• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදාම දහඅටේ කෙල්ලෙක් වෙන්න බෑ

September 5, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හැමදාම දහඅටේ කෙල්ලෙක් වෙන්න බෑ
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ විටෙක කටකාර, තවත් විටෙක අහිංසක චරිත මවන්නියක් තමයි නදීෂා අලහප්පෙරුම කියන්නේ. පසුගිය දින කිහිපය තුළ ඇයව අප සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. එහෙත් අපගේ උත්සාහය නිසා අද ඇය අපගේ ඉල්ලීමට පුංචි වේලාවක් වෙන්කළේ ඔබ වෙනුවෙන්මයි.
නදීෂා මේ දවස්වල පුංචි තිරයෙන් සැඟවිලාද?
එහෙම ලොකුවට නැහැ. ‘සිඳු’ ටෙලිනාට්‍යයේ විතරයි වැඩ කරගෙන යන්නේ. එක වැඩක වැඩ කළත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ තරමට ‘සිඳු’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් බලන නිසා.
කාලයක් ඔබට පුංචි තිරයේ හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ ලැබුණු ඉල්ලුම දැන් නැතිද?
එහෙම නෙවේ. එදා ඉඳලා මට නිර්මාණවලින් ආරාධනා එනවා. ඒත් පසුගිය කාලෙ ලෝකේ ඇතිවුණු ‘කොරෝනාව’ නිසා ලංකාවටත් එය බලපෑවා. ඉතින් අපි කාටවත් වැඩක් නැතුව ගෙදර ඉන්න සිද්ධ වුණා. දැන් තමයි ක්‍ෂේත්‍රයේ නිර්මාණ කරගෙන යන්නේ. නැවැත නිර්මාණ කෙරුණොත් අපට ආරාධනා එනවා.
වසර ගණනාවක් ඔබ කලා ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙලා හිටියේ කලකිරීමකින්ද?
අපෝ එහෙම කලකිරීමක් නැහැ. පුතා හමුවෙන්න ඉද්දි මම කලාවෙන් මඳකට සමුගත්තා. ඒ කෙටි කාලය තුළ දුවත් ලැබුණු නිසා මම අවුරුදු පහක් විතර කලාවෙන් ඈත්වෙලා දරුවන් වෙනුවෙන්ම තමයි කාලය වෙන් කළේ.
එතකොට විදේශ ගතවුණා කියන කතාව බොරුවක්ද?
ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ එහෙම. මොකද මම පේන්න හිටිය නැති නිසා. මම එහෙම රට අත්හැරලා ගියේ නැහැ. විදේශීය සංචාරවලට විතරයි ගියේ.
ක්‍ෂේත්‍රයට එකතු වන නව පරපුරේ අයත් මුහුකාර චරිත රඟපාන්න ගියාම නදීෂාට තියෙන ඉල්ලුමත් අඩුවෙනවා ඇති?
අපිට හැමදාම අවුරුදු දහඅටේ කෙල්ලගේ චරිත රඟපාන්න බැහැනේ. ක්‍ෂේත්‍රයේ අලුත් පිරිසක් ඉන්නවා වයස් භේදයකින් තොරව. අධ්‍යක්‍ෂවරුන් කතා කරන්නේ චරිතයට ගැළපෙන අයට. ඉතින් මට එහෙම කිසිම කෙනෙක් අභියෝග වෙලා නැහැ. මට අභියෝගය මම විතරයි. ඒ වගේම ලැබෙන චරිතය මට අභියෝගයක්.
ජනප්‍රිය වීමට ගොඩදෙනෙක් පෙම්වතිය චරිතය රඟපෑමට පොරකනවා නේද?
ජනප්‍රිය වීමට පෙම්වතිය චරිතය කළයුතුයි කියලා මම හිතන්නේ නැහැ. එතැනින් එහාට විහිදුණු විවිධ චරිත තිබෙනවා කරන්න.
ඒ කියන්නේ නදීෂාට දැන් පෙම්වතිය චරිතය රඟපාන්න සුදුසු කාලය නෙවෙයි?
අපි තීරණය කරන්න ඕනෑ අපි රඟපාන්න ඕනෑ චරිත. මම දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. මට කෙල්ලගේ චරිතය රඟපාන්න බැහැනේ. මැදි වයසේ විවිධ චරිත තියෙනවා. එවැනි චරිතයකට හැඩගැසීමත් අභියෝගයක් විදියට තමයි මම හිතන්නේ. මේ දවස්වල මම ගැන ගොඩදෙනෙක් කතා කරන්නේ ‘සිඳු’ ටෙලිනාට්‍යයේ මම රඟපාන චරිතය ගැන තමයි.
ඔබේ දක්‍ෂතාවය තුළින් වේදිකාවේ හිඩැසක් දකිනවා?
ඇත්තටම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලාම නැහැ. ආරාධනා ලැබුණත් ඒ වෙනුවෙන් මට ලොකු කාලයක් යොදවන්න අපහසුයි දරුවන්ගේ වැඩකටයුතු නිසා.
ඔබේ සිඟිති දුවත් දැන් සිනමාවෙන් දක්‍ෂතා මතු කරනවා. අම්මා කෙනෙක් විදියට ඔබට මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ?
ඇත්තටම චිත්‍රපටය බලපු පළමු දවසේ මටම ඇඬුණා මගේ දුවගේ දක්‍ෂතාවය ගැන. ‘සුනාමි’ වැනි දැවැන්ත චිත්‍රපටයක් හරහා ඇයගේ දක්ෂතා මේ තරම් අඩු වයසකින් මට දැකගන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. මගේ දුව ගැන මම සතුටු වෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරයකුගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වීම.
අම්මාගේ දැනහැඳුනුම්කම් මතද දුව සිනමාවේ පුංචි තාරකාවියක් වුණේ?
ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. නමුත් ඒක නෙවෙයි ඇත්ත කතාව. ‘සුනාමි’ චිත්‍රපටයට කුඩා දරුවන් පන්සියයක් විතර කැඳවලා තිබුණා. ඒ සියලුම දෙනා අතරින් තමයි දුව තේරුණේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සතුරා පරද්දන්න විහාරමහාදේවියගෙන් සුපිරි සැලැස්මක්

Next Post

OPPO ලංකාවට ඇවිත් අවුරුදු 5යි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.