මගේ කොටස්කරුවන් වූ වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකාවේ සියලු සාමාජිකයන්ට, පරිපාලක මණ්ඩලයට, වනජීවී ඡායාරූප ශිල්පීන්ට, පර්යේෂකයන්ට හා ස්වේච්ඡා සේවකයන්ට සහ අප සමග සිටි සියලු හිතවතුන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව පළකර සිටිමු. තවද හඳුනා ගැනීමට බලා සිටින දළ ඇතුන් බොහෝ දෙනෙක් ලංකාවේ වනාන්තර තුළ සැරිසරති. එසේම තවත් බොහෝ දළ ඇතුන් ප්‍රමාණයක් හඳුනා ගැනීමකින් තොරවම අවසන් හුස්ම හෙළන්නට ඇත. තවත් ආරක්ෂා කළ යුතු වාසස්ථාන බොහොමයක් ඇත. තවත් විසඳිය යුතු සංරක්ෂණ අභියෝග රැසක්ද ඉදිරියේ ඇත. ඉන් ප්‍රධානම එකක් වන්නේ අලි ඇතුන්ගේ සංචරණය සිදුවන අලිමංකඩවල් නිදහස් කිරීමයි. එය සෙමින් සෙමින් වුවත් ක්‍රියාත්මක වීම අගය කළ යුත්තකි.

‘වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා’ සංවිධානය ඇතුන් නාමකරණයට පෙර සිටත් මිනිස්සු දළ ඇතුන්ව එක එක නම්වලින් හඳුන්වලා තියෙනවා. ඒ හුඟාක් දළ ඇතුන් දැකලා තියෙන්නේ බොහෝ දුරට ජාතික වනෝද්‍යානවල. ඉන් ඔබ්බට ගිහිල්ලා වයිල්ඩ් ටස්කර්ස් සංවිධානය, මගේ දැනුම් තේරුමේ හැටියට වැඩිපුරම දළ ඇතුන්ව නාමකරණයට සහ හඳුනා ගැනීමට ලක්වෙලා තියෙන්නේ ඉන් පරිබාහිරව. මෙන්න මේ ප්‍රවණතාව ගැන එහෙමත් නැත්නම් මිනිස්සු සහ වනජීවී ඡායාරූප ශිල්පීන් වනජීවී උද්‍යානවලින් පරිබාහිරව අලි ඇතුන් සොයායාම පිළිබඳ ඔබගේ අදහස කෙටියෙන් පැහැදිලි කරන්න.

දැන් අලි ඇත්තු අපි නාමකරණය කරන්න කලින් ගොඩක් කලින් ඉඳන් ගොඩක් නම් දාලා තිබ්බා. මොකද යාල හිටියා ‘කාන්’ලා කීප දෙනෙක්ම. ඊට පස්සේ ඉන් පරිබාහිරවත් නම දාපු ඇත්තු හිටියා. හැබැයි ඒ දවස්වල ජනමතය තිබ්බේ ගොඩක්ම අලි ඇත්තු බලන්න නම් යාල, මින්නේරිය, කවුඩුල්ල යන්න ඕනේ කියලා. හැබැයි මිනිස්සු ගොඩක් දැනගෙන හිටියෙත් නැහැ මේ දළ ඇත්තු වැඩි හරියක් ඉන්නේ වනෝද්‍යානවලින් පිට කියලා. එතැනදී ඇත්තටම අපිට කරන්න පුළුවන් වෙච්ච ලොකු දෙයක් තමයි මේ සංරක්ෂණය කරන්න ඕනෙ ඇත්තු වනෝද්‍යානවල එළියේ ඉන්නවා කියන එකත් මේකෙන් අපිට පෙන්නන්න පුළුවන් වුණා.

මොකද අපි ලංකාවේ වන ගහනය දිහා බලලා ඒවායේ තියෙන කොරිඩෝර්ස් දිහා බලලා අපි සමහර පැති ටාගට් කරලා ගිහිල්ලා දළ ඇත්තු එහෙම හොයලා අරන් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම එහෙම නොතිබ්බා නම් සමහර විට කාලයත් එක්ක කවුරුවත් දන්නේ නැතුවම ඝාතනය වෙන්න ඉඩ තිබ්බා. දැන් හොඳම උදාහරණයක් වන්නියාන් කියන ඇතා, වෙඩිතලතිව්වලින් අපි අවුරුදු ගානක් හොයාගෙන ගිහිල්ලා දැනගත්තේ. ඒ වගේම කැපිටිගොල්ලෑව, හොරොව්පතාන, පදවිය පැත්තෙත් ටාගට් කරලා ගිහිල්ලා හොයාගෙන තමයි ඒවා එළිදක්වලා දැන් මිනිස්සුන්ගේ හොඳ දැනුවත්භාවයක් තියෙනවා ගජබාහු ඇතා ගැන, තව කැපිටිගොල්ලෑවෙ ඇත්තු ගොඩක් ඉන්නවා.
මහේෂාක්‍ය කියන ඇතා ඝාතනය වුණා දළ කපාගෙන ගිහින්. ඒවා නොවෙන්න තිබ්බා කලින්ම ඔය දේ කරලා තිබ්බා නම්. අපි ඇත්තටම ලොකු දෙයක් තමයි, ඒ කියන්නේ වනෝද්‍යානවලින් එළියට ගිහිල්ලම මේගොල්ලෝ හොයලා ජනතාව දැනුවත් කරලා මේ බලධාරීන් දැනුවත් කිරීමෙන් දැන් සෑහෙන දුරට ඒගොල්ලෝ ගැන හොඳ අවධානයක් මුළු රටේම යොමුවෙලා තියෙනවා.

කලින් මතය තිබුණේ මේවා ප්‍රසිද්ධ කළාම මේගොල්ලන්ට අනතුරක් වේවි කියන එක. නමුත් ඒක දැන් හරවලා තියෙනවා ‘දැනුවත් වීම තමයි ආරක්ෂාව’ කියන තැනට. දැන් ඒ බව මුළු රටම පිළිගන්නවා. අපේ දත්ත පද්ධතිය දිහා බැලුවාම වනෝද්‍යානවලට වඩා වැඩි ඇත්තු ප්‍රතිශතයක් ඉන්නේ වනෝද්‍යානවලින් පරිබාහිරව. එතකොට ඒ ඔක්කොම දැනට අපි නාමකරණයට ලක් කරගෙන යනවා.

2016 වසරේ අපගේ ගමන ආරම්භ කළ එම උද්‍යෝගය සහ කැපවීමත් සමග වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා ඉදිරියටත් ශ්‍රී ලංකාව තුළ දළ ඇතුන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් නොනවතින අධිෂ්ඨානයෙන් කටයුතු කරනු ඇත. කැලෑ කොලමේ අප හා සම්බන්ධ වූ චන්දික ලක්මාල් සහෘදයාටත් මෙරට අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා කටයුතු කරන වයිල්ඩ් ටස්කර්ස් ශ්‍රී ලංකා සමාජයටත් කැලෑ කොලමේ හෘදයාංගම ස්තුතිය පළකරන අතර ඉදිරියේදීත් මෙරට අලි ඇතුන්ගේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමට වාසනාව සහ ශක්තිය ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඇමෙරිකාවයි චීනයයි ලංකාවට මෙහෙම ඇහැ ගහන් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

Next Post

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

MORE NEWS

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...

Read more
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.