• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන, රූපවාහිනී, සමාජ මාධ්‍ය ඇතුළු කිසිදු සන්නිවේදන මාධ්‍යයක් නොතිබූ නිසාය. ඒ නිසා අර සෙට් එක කියන ඕනෑම දෙයක් විශ්වාස කරන්න රජතුමාට සිදුවෙනවාය. හැබැයි ඉතින් මේවා ටක්කෙටම දැනගන්න බොහෝ විට රජවරු වෙස්වළාගෙන ගම් නියංගම්වල ඇවිද්දේය. ඒ යන ගමන් ලස්සන යුවතියක් නෙතට ගැටුණොත් තම අන්තඃපුරේ රැකියාවක් ලබාදීමටද අමතක කළේ නැත. පහුගිය දොහේ හිටපු ඇමැතිවරු රජතුමාගේ ඒ ක්‍රියාව නම් යසට අනුගමනය කළේය. හැබැයි අමාත්‍යාංශයට හදිසියේ නිත්‍යනුකූලව බිසව පැනපු වේලේ පුටු පෙරළන් අග බිසවට දුවන්න වුණේද සෞඛ්‍ය අමාත්‍යාංශයේය. කොහොම වුණත් රට වැසියන් කියන දේ රජතුමා කනට ගත්තේය. Sri Lanka Latest News

අපේ අනුර රජතුමාද දැන් ‘හැම ආසනයකටම යන්න යනවා’ කියලා ප්‍රවෘත්තියක් පළවී තිබුණේය. ධුර කාලයට අවුරුදු දෙකකුත් කිට්ටු වෙන්න යන නිසා දැන්මම යන එක ඇඟට ගුණය. හැබැයි ඉතින් මේ යන ගමනේ මුඛ්‍ය පරමාර්ථය ‘ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම’ බව කියැවේ. හැබැයි ගොයියෝ එහෙම එවුන් හිටියේ 3%කි. දැන් ඕනේ නම් ඒක 4%ක් හෝ 5%ක් විය හැකිය. නුඹව බලයට පත්කරන්න ඡන්දය දුන් ඉතිරි 58%ම ජාතික ජන බලවේගය, හෝ ජේ.වී.පී. ඡන්දදායකයන් නොවන්නේය. නිල් පාටද කොළ පාටද ඊටත් වඩා කුරහන් පාට පිළිබඳ තවත් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා ‘මුන්ටත් දීලා බලමු’ කියලා රතු පාටට ඡන්දය දුන්නේ ඒ පිරිසය.

71 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, 88, 89 භීෂණය මෙන්ම නුඹලා ආවොත් රට විනාසයි, බුදු දහම විනාසයි කියමින් විරුද්ධ පාර්ශ්වය මොන තරම් වේදිකා දෙවනත් කළද ඒවා පයිසෙකට ගණන් නොගෙන නුඹ සමග 159ක්ම බලයට ගේන්න ඡන්දය දුන්නේ ඒ මිනිසුන්ය.

හැබැයි ඉතින් එහෙම කළේ දහසක් බලාපොරොත්තු ඇතුවය. ඒ ජනතා අපේක්ෂාවන් තාමත් නිසියාකාරව සිදු නොවන බව නම් නොකියාම බැරිය. රටට මොන මඟුල කළත් ‘බඩවියතට’ හරි බෙහෙත නොදෙන්නේ නම්, ඒ ආණ්ඩුවෙන් වැඩක් නැත. නුඹේ අග්‍ර පුරෝහිතලා රොත්තක්ම ඒවාට පණ මදිය. නුඹට මේ ගම් ගානේ යන්න වෙලා තියෙන්නේ ඒ නිසාය.

හැකි නම් දින කීපයක් වෙස්වළාගෙන ත්‍රීවිලරයකට නැග ගමන් දෙක තුනක් නුඹට යා හැකි නම් රට වැසි අදහස් නිසියාකාරව නුඹේ කනටම අසාගත හැකිය. නුඹේ පුරෝහිතයන් පමණක් නොව උන්ගේ අහිංසක අම්මලාවද සිහිපත් කරන හැටි දැනගන්නට පුළුවන්ය. නුඹ නොයා හැකිනම් මහරගම ආසනය භාර නුඹේ පුරෝහිතයකුට ආසනය පුරාම නැතත් ගෙවල් කීපයකට ගියොත් හරබරට, රසබරට දැනගන්නට හැකිය. අපිරිසුදුකමේ අපායකි. මදුරු තවාන් එමටය. අලින්ටද නෑමට පුළුවන් වළවල් පාර පුරාය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උන් අහලාවත් නැති ගානය. ඒ වගේම මහනුවර නගරයට ගියහොත් ක්ලීන් ශ්‍රී ලංකාවෙන් කිලීන් වෙනවාදැයි ඇස් දෙකෙන්ම දැකගත හැකිය. රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැත්නම් වැඩ කරවා ගැනීම නුඹේ 159 වගකීමක්‍ය. නුඹ මේ පෙට්ටි 159 දාගෙන කෝච්චිය අදින්නේ නුඹේ තනි ඉන්ජිමෙන්ය. ඒ කියන්නේ නුඹේ පුරෝහිතලාද බොහෝ දෙනෙක් බුදිය. එක පාරක් දියවන්නා තරණය කළහොත් ඒ ඇතිය. ‘හිටපු මන්ත්‍රී’ කියන නාමය තිබුණොත් හොඳටම ඇති කියලා පුරෝහිතලාට හිතෙනවත් ඇති‍ය.

‘රටේ ආර්ථිකය තව ටික දවසකින් කඩා වැටේවි…’. එහෙම කියන්නේ රනිල්ය. ‘රට කරන්න දන්නේ නැහැ..’. එහෙම කියන්නේ අටවා ගත් ඒකාබද්ධ විපක්ෂයෙ විජේදාසය. ‘රට විනාශ කරනවා…’ පාඨලී එහෙම කියනවාය.

මෙහෙම කියන්නේ කාලෙන් කාලෙට එක එක ආණ්ඩුවල ලැග දැන් යන එනමං නැතුව ඉන්නා ඇවන්ගාඩ් දාසලා වගේම රාජගිරිය කේස් යටගහන්න හැදූ ගල් අඟුරු ලීලලාය. විපක්ෂය කියන ඒවාට උත්තර බඳින්න යනවාට වඩා, ආණ්ඩුව කියන කරන දේට විපක්ෂයෙන් උත්තර ලබාගැනීමට අවස්ථාව සැලසීමයි රජය උපක්‍රමශීලීව කළ යුත්තේ. එහෙම වෙන්නේ ආණ්ඩුව තම කාර්යය හරියාකාරව හරියට කළොත් පමණය. විපක්ෂයට කට උත්තර නැති වෙන්නේ එවිටය. ආණ්ඩුව කරන්න එකෙක් දෙන්නෙක් නොව 159ම නුඹ එක්ක හරි හරියට ගමන් කළ යුතුය.

දැන්වත් රූපවාහිනී සංවාදවලට යවන්න, වොයිස් කට් දෙන්න, වේදිකාවල කතා කරන්න, ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න වෙන වෙනම සෙට් එකක් හදන්න ඕනේය. 159ක් ඉන්න එකේ දහයක් පහළොවක් සොයාගැනීම නුඹට කජ්ජක්ද නොවන්නේය. මාධ්‍ය මෙහෙයුමේ ප්‍රබලත්වය වටහා ගතයුතුය.

අලුත් සෙට් එක හරියට හැදුවා නම් ‘අපේ රට අවුරුදු තිහක් විනාශ කළ ප්‍රභාකරන්ට දෙවියෝ’ කියා කතා කරපු අර්චුනා වගේ එකෙකු තම ප්‍රධාන කථිකයා ලෙසින් ගෙන ආපු පොහොට්ටුවට වගේම ‘විශ්‍රාමික සලේ මුර පදය දුන්නොත් රටේ බුද්ධි තොරතුරු එළියට එනවා’ කියන දයාසිරිලාට, වීරසේකරලාට වගේම උඩු බුරන සැමට කටඋත්තර නැති වෙන්නම උත්තර දෙන්න පුළුවන්ය.

පැරැන්නන්ගෙන් කීප දෙනෙකුගේ මුඛයන් බැඳ ටිකක් පැත්තකින් තියෙන එක ඉදිරි ගමනට නුඹට වාසිය. මොකද නුඹේ පැරැන්නෝ කියන ඇමැති මණ්ඩලයේ ඉන්න වැඩි පිරිසක් තාමත් හානවාය. හාලා නානවාය. නුඹේ වැඩ බැරිම ඩබල ලාල් සහ නාමල් දෙබෑයන්‍ය. වැඩ කරන්නේ කෙසේද කියා බිමල් සහ ප්‍රසන්නගෙන්වත් අනිත් සෙට් එකටම හයවැනි පන්තිය ලෙසින් කැලෑසියක් තිබ්බොත් යහපත්ය. මොකද අර පන්ති පහෙන් දැන් වැඩක් නෑ වගේ පේන්න තියෙනවාය.

කලින් ආණ්ඩුවටත් ගෙදර යන්න පාර කැපුවේ ගොවියන් පාරට බැහැලාය. අරුන් දෙන්නා ගොවියා වෙනුවෙන් යමක් නොකළහොත් නුඹට වෙන්නෙත් ඒකමය. අද හෙටම ගොවියා පාරට බහිනවාය. යුද්ධයද දැන් නවතින සයිස් එකට ඇවිත් නිසා දැන් කඩනමින් රට පෙර තත්ත්වයට ගේන්න යුහුසුලු විය යුතුය. එහෙම වුණා නම් නුඹලා අර කිව් ‘පොහොසත් රට’ හැදෙන්න පුළුවන්ය. රට වටේ ගිහින් රට්ටු කියන ඒවා කන පුරා අහගෙන ආවොත් ඒකත් නුඹට පහසුය.

හැබැයි ඉතින් රට පුරාම නොගොස් සෑම නාලිකාවකම…. සෑම පත්තරයකම…. ප්‍රවෘත්ති වගේම, සංවාද, කියන කරන ඒවා බලලා ඒවා හරිද වැරදිද, ඒවාට ගතයුතු විසඳුම්, දියයුතු පිළිතුරු පිළිබඳ දිනපතාම අධ්‍යයනයක් කළා නම් ආයෙ රට වටේ ගිහින් මුහුණ කළු කරගන්නත් ඕනෑ නැතිය. නුඹේ මුහුණේ නම් තාමත් එදා තිබුණු අර මහන්සි, තෙහෙට්ටු පාට තියෙනවාය. ඒ මේ ගේම නුඹට තනියම අදින්න වෙලා තියෙන නිසාය.

ඒ වුණාට ඉතින් වසන්තගේ, හඳුනාගේ, විජිතගේ, හේවගේ, සමන්තගේ, ලාල්ගේ, එරංගලාගේ පමණක් නොව ටිල්වින්ගෙත් මුහුණු දැන් පට්ට ලස්සනේ බලන්න බැරුවය. අර එදා තිබුණු කචඩ පෙනුම, කීරි ගැහිච්චි මුහුණු දැන් කොහෙත්ම පේන්ඩ නැත. ඒකට කියන්නේ පින් පාට කියලාය.

ඒක එහෙම වෙන්න ඕනේය. ඒකට අපි ඉරිසියා කරලා වැඩක් නොමැත. කලින් රට කරපු විමලේලා තාමත් රතු පාට මූණේ උලාගෙන ෆේෂල්වලින්ම ඉන්නවා නම් රට කරවන ඇත්තෝද ඉන්න ඕනේ එහෙමය. හදිසියේ හරි වෙන ආණ්ඩුවක් ඇවිල්ලා කරුමෙට හරි උළු ගනින්න යන්න වුණොත් ආයේ ඉතින්, මේකප් සේදීලා පරණ ගානටම එනවාය. එහෙම නොවෙන්න වැඩ කරතියි කියලා අපි තාමත් හිතනවාය.

නුඹව අයින් කරලා ආයෙ ගේන්න එකෙක් පේනතෙක් මානෙකවත් නොමැත. පරණ හොරු නැවත ගේන්න මිනිස්සු සුදානම්ද නැත. විපක්ෂය ආණ්ඩුව ගන්න කරන මේ දැඟලිල්ලට වඩා, අමාරුවෙන් අතට ගත්තු මේ ආණ්ඩුව කටට දාගන්න එක තියෙන්නේ නුඹේ අතේමය. නුඹෙන් මේක ගිලිහී වැටුණොතින් ලංකාවේ ඡන්ද පෝලිමට යන පිරිස දෙකෙන් පංගුවක්ම අඩුවෙනවාය. ඒ නිසා රට වටේම ගොහින් තොරතුරු ගන්න එක එක අතකින් හොඳය.

ෂර්ලි අනිල් ද සිල්වා

SendShareShare
Previous Post

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

Next Post

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

MORE NEWS

නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News
Exclusive

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

රුපියල් මිලියන 3.9ක වියදමක් දරා සිදුකළ වනසත්ත්ව සංගණනයේ ප්‍රතිඵල මෙතෙක් අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ...

Read more
අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.