ලොව පුරා ජනප්‍රිය ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 5ක් සම්පූර්ණ කරයි. සමාජ මාධ්‍ය පිළිබඳ වැඩි උනන්දුවක් සහිත නව පරපුරේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් 2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ OPPO මේ වනවිට නවීනතම තාක්ෂණය සහිත, සහනදායී මිල ගණන්වලින් යුත් දුරකථන හඳුන්වා දෙමින් සියලුම වයස් කාණ්ඩවල පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගනිමින්, මෙරට ජනප්‍රියම දුරකථන සන්නාමයක් බවට පත්වී සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xinda Lanka (පුද්.) සමාගමේ (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසීය. “පසුගිය වසර පහේදී ශ්‍රී ලංකාව තුළ අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඒ සම්බන්ධයෙන් අපගේ බෙදාහැරීම් නියෝජිතයන්ට හා ව්‍යාපාරික හවුල්කරුවන්ට මෙන්ම අප කෙරෙහි විශ්වාසය රැඳවූ අපගේ හිතවත් පාරිභෝගිකයන් සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.”
ශ්‍රී ලංකාව තුළ OPPO අත්පත් කරගත් සුවිශේෂීම ජයග්‍රහණවලින් එකක් වන්නේ, ජනප්‍රිය තාක්ෂණ හා ජංගම දුරකථන එකමුතුවක් වන ‘ඇන්ඩ්‍රොයිඞ් වැඩකාරයෝ’ විසින් 2018 වසරේදී පවත්වන ලද සමීක්ෂණයකදී වසරේ ජනප්‍රියම ජංගම දුරකථන සන්නාමය ලෙස ඇගයීමට පාත්‍ර වීමයි.
පසුගිය වසර 5ක කාලය තුළ F Series සහ Reno Series දුරකථන මෙන්ම මූලික හා මධ්‍යම මිල පරාසවලට අයත් A series දුරකථන මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට OPPO කටයුතු කළේය. ජාත්‍යන්තර නිරූපණ ශිල්පිනියන්, බොලිවුඞ් තරු මෙන්ම ශ්‍රී ලාංකීය තරු රාශියක් විවිධ අවස්ථාවලදී සන්නාම තානාපතිවරුන් ලෙස සහ තවත් නොයෙක් ආකාරයෙන් OPPO සමග සමීපව කටයුතු කර තිබේ.











