ඩ්රයිව්ග්රීන් ජාලය මෙරට වාහන දුම් පරීක්ෂණ ක්රියාවලිය තුළ පෙරමුණ ගැනීමට එහි විනයගරුක සහ ආචාරශීලී කාර්යමණ්ඩලය ප්රධාන සාධකයක් බවට පත්ව ඇති බව, එම ආයතනය මෑතකදී සිදුකළ පාරිභෝගික ප්රතිචාර සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
විශේෂයෙන්ම ඩ්රයිව්ග්රීන්හිදී තමන්ට හිමිවන සුහදශීලී සේවාව, තම වාහන දුම් පරීක්ෂාව සඳහා එම ආයතනයම තෝරාගැනීමට හේතු වූ බව එම සමීක්ෂණයට එක්වූ ඩ්රයිව්ග්රීන් පාරිභෝගිකයින් අතුරින් බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණි.
“මුලින්ම කිව යුතුයි, වාහන දුම් පරීක්ෂාව කියන්නේ ඉතාම අගය කළ යුතු වැඩක්. ඩ්රයිව්ග්රීන් ආයතනයේ මේ වැඩපිළිවෙළ ඉතාම හොඳයි. හැම වාහනයක්ම දැන් දුම් පරීක්ෂණ ක්රියාවලියට යටත් නිසා වායුගෝලීය ගුණාත්මකභාවය සෑහෙන දුරකට දියුණු වෙලා කියලා මම හිතනවා. ඉස්සර නම් පාරෙ යන්න බැරි තරම් පාර පුරාම වාහන දුම. දැන් නම් එහෙම තත්ත්වයක් නැහැ” එම සමීක්ෂණයට සහභාගි වූ මාවතගම පදිංචි පළපුරුදු රියැදුරු මහතෙකු වන එස්.එම්.එස්. සෙනෙවිරත්න (51) මහතා පැවසීය.
“ඉතාම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඔවුන් සතුයි. අපිව රස්තියාදු නොකර ඉතාම ඉක්මනින් සේවා සලසනවා” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.











