ඩීමෝහි කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා වූ DIMO Agribusinesses, සිය කෘෂි කාර්මික පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයට ව්‍යාප්ත කරමින් එහි තුන්වැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පසුගියදා ලිඳුල ප්‍රදේශයේ විවෘත කර තිබේ.
කඳුරට තෙත් කලාපයේ, හැටන්-නුවර එළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අක්කර 25ක මෙම බහු-කාර්ය මධ්‍යස්ථානය තේ වගාවකින්, වගා උමංවලින්, හතු හා එළවළු නිෂ්පාදන/සැකසුම් අංගනවලින්, වියළි හා සිසිල් ගබඩා පහසුකම්වලින් මෙන්ම පටක රෝපණ පර්යේෂණාගාරයකින් ද සමන්විතය.
DIMO Agribusinessesහි පළමු කෘෂි තාක්ෂණික උද්‍යාන ද්විත්වය, මූලික වශයෙන් පර්යේෂණ කටයුතු, බීජ නිෂ්පාදනය, ගොවීන් දැනුවත් කිරීම හා පුහුණු ක්‍රියාකාරකම් සිදු කරමින්, මැද රට දඹුල්ල ප්‍රදේශයේත් පහතරට නිකවැරටිය ප්‍රදේශයේත් පිහිටා තිබේ. කෘෂි ක්ෂේත්‍රය ආශ්‍රිත අගය එකතු කළ භාණ්ඩ වෙළෙඳ පොළට ප්‍රවිෂ්ට වීම සඳහා මෙම තාක්ෂණික උද්‍යාන එකතු කිරීමේ, නිෂ්පාදනයේ හා ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ලෙසින් යොදා ගනු ලබයි.
“කෘෂි ක්ෂේත්‍රයේ අගය එකතු කරන ලද ව්‍යාපාර වෙතට යොමු වීමේ තවත් පියවරක් වන නිසාම මෙය ආඩම්බරයට පත් විය හැකි මොහොතක්.” යනුවෙන් ඩීමෝහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.











