• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙක් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම නියෝජනය කරන බවත්, ඔහු ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු බවත් පසුගිය දිනවල මාධ්‍ය විසින් වාර්තා කළා. 2026 ෆිෆා පාපන්දු ලෝක කුසලානය සඳහා ඔස්ටේ්‍රලියානු ජාතික කණ්ඩායමට තේරී පත්වුණු ඔහුගේ නම නිශාන් වේලුපිල්ලේ. නිශාන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙක් විදිහටයි ඉතිහාසගත වෙන්නේ. ඔහු ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් නැත්නම් ‘වින්ග්’ ක්‍රීඩකයෙක්. ඔහු දේශීය කණ්ඩායම්වලදී මෙල්බර්න් වික්ටරි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ ප්‍රධානතම ලීග් තරගාවලියේ දක්ෂයෙකු ලෙස නම ගත්ත ක්‍රීඩකයෙක්.
ඇත්තටම නිශාන් ඉපදිලා තියෙන්නේ මෙල්බර්න් නුවර. නිශාන්ගේ පියා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙක් බවයි කියවෙන්නේ. නිශාන්ගේ මව ඇන්ග්ලෝ ඉන්ඩියන් ජාතිකයෙක්. 2024 වසරේදී ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් චීනයට එරෙහිව පැවැත්වූ තමාගේ ප්‍රථම ජාත්‍යන්තර තරගයේදීම ගෝලයක් ලබාගනිමින් ඔහු කැපීපෙනෙන දක්ෂතා දැක්වුවා. Sri Lanka Latest News

නිශාන් වේලුපිල්ලේගේ පියා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයෙක් වුණත් ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුණු බවක් සඳහන් වෙන්නේ නැහැ. නිශාන්ගේ පියාගේ නම සසිනාත් වේලුපිල්ලේ. ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැලේසියානු ජාතිකයෙක් බවයි දැනගන්න ලැබෙන්නේ. මැලේසියාවේ සිට ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වෙලා පසුව ඇන්ග්ලෝ ඉන්ඩියන් සම්භවයක් සහිත ලිලියන් සමග විවාහ වීමත් එක්ක ඔහු මෙල්බර්න් නුවර පදිංචි වෙනවා. සසිනාත් සහ ඔහුගේ පවුලේ අය නිශාන් කුඩා කල සිටම ඔස්ටේ්‍රලියාවේ ‘මෙල්බර්න් වික්ටරි’ පාපන්දු සමාජයේ නිල සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බව දැනගන්න ලැබෙනවා.

නිශාන් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ගොඩනැගීම සඳහා ඔහුගේ පියා, මව කුඩා කල සිට විශාල කැපකිරීමක් කළ බවත් සඳහන් වෙනවා. නමුත් නිශාන්ව මැලේසියානු කණ්ඩායමට බඳවා ගැනීමට උත්සාහ කරපු බවත් ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. නමුත් ඔහු මැලේසියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එක්වෙන්න සමත් වෙනවා. දැන් ඔහු මේ වසරේ ලෝක කුසලානය නියෝජනය කරනවා. සසිනාත් මහතා උපතින් මැලේසියානු ජාතිකයෙක් විදිහටයි සඳහන් වෙන්නේ. ඔහුගේ මවුපියන් හෝ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට සංක්‍රමණය වෙන්න ඇති කියලා තමයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ.

ඇත්තටම ඔහුට ශ්‍රී ලංකාවේ තියෙන ඉතා වැදගත් දෙමළ නාමයක හිමිකාරීත්වය තිබෙන නිසා තමයි ඔහු ගැන වැඩිපුරම අපිට කතාකරන්න සිද්ධ වෙන්නේ. වේලුපිල්ලේ නම අහපු ගමන් අපිට මතක් වෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා කියන්නේ ප්‍රභාකරන්ගේ උප්පත්ති නම නැත්නම් ප්‍රභාකරන්ගේ වර්ග නාමය. ඉතින් ප්‍රභාකරන්ගේ මේ උපන් නාමය වේලුපිල්ලේ වීම නිසා ඇතැම් අය හිතනවා මේ වේලුපිල්ලේ කියලා කියන්නේ ප්‍රභාකරන්ගේ නෑදෑයෙක්ද කියලා.

නමුත් එස්.ජේ. වේලුපිල්ලේ සෙල්වනායගම් කියලා ලංකාවේ හිටපු ප්‍රකට දේශපාලකයෙක්, නීතිඥයෙක් ගැන සඳහන් වෙනවා. ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම ඒ. වේලුපිල්ලේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ඉතිහාසඥයෙක්, මහාචාර්යවරයෙක්, දෙමළ සාහිත්‍ය පිළිබඳ විද්වතෙක්. ඒ වගේම වේලුපිල්ලේ අප්පාපිල්ලේ ලංකාවේ හිටපු කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක් ලෙස හඳුන්වනවා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කළා.
මේ ‘වේල්’ කියන නමින් හඳුන්වන්නේ මුරුගන් එහෙමත් නැත්නම් කතරගම දෙවියන්ගේ ආයුධය, දිව්‍යමය හෙල්ල. ඒ වගේම ‘පිල්ලේ’ යනුවෙන් හඳුන්වන්නේ දරුවා කියන එක. ඒ නිසා මුරුගන්ගේ දරුවා කියන අර්ථයෙන් තමයි වේලුපිල්ලේ කියන එක සඳහන් වෙන්නේ. කොහොම වෙතත් වේලුපිල්ලේ පරම්පරාවේ විශාල පිරිසක් ගැන සඳහන් වන නිසා මේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නෑදෑයෙක්ද කියලා අපිට හොයාගන්නට බැහැ. නමුත් යම් විදිහකට සසිනාත් වේලුපිල්ලේගේ ඥාතීන් ජීවත් වුණේ කොහෙද කියන එක ගැන හොයලා බලද්දී අපිට මේ අය අතර යම් සම්බන්ධයක් තිබුණා කියලා පිළිගන්නත් පුළුවන්.

කොහොම වෙතත් නිශාන් වේලුපිල්ලේ ශ්‍රී ලංකාවේ නම ලෝකෙට අරගෙන යන ක්‍රීඩකයෙක්. ඔහු ලංකාවේ කෙනෙකුට ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් හිමි කරගත්ත කෙනෙක්. අපි දන්නවා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කිසිවෙක් මීට පෙර ලෝක කුසලාන තරගයකදී කුමන හෝ කණ්ඩායමක් නියෝජනය කරමින් තරග වැදිලා නැහැ. ඒ අවස්ථාව ලැබුණු එකම ක්‍රීඩකයා තමයි මේ නිශාන් වේලුපිල්ලේ. ඉතින් අපි බලාගෙන ඉමු නිශාන් මොකද කරන්නේ කියලා.

නිශාන්ට ලෝක කුසලානයේදී ගෝලයක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා. ඔහු තමන්ගේ පළමු ජාත්‍යන්තර තරගයේදීම ගෝලයක් ලබාගත්ත නිසා ඔහු ගැන දැන් විශාල අවධානයක් ලෝකයේ යොමුවෙලා තියෙනවා. ඉතින් අපිටත් දැන් ලෝක කුසලාන බලන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් දැන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශීය ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා. ඒ නිසා අපිට නිශාන්වත් ලංකා කණ්ඩායමට එකතු කරගන්න පුළුවන් යුගයක් ආවොත් ඒක විශාල ජයග්‍රහණයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

Next Post

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.